The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!

T

The Leader Desk

June 13, 2026 • 3:59 PM

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමේ බූට්ස් ඇතුළු ක්‍රීඩා උපකරණ සොරකම් කිරීම නිසා ක්‍රීඩකයින් අන්දමන්දව සිටිනවා.
  • කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ කාර්ය මණ්ඩලය තමන්ගේ සුපිරි ක්‍රීඩකයින්ට බූට්ස් සොයා ගැනීමේ අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
  • කැන්සාස් හි එංගලන්ත ලෝක කුසලාන කඳවුර වන ස්වෝප් පාපන්දු ගම්මානයට  යැවීම පිණිස ‌මේ ක්‍රීඩා භාණ්ඩ ෆ්ලොරිඩා හි බටහිර පාම් බීච් නගරයේදී පැටවූ බව පැවසෙනවා.
  • මේ භාණ්ඩ අතරේ එංගලන්ත සංචිතයේ විශ්ලේෂණ උපකරණ, කණ්ඩායමේ පුහුණුකරු තෝමස් ටුකල්ගේ සුදුබෝඩ් හා මසාජ් මේස ද තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ෆ්ලොරිඩා සිට කණ්ඩායම කැන්සාස් නගරයේ ඔවුන්ගේ පුහුණු කඳවුර වෙත යන අතරතුර සොරා ගත් භාණ්ඩ අතර පාපන්දු හා පුහුණු වීමේ උපකරණ ද තිබී ඇති අතර සොරකම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එංගලන්තය ඔවුන්ගේ පූර්ව-ලෝක කුසලාන පුහුණු කඳවුර ෆ්ලොරිඩාවේ පවත්වමින් එහිදී නවසිලන්තය, කොස්ට රීකා හා දේශීය කණ්ඩායමක් වන මයාමි යුනයිටඩ් පරාජය කළා.

එහෙත් අද උදෑසන එංගලන්ත සංචිතය කැන්සාස් හි ඔවුන්ගේ හෝටලයට ගුවනින් යමින් සන්ධ්‍යාවේ පුහුණු වීමට නියමිතව තිබියදී ඔවුන්ගේ බඩු ඔවුන්ට පෙර යවා තිබෙනවා.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ කාර්ය මණ්ඩලය තමන්ගේ සුපිරි ක්‍රීඩකයින්ට බූට්ස් සොයා ගැනීමේ අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

කැන්සාස් හි එංගලන්ත ලෝක කුසලාන කඳවුර වන ස්වෝප් පාපන්දු ගම්මානයට  යැවීම පිණිස ‌මේ ක්‍රීඩා භාණ්ඩ ෆ්ලොරිඩා හි බටහිර පාම් බීච් නගරයේදී පැටවූ බව පැවසෙනවා.

මේ භාණ්ඩ අතරේ එංගලන්ත සංචිතයේ විශ්ලේෂණ උපකරණ, කණ්ඩායමේ පුහුණුකරු තෝමස් ටුකල්ගේ සුදුබෝඩ් හා මසාජ් මේස ද තිබෙනවා.

පටවන ලද බඩුවල සොරකමෙන් පසුව ඉතිරිව තිබුණේ එක පාපන්දුවක් පමණක් බව වාර්තා සඳහන් කරනවා.

ඇත්තෙන්ම සොරකම් කර තිබෙන භාණ්ඩ මොනවා ද සහ ඒවා සොරාගෙන තිබෙන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම පිණිස එංගලන්ත කාර්ය මණ්ඩලය උත්සාහ කරමින් සිටින බවට සඳහන් වනවා.

කෙසේ වෙතත්, සොරකම් කරන ලද බූට්ස් කණ්ඩායමේ සුපිරි තරු වන නායක හැරී කේන් හා ජූඩ් බෙලිංහම් ට අයත් ඒවා විය හැකි බවට අනුමාන කෙරෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...