The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෂකිරා අස්ටෙකා පිටිය අවදි කරද්දී, ක්‍රීඩාංගණයෙන් පිටත පොලිසිය සහ විරෝධතාකරුවන් ගැටෙති!

T

The Leader Desk

June 12, 2026 • 11:00 AM

ෂකිරා අස්ටෙකා පිටිය අවදි කරද්දී, ක්‍රීඩාංගණයෙන් පිටත පොලිසිය සහ විරෝධතාකරුවන් ගැටෙති!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරෝධතා මැද ලෝක කුසලාන තරගාවලිය මෙක්සිකෝවේ ඇරඹේ
  •   එහෙත් ක්‍රීඩාංගණය ඇතුළත තත්ත්වය මෙසේ උණුසුම් වෙද්දී ඉන් පිටත කෝපය ඇවිලෙමින් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගත්තා.
  • ඊට පැය කිහිපයකට පසුව, ගුවාඩලහාරා ක්‍රීඩාංගණයේ හිස්ව තිබූ ආසන සිය ගණනක් ඉදිරියේ දකුණු කොරියාව තරගයේ දෙවැනි භාගයේ නැගී සිටිමින් ගෝල් 2-1කින් චෙක් සමූහාණ්ඩුව පැරදවීමට සමත් වුණා.
  • දීප්තිමත් තැඹිලි පාට හිසකෙස්වලින් යුතුව තමන්ගේ ජාතික කණ්ඩායමේ කහ සහ සුදු වර්ණයේ කොට සායක් පැළඳ සිටි මේ කොලොම්බියානු පොප් ගායිකාව මෙවර රඟ දැක්වූයේ 2010 වසරේ ලෝක කුසලාන පාපන්දුවේ ජනප්‍රිය “වකා වකා” ගීතයෙන් පසුව දෙවැනි ගෝලීය පාපන්දු ගීතය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ෂකිරාගේ අලංකාර ගායන රංගනයෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය ප්‍රාණවත් වීමෙන් පසුව ‌උත්සව සිරිය තවත් උණුසුම් කරමින් සත්කාරක මෙක්සිකෝව ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරගයකින් ජය ගෙන ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

මෙක්සිකෝ නගරයේ ‌ඓතිහාසික අස්ටෙකා ක්‍රීඩාංගණයේදී කෝපයෙන් හා දැඩි නොරිස්සුම් ගතියකින් පැවති මේ තරගයේදී ‘රතු’ කාඩ්පත් පෙන්වමින් ක්‍රීඩකයින් තිදෙනෙකු පිටියෙන් නෙරපා හැරුණු අතර අවසානයේ මෙක්සිකෝව ගෝල් 2-0කින් දකුණු අප්‍රිකාව පරාජය කළේ සත්කාරක රටේ පාපන්දු ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්.

2026 06 11T201716Z 1566419781 UP1EM6B1KCRPM RTRMADP 3 SOCCER WORLDCUP MEX ZAF 1024x683

 

එහෙත් ක්‍රීඩාංගණය ඇතුළත තත්ත්වය මෙසේ උණුසුම් වෙද්දී ඉන් පිටත කෝපය ඇවිලෙමින් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගත්තා.

ඊට පැය කිහිපයකට පසුව, ගුවාඩලහාරා ක්‍රීඩාංගණයේ හිස්ව තිබූ ආසන සිය ගණනක් ඉදිරියේ දකුණු කොරියාව තරගයේ දෙවැනි භාගයේ නැගී සිටිමින් ගෝල් 2-1කින් චෙක් සමූහාණ්ඩුව පැරදවීමට සමත් වුණා.

සති පහක පාපන්දු නාටකය ආරම්භ වීමට පෙර පැවති සමාරම්භක උළෙලේදී ෂකිරා සහ නයිජීරියානු රැප් ගායක බර්නා බෝයි “ඩායි ඩායි” (“Let’s Go”) නමැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හි අලුත්ම නිල ගීතය ගායනා කළා.

 

w45y44yv4ty
මේ යුවල නැටුම් කණ්ඩායමක් සමග ලෝක පාපන්දු කුසලානයේ යෝධ රන් ආකෘතියක් වටේ රංගනයේ යෙදෙන විට දර්ශනීය ගිනි කෙළියෙන් අහස පිරී ගියා.

දීප්තිමත් තැඹිලි පාට හිසකෙස්වලින් යුතුව තමන්ගේ ජාතික කණ්ඩායමේ කහ සහ සුදු වර්ණයේ කොට සායක් පැළඳ සිටි මේ කොලොම්බියානු පොප් ගායිකාව මෙවර රඟ දැක්වූයේ 2010 වසරේ ලෝක කුසලාන පාපන්දුවේ ජනප්‍රිය “වකා වකා” ගීතයෙන් පසුව දෙවැනි ගෝලීය පාපන්දු ගීතය යි.

අස්ටෙකා ක්‍රීඩාංගණය ආලෝකමත් කරමින් ෂකිරා ඇයගේ අතිශය දීප්තිමත් රංගනය ඉදිරිපත් කරද්දී පාපන්දු ලෝලීන් උන්මාදයට පත්වුණා.

එහෙත් තරගය ආරම්භ වීමට මොහොතකට පෙර, ක්‍රීඩාංගණය පිටත පරිසරය කෝපයෙන් කැළඹෙන්නට වූ බැවින් කැරලිකාර විරෝධතාකරුවන් වෙත කඩා පැනීමට පොලිසියට සිදුවුණා.

 

2026 06 11T151247Z 535729637 RC2PRLA0C77F RTRMADP 3 SOCCER WORLDCUP MEXICO PROTESTS 1024x683

ක්‍රීඩාංගණයේ පිටත ආරක්ෂක වටප්‍රමාණය ආක්‍රමණය කළ මව්වරු, මත්ද්‍රව්‍ය කාටල විසින් බලෙන් බඳවා ගත් හෝ ඝාතනය කළ බවට සැක කෙරෙන තමන්ගේ අතුරුදන් වූ ආදරණීයයන් සොයා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉතාමත් ඔ්නෑකමින් ඉල්ලා සිටියා. වැඩි වැටුප් සහ විශ්‍රාම නීතියේ වෙනස්කම් ඉල්ලන ගුරුවර ගුරුවරියන් ද මේ විරෝධතාවට එක්ව සිටියා.

මව්පියන් හා පවුල්වල සාමාජිකයින් 400ක් පමණ මෑතකදී ක්‍රීඩාංගණයට පිවිසෙන මාර්ගයක විරෝධතාවක් පැවැත්වුවා. එහිදී ඔවුන්, “පන්දුව ගෙදර එනවා, නමුත් ඔයා ගෙදර එන්නේ කවදාද?” යනුවෙන් සඳහන් බැනර ප්‍රදර්ශණය කරමින් සිටියා.

මත්ද්‍රව්‍ය කාටල ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයින් 130,000කට වැඩි දෙනෙක් අතුරුදන්ව තිබෙන බවට ගණන් බලා තිබෙනවා.

 

n87j
ගැටුම්වලදී පොලිස් අශ්වයන් ළඟිල් ගිනිදැල් පුපුරා යද්දී තත්ත්වය ප්‍රචණ්ඩත්වයට හැරුනු අතර එක් පොලිස් කාන්තාවක් හිසෙන් ලේ ගලමින් එතැනින් පිටව ගියා.

මෙක්සිකෝ නගරය මෙසේ කැලඹෙද්දී ඊට කිලෝමීටර් 551ක් දුරින් පිහිටි ගුවාඩලහාරා ක්‍රීඩාංගණයේ පැවති මෙවර ලෝක කුසලානයේ දෙවැනි තරගය වූ දකුණු කොරියාව හා චෙක් සමූහාණ්ඩුව අතර තරගයේ තිබුනේ හාත්පසින්ම වෙනස් වාතාවරණයක්.

ඔතෑනි ක්‍රීඩාවක් දිස්වූ පළමු භාගයෙන් පසුව ක්‍රීඩකයින් පිටියෙන් පිටව යද්දී නරඹන්නෝ දෙපිලටම ‘හූ’ කියමින් ඔවුන්ගේ අප්‍රසාදය පළ කර සිටියා. නමුත් දෙවැනි භාගයේදී තරගය ප්‍රාණවත් වෙමින් කොරියාවෙන් ගෝල් ද්විත්වයක් ද, චෙක් කණ්ඩායමෙන් එක් ගෝලයක් ද වාර්තා වුණා.

 

721224263 1603884278414402 2542850880512365508 n

අස්ටෙක් ක්‍රීඩාංගණයේ පළමු තරගය ආරම්භ වීමට පෙර පැවති ප්‍රසංගය ගෝලීය තරු හා ලතින් අමෙරිකානු සුපිරි තරුවලින් පිරී තිබුණු අතර ලොව වටා මිලියන ගණන් ජනතාවක් එය නැරඹූ බව වාර්තා වනවා.

තරගයට පෙර හොලිවුඩ් නිළි Salma Hayek ඇයගේ 2026 ලෝක කුසලාන පාපන්දු තානාපතිනිය ලෙස වන නිල කාරියේ යෙදෙමින්, ලොව සතර දිගින් පැමිණ සිටි කණ්ඩායම් පිළිගෙන තරගාවලිය නිල වශයෙන් විවෘත කළා.

ඇයගේ පෙනී සිටීමෙන් පසුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතළිස් අටේ ජාතික ධජ රැගත් පෙළපාළිය පැමිණියා.

 

gm9lt789
ප්‍රසංගයේ රංගනයන්ට දායක වූවන් ආදිවාසී ඇඳුම් පැළඳ සිටි අතර අනෙක් අය රත්තරං පාට ඇඳුමින් සැරසී ඔවුන්ගේ හිස මත දැවැන්ත රත්තරං පාට පාපන්දු රඳවා ගෙන සිටියා.

අතුරු සිදුරු නැතිව පිරී තිබූ ක්‍රීඩාංගණයේ සිටි 80,000ක ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේම වර්ණවත් ඇඳුම් පැළඳ සිටි අතර බොහෝ දෙනා ඇඳ සිටියේ මෙක්සිකානු කණ්ඩායමේ වර්ණ.

මෙවැනිම සමරාම්භක උළෙල දෙකක් අද අමෙරිකාව හා කැනඩාවේ පැවැත්වෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...