The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකානු වීසා ප්‍රශ්න මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු පිල මෙක්සිකෝවට ගොඩ බසී

T

The Leader Desk

June 8, 2026 • 1:56 PM

අමෙරිකානු වීසා ප්‍රශ්න මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු පිල මෙක්සිකෝවට ගොඩ බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමග යුද වැදී සිටින 2026 ලෝක කුසලාන පාපන්දු සත්කාරක රටක් වන අමෙරිකාව සමග තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න හා ඉරාන නියෝජිත පිරිසේ සාමාජිකයින් කිහිප දෙනෙකුට වීසා ලබා නොදීම මධ්‍යයේ ඉරාන පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවේ ටියවානා නගරයට ඊයේ ගොඩබැස්සා.
  • ඉරාන කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට අමෙරිකාව වීසා ලබා දී තිබුණ ද, කණ්ඩායමේ කළමනාකරණ හා පරිපාලනයේ ප්‍රධාන සාමාජිකයින් ද ඇතුළත් ආධාරක කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකුට වීසා නිකුත් කර නැතැයි ඉරාන පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.
  • ඔවුන් අමෙරිකාවේ ක්‍රීඩා කරන අවස්ථාව පැමිණි විට එය සත්කාරක රටක් තමන් යුද්ධ කරමින් සිටින රටක කණ්ඩායමක් තම භූමියට වැද්ද ගන්නා පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වනු ඇති.
  • ඉරාන කණ්ඩායම මෙක්සිකෝව ට පිටත්ව යාමට පෙර දිනයේදී ක්‍රීඩකයින්ට ඔවුන්ගේ අමෙරිකානු වීසා බලපත්‍ර ලැබුණු බව තුර්කියේ සිටින අමෙරිකානු රාජ්‍ය නියෝජිත ටොම් බැරක් ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

අමෙරිකාව ට ඇතුළු වීම සඳහා වීසා ලැබීම අවිනිශ්චිතව තිබූ තත්ත්වයක් යටතේ ඉරාන කණ්ඩායම අවසන් මිනිත්තුවේදී ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරයේ සිට ටියවානා නගරයට තමන්ගේ ලෝක කුසලාන කඳවුර වෙනස් කර ගත්තා.

ඉරාන කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට අමෙරිකාව වීසා ලබා දී තිබුණ ද, කණ්ඩායමේ කළමනාකරණ හා පරිපාලනයේ ප්‍රධාන සාමාජිකයින් ද ඇතුළත් ආධාරක කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකුට වීසා නිකුත් කර නැතැයි ඉරාන පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.

ඉරාන කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන මූලික තරග සියල්ල අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුන ද, ඔවුන් කඳවුරු බැඳ ගන්නේ මෙක්සිකෝවේ.

ඔවුන් අමෙරිකාවේ ක්‍රීඩා කරන අවස්ථාව පැමිණි විට එය සත්කාරක රටක් තමන් යුද්ධ කරමින් සිටින රටක කණ්ඩායමක් තම භූමියට වැද්ද ගන්නා පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වනු ඇති.

MediaFile 20260607 202635 826
ඉරානයේ පාපන්දු කණ්ඩායම ඇන්ටාලියා නගරයේ පුහුණු කඳවුරක සති තුනකට ආසන්න කාලයක් ගතකළේ තුර්කියේ සිටි එම කාලය ලෝක කුසලාන සත්කාරක රටවල් තුනෙන් වීසා ලබා ගැනීමේ කටයුතුවලට යොදා ගනිමින්.

ඉරාන කණ්ඩායම මෙක්සිකෝව ට පිටත්ව යාමට පෙර දිනයේදී ක්‍රීඩකයින්ට ඔවුන්ගේ අමෙරිකානු වීසා බලපත්‍ර ලැබුණු බව තුර්කියේ සිටින අමෙරිකානු රාජ්‍ය නියෝජිත ටොම් බැරක් ප්‍රකාශ කළා.

එහෙත් කළමනාකරණ හා පරිපාලන කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට වීසා ප්‍රතික්ෂේප කළ බව තුර්කියේ තිබෙන ඉරාන තානාපති කාර්යාලය කියා තිබෙනවා.

ක්‍රීඩකයින්ට ලබා දී තිබෙන වීසා බලපත්‍රවල කොන්දේසිවලට අනුව ඉරාන කණ්ඩායම ඔවුන්‌ගේ තරග පැවැත්වෙන දිනයේ පමණක් අමෙරිකාව ට ඇතුළු වී එදිනම ඉන් පිටව යා යුතු බවට දැනුම් දී ඇතැයි මෙක්සිකෝවේ සිටින ඉරාන තානාපතිවරයා පවසනවා. “අපි උදේට ඇවිත් එදාම පිටත්ව යා යුතුයි” ඉරාන තානාපති වාර්තාකරුවන්ට කියා තිබෙනවා.

මෙය ඉරාන පාපන්දු කණ්ඩායමේ ප්‍රකාශකයා මීට කලින් එරට රාජ්‍ය රූපවාහිනියෙන් කියා සිටි දේවල් සමග පරස්පර වනවා.

“ජාතික කණ්ඩායමට නිකුත් කර තිබෙන්නේ බහු-වීසා බලපත්‍ර. ජාතික කණ්ඩායම පළමු තරගයට දවසකට කලින් තරගය පැවැත්වෙන ස්ථානයට එනවා. අනෙක් තරග වෙනුවෙන් ඒ ඒ තරගයට දින දෙකකට කලින් කණ්ඩායම එනවා” යනුවෙන් ඉරාන ප්‍රකාශකයා කියා තිබුණා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නීතිවලට අනුව කණ්ඩායමක පුහුණුකරුවා තරගයකට පෙර දිනයේ එය පැවැත්වෙන ක්‍රීඩාංගණයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය යුතු වනවා.
XQQL7S6LEVCVVXU4L5DN33TEZQ
මේ අතර, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් ට ද අමෙරිකාව වීසා දී නැතැයි වාර්තා වනවා. මෙය ක්‍රීඩාවට දේශපාලනය ඇඟිලි ගැසීමේ නරක ම අවස්ථාවක් බව ඔහු කියා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වන අමෙරිකානු පරිපාලන නිලධාරියා, ක්‍රීඩකයින් හා ඔවුන්ගේ ආධාරක සේවක මණ්ඩලයේ අවශ්‍යම නිලධාරීන් ඇතුළුව ඉරානය ට ලෝක කුසලානයේ තරග කිරීමට උවමනා වන වීසා ලබා දී ඇතැයි කියනවා.

වීසා ප්‍රතික්ෂේප වූවන් කෙරෙහි කෙළින්ම ඇඟිල්ල දික් නොකරමින් එම නිලධරයා මෙ‌සේ ප්‍රකාශ කර තිබෙනවා: “ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදීන්ව හොරෙන් අමෙරිකාවට ඇතුළු කිරීම සඳහා අපේ ක්‍රමවේදය අනිසි ලෙස භාවිත කිරීමට අපි ඉරාන කණ්ඩායමට ඉඩ දෙන්නේ නැහැ.”

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ජී’ කොටසේ සිටින ඉරානය ජූනි 15 හා 21 දිනවල නවසිලන්තය හා බෙල්ජියම සමග ලොස් ඇන්ජලීස් හි තරග කරන අතර ජූනි 26 වැනිදා සිඇට්ල් හිදී ඊජිප්තුව ට එරෙහිව තරග වැදීමට නියමිතයි.
 
warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...