The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත පාපන්දු කණ්ඩායම එන්නට පෙර කැන්සාස් නුවර ලේ වැගිරෙයි: නව දෙනෙකුට වෙඩි ප්‍රහාර!

T

The Leader Desk

June 10, 2026 • 2:41 PM

එංගලන්ත පාපන්දු කණ්ඩායම එන්නට පෙර කැන්සාස් නුවර ලේ වැගිරෙයි: නව දෙනෙකුට වෙඩි ප්‍රහාර!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ මිසුරී ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ තිබෙන එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුරේ සිට මිනිත්තු කිහිපයක දුරින් ඇතිවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙක් තුවාල ලැබුවා.
  • සිද්ධියෙන් තුවාල ලබා සිටි වැඩිහිටි කාන්තාවන් තිදෙනෙක් වහාම රෝහලට රැගෙන යනු ලැබූ අතර වෙඩි වැදුනු වැඩිහිටියන් නව දෙනා විවිධ නාගරික රෝහල් වෙත ගෙන ගිය බව කැන්සාස් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
  • මේ සියලු දෙනාටම ඇත්තේ ජීවිත තර්ජන නැති තුවාල බව වාර්තා වනවා.
  • සිද්ධිය ඇතිවුනේ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා කැන්සාස් නගරයට ඒමට නියමිත දිනයට දවස් කිහිපයක් තිබියදී.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ පුහුණු කඳවුර හා හෝටලය බවට පත්වන ස්ථානයේ සිට සැතපුම් හතරක පමණ දුරින් සෙනසුරාදා පෙරවරු 4.00 ට පමණ සිදුවූ මේ වෙඩි තැබීමෙන් පසුව පොලිසිය කැඳවනු ලැබුවා.

සිද්ධියෙන් තුවාල ලබා සිටි වැඩිහිටි කාන්තාවන් තිදෙනෙක් වහාම රෝහලට රැගෙන යනු ලැබූ අතර වෙඩි වැදුනු වැඩිහිටියන් නව දෙනා විවිධ නාගරික රෝහල් වෙත ගෙන ගිය බව කැන්සාස් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ සියලු දෙනාටම ඇත්තේ ජීවිත තර්ජන නැති තුවාල බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.

සිද්ධිය ඇතිවුනේ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා කැන්සාස් නගරයට ඒමට නියමිත දිනයට දවස් කිහිපයක් තිබියදී. ඔවුන් දැනට ෆ්ලොරිඩාවේ රැඳී සිටින්නේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අවසන් පුහුණුවීම්වල නිරත වෙමින්. කණ්ඩායම කැන්සාස් නගරයට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන සෙනසුරාදා (13).

එංගලන්තය ට අමතරව තවත් ප්‍රධාන ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් වන ආජන්ටිනාව හා නෙදර්ලන්තයේ ක්‍රීඩකයින් ද නැවතී සිටින්නේ කැන්සාස් නගරයේ.
මේ වෙඩි තැබීමෙන් නැවත වතාවක් මතුකර දක්වා තිබෙන්නේ අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය යි. 2025 වසර තුළ 400කට වැඩි සමූහ වෙඩි තැබීම් එරටින් වාර්තා වී තිබෙනවා.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...