The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝකය කැලැඹී තිබියදී ලෝක කුසලාන තරගාවලියක් ඇරඹේ

T

The Leader Desk

June 11, 2026 • 4:11 PM

ලෝකය කැලැඹී තිබියදී ලෝක කුසලාන තරගාවලියක් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග ප්‍රවේශ පත්‍රවල අධික මිල ගණන් සහ ක්‍රීඩා ලෝලීන්ට, ඉහළම තරග විනිසුරුවරයෙකුට හා කණ්ඩායම් නිලධාරීන්ට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කළ දරුණු ආගමන ප්‍රතිපත්ති පිළිබඳව වැඩි වෙමින් තිබෙන කෝපය අභිභවා පෘථිවියේ මහා පාපන්දු මංගල්‍යයේ ආකර්ෂණය නැගී සිටිනු ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට තිබෙන විශ්වාසයෙන් යුතුව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද මධ්‍යම රාත්‍රියේ (ශ්‍රී ලංකා වේලාවෙන් හෙට, ජූනි 12 පෙරවරු 12.30) ආරම්භ වනවා.
  • මාධ්‍ය සාකච්ඡාවේදී ඉන්ෆන්ටීනෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ද සෘජුව ආරක්ෂා කරමින්, 79 හැවිරිදි ට්‍රම්ප් නැතිව ලෝක කුසලාන තරගාවලියක් අමෙරිකාවේ පැවැත්වීම අපහසු දෙයක් වීමට ඉඩ තිබුණු බව කියා සිටියා.
  • මයාමි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආටන් තරග විනිසුරුවරයාගෙන් පැය 11ක් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව අමෙරිකාවෙන් නෙරපා හැරීම සිදුවුනේ මේ මාධ්‍ය සාකච්ඡාවට පැය කිහිපයකට පෙර.
  • ආටන් ආපසු හරවා යැවුනේ ඔහු සිය රටේ සිටින ත්‍රස්තවාදීන් සමග සබඳතා තිබෙන බවට අමෙරිකානු නිලධාරියෙකු විසින් කරනු ලැබූ දෝෂාරෝපණයෙන් පසුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට ඇහුම්කන් දෙන විට මේ තරගාවලිය වටා මෑත දිනවල හටගත් මතභේදයන් නොවැදගත් යැයි කෙනෙකුට සිතෙනවා.


HKJHE6kasAA yed                                          Ayman Hussein
ඉන්ෆන්ටීනෝ ට අනුව, ඔහුගේ එක් තරග විනිසුරුවරයෙකුට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කිරීම හෝ ඉරාක කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක අයුමන් හුසේන් ට රටට ඇතුළු වීමට අවසර දීමට පෙර චිකාගෝ ගුවන්තොටුපලකදී ඔහුව පැය ගණන් රඳවාගෙන ප්‍රශ්න කිරීම වැදගත් කාරණා නෙවෙයි.

ඉරාන කණ්ඩායමට ඔවුන්ගේ ලෝක කුසලාන කඳවුර මෙක්සිකෝව ට වෙනස් කිරීමට සිදුවීම, ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ගේ සියලුම ප්‍රවේශ පත් අමෙරිකානු බලධාරීන් විසින් අවලංගු කිරීම හා ඉරාන සංචිතයේ සාමාජිකයින්ට වීසා ප්‍රතික්ෂේප කිරීම ද ගණන් ගත යුතු ප්‍රශ්න නෙවෙයි.


Omar Artan                                             Omar Artan
මේ අභියෝගයන් හමුවේ FIFA වෙනුවෙන් නැගී සිටීමටත්, සිය ක්‍රීඩා දිවියේ උත්කෘෂ්ට මොහොත තමන්ගෙන් උදුරා ගැනීමකට ලක්වූ සෝමාලියාවේ තරග විනිසුරු ඕමාර් ආටන් (Omar Artan) වෙනුවෙන් පෙනී සිටීමටත් ඉන්ෆන්ටීනෝ ට හොඳම අවස්ථාවක් උදාවුනේ තරගාවලිය ආරම්භ වීමට පෙර දින මෙක්සිකෝ නගරයේ අස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර එය හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් අමෙරිකානු රජයට අප්‍රසාදය පළ කිරීමට නොහැකි නම් එය විවේචනය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට ඉන්ෆන්ටීනෝ ට එහිදී අවස්ථාව ලැබුණා. නමුත්‌ මේ කිසිවක් සිදුවුනේ නැහැ.

ලෝක පාපන්දු ප්‍රධානියාට අනුව, අප්‍රිකාවේ අංක එකේ තරග විනිසුරුවරයා ආපසු හරවා යැවීම “අවාසනාවන්ත” සිදුවීමක් පමණයි.

මාධ්‍ය සාකච්ඡාවේදී ඉන්ෆන්ටීනෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ද සෘජුව ආරක්ෂා කරමින්, 79 හැවිරිදි ට්‍රම්ප් නැතිව ලෝක කුසලාන තරගාවලියක් අමෙරිකාවේ පැවැත්වීම අපහසු දෙයක් වීමට ඉඩ තිබුණු බව කියා සිටියා.

skysports gianni infantino 7270331
මයාමි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආටන් තරග විනිසුරුවරයාගෙන් පැය 11ක් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව අමෙරිකාවෙන් නෙරපා හැරීම සිදුවුනේ මේ මාධ්‍ය සාකච්ඡාවට පැය කිහිපයකට පෙර. ඉන්ෆන්ටීනෝ මේ සාකච්ඡාවට පැමිණෙද්දී ඔහුගෙන් අසන ප්‍රශ්න මොනවාදැයි ඔහු හොඳින් දැන සිටීම පුදුමයක් නෙවෙයි. ආටන් ආපසු හරවා යැවුනේ ඔහු සිය රටේ සිටින ත්‍රස්තවාදීන් සමග සබඳතා තිබෙන බවට අමෙරිකානු නිලධාරියෙකු විසින් කරනු ලැබූ දෝෂාරෝපණයෙන් පසුවයි.


“සෝමාලියාවේ තරග විනිසුරුට සිදුවූ දෙය අවසනාවන්ත සිද්ධියක්” ඉන්ෆන්ටීනෝ කියා සිටියා. “නමුත්, අපි සියල්ල පාලනය කරන්නේ නැති බව නැවතත් කියන්න ඕන.”“අපි උත්සාහ කරනවා, අපි සාකච්ඡා කරනවා, අපි කතා කරනවා, අපි බලමු. සමහර විට ඔහේ සන්සුන්ව, සැහැල්ලු සිතින් ඉන්න එක ගොඩක් හොඳයි.”

මේ වචන, තමන්ගේ ලෝක කුසලාන සිහිනය මිය යනු දැකීමෙන් පසුව ඊයේ යළි සියරටට පැමිණි ආටන් ට නම් කිසිම සැහැල්ලුවක් ගෙන එන්නේ නැහැ.එම පාපන්දු විනිසුරු නිලධාරියාට සහාය පළ කරන වචන කිසිවක් හෝ කනගාටුව ප්‍රකාශ කිරීමක් සිදුවුනේ නැහැ. නිකම් ම “අවාසනාවන්ත” යන්න පමණයි.

dfbd7070 6286 11f1 a012 97de4dc8804e.jpg
ඉරාන කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීමට අවසර ලැබුනේ ඔවුන්ට අමෙරිකාවේ සිටිය නොහැකි බවට හා ඔවුන් මෙක්සිකෝවේ කඳවුරු බැඳගත යුතු බවට දැන්වීමෙන් පසුව පමණයි. ඊටත්, ඉරානය ඔවුන්ගේ මූලික තරග තුනට සහභාගි වන සෑම අවස්ථාවකදීම ඔවුන් පැය 24ක් ඇතුළත අමෙරිකාව ට ගොස් ආපසු පැමිණිය යුතු වනවා.

‌‌මේ අතර, ස්කොට්ලන්ත ආධාරකරුවන් පිරිසකගේ අමෙරිකාව ට ඇතුළු වීමේ බලපත්‍ර අන්තිම මොහොතේදී අමෙරිකානු ආගමන නිලධාරීන් විසින් අවලංගු කර තිබෙනවා.

ප්‍රථම වතාවට රටවල් තුනක් සමසත්කාරකත්වය දරන විශාලතම හා සංවිධාන කටයුතු අතින් වඩාත්ම සංකීර්ණ මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වාර්තාගත කණ්ඩායම් 48ක් සහ මිලියන ගණන් පාපන්දු ලෝලීන් අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝව ට පැමිණෙනවා.

තරගාවලිය ආරම්භ වන්නේ මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව අතර මෙක්සිකෝ නගරයේ සංකේතාත්මක අස්ටෙකා ක්‍රීඩාංගණයේ හෙට පෙරවරු 12.30 ට පැවැත්වෙන තරගයෙන්.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...