The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!

T

The Leader Desk

June 13, 2026 • 3:57 PM

ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණ චෝදනා සහ දේශපාලනය මැද ලෝක කුසලාන වීසා අර්බුදයක්!
  • බොස්නියා-හර්සගොවිනා සමග පැවති තරගය ගෝල් 1-1ක් ලෙස සමව අවසන් වීමෙන් දෙපිලටම ලකුණක් බැගින් ලැබුණා.
  • කැනඩාව ට ලකුණක් ලබා දෙමින් තරගයේ 78 වැනි මිනිත්තුවේදී ගෝලය ලබා ගත්තේ ආදේශ ක්‍රීඩක Cyle Larin.
  • කැනඩාව 1986 වසරේ මෙක්සිකෝවේ පැවති ලෝක කුසලානය හා මීට සිවු වසරකට ඉහත කටාරයේ පැවති 2022 ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තරග තුන ම පරාජය වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රටක් වන කැනඩාව ඔවුන්ගේ ආරම්භක තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගනිමින් ‌ෙඑතිහාසික ලකුණක් හිමිකර ගත්තා.

බොස්නියා-හර්සගොවිනා සමග පැවති තරගය ගෝල් 1-1ක් ලෙස සමව අවසන් වීමෙන් දෙපිලටම ලකුණක් බැගින් ලැබුණා.

කැනඩාව ට ලකුණක් ලබා දෙමින් තරගයේ 78 වැනි මිනිත්තුවේදී ගෝලය ලබා ගත්තේ ආදේශ ක්‍රීඩක Cyle Larin.

කැනඩාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙනී සිටින්නේ තෙවැනි වතාවට. කලින් සහභාගි වූ තරගාවලියන් දෙකේදී ම කැනඩාව ට එකම ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඔවුන් සිකුරාදා ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී ලබා ගත් ලකුණ ‌ෙඑතිහාසික වනවා. කැනඩාව 1986 වසරේ මෙක්සිකෝවේ පැවති ලෝක කුසලානය හා මීට සිවු වසරකට ඉහත කටාරයේ පැවති 2022 ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තරග තුන ම පරාජය වුණා.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රටවල් තුනෙන් එකක් ලෙසින් කැනඩාව ක්‍රීඩා කළේ ඔවුන්ගේ රටේ පැවති එදා මෙදා තුර පළමු ලෝක කුසලාන පාපන්දු තරගය.

පැරගුවේ ගෝල් 4-1කින් පරාජය කරමින් සිය ලෝක කුසලාන මෙහෙයුම සාර්ථකව ආරම්භ කළ තරගාවලියේ ප්‍රධාන සත්කාරක රට වන අමෙරිකාව ට ද ඉතිහාසගත වීමට කාරණා තිබුණා. අමෙරිකාවේ ‌ෙඑතිහාසික ත්‍රිත්ව-ගෝල පළමු භාගයේදී Folarin Balogun ගෝල් දෙකක් ලබා ගත් අතර අමෙරිකාව වසර 32කට පසුව ඔවුන්ගේ භූමියේ පවත්වන පළමු ලෝක කුසලානය ඇරඹුවේ තරගාවලියේ ඔවුන්ගේ ලොකුම ජයග්‍රහණයෙන්.

අමෙරිකානු කණ්ඩායම ඔවුන්ගේ දකුණු කැලිෆෝනියා පාපන්දු ලෝලීන්ගේ සිත් වසඟ කරගත් ආක්‍රමණශීලී ක්‍රීඩාවකින් පළමු භාගය අවසන් වන විට ගෝල් 3-0කින් ඉදිරියෙන් සිටි අතර මෙය ඔ්නෑම ලෝක කුසලාන තරගයක අමෙරිකානු කණ්ඩායමේ ලොකුම පළමු භාග පෙරමුණ වී තිබුණා. මේ තරගයේදී අමෙරිකාව ලෝක කුසලාන තරගයක ගෝල් හතරක් ලබා ගත් ප්‍රථම අවස්ථාව සනිටුහන් කළා.

ඝානාවේ ක්‍රීඩකයාට වීසා දීම කැනඩාව ප්‍රතික්ෂේප කරයි

‌මේ අතර, සෝමාලියාවේ පාපන්දු තරග විනිසුරු ඔමාර් ආර්තන් ට අමෙරිකාව වීසා ලබා නොදීමේ මතභේදාත්මක සිද්ධියෙන් පසුව කැනඩාව ඝානා කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක Thomas Partey ගේ වීසාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිටපු ‘ආසනල්’ ක්‍රීඩකයෙකු වන ඔහු කාන්තාවන් දූෂණය කිරීමේ විවිධ චෝදනා මත ලන්ඩනයේ නඩුව ඇසෙන තුරු බලා සිටිනවා. චෝදනාවලට නිවැරදිකරු බව ඔහු කියා තිබෙනවා.

ඔහු නොවැම්බරයේදී ලන්ඩන් අධිකරණයක පෙනී සිටීමට නියමිතව සිටින අතර ඔහුට මේ දූෂණය කිරීමේ චෝදනා එල්ල වී තිබෙන්නේ ඔහු එංගලන්තයේ ආසනල් පාපන්දු සමාජය සමග ගත කළ 2020-25 කාලය තුළ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන්. එම වකවානුවෙන් පසුව මේ ක්‍රීඩකයා දැන් ස්පාඤ්ඤයේ විලරෙආල් පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් සිටිනවා.

ඔහුගේ වීසා අයැදුම් පත ප්‍රතික්ෂේප කර තිබෙන්නේ කැනේඩියානු රජයෙන් බවත් වීසා ලබා දීම තීරණය කිරීම ඇතුළු තරගාවලියක සත්කාර රටක ආගමන ක්‍රමවේදයට තමන් සම්බන්ධ නොවන බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ප්‍රකාශ කර තිබෙනවා.

පලස්තීන පාපන්දු ප්‍රධානියාටත් අමෙරිකානු වීසා නෑ

වීසා සම්බන්ධ තවත් මතභේදයක් හට ගනිමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් තමන්ට අමෙරිකාවෙන් වීසා නොලැබුණු බව පලස්තීන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පවසා තිබෙනවා. Jibril Rajoub මෙසේ කියා තිබෙන්නේ ඔහු මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව අතර බ්‍රහස්පතින්දා පැවති ලෝක කුසලාන ආරම්භක තරගයට පැමිණි අවස්ථාවේ. අමෙරිකාව ට ඇතුළු වීමට අවසර ලැබෙන තුරු ඔහු තවමත් මෙක්සිකෝ නගරයේ රැඳී සිටිනවා.

පලස්තීන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබුවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලොව වටා සිටින සෑම සාමාජික ජාතික පාපන්දු සංගමයක ම ප්‍රධානීන්ට ඔවුන්ගේ මේ ගෝලීය තරගාවලියට සහභාගි වන ලෙසට ආරාධනා කරනවා.

Rajoub මෑතකදී පුවත්පත් සිරස්තල මවමින්, FIFA කවුන්සල රැස්වීම අතරතුර සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ බලවත් උත්සාහය මධ්‍යයේත් ඊශ්‍රායල පාපන්දු සභාපතිවරයා සමග අතට අත දීම හෝ ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...