The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා වෙයි

T

The Leader Desk

June 14, 2026 • 11:58 AM

විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක අවස්ථාවල වඩාත්ම ආසාවෙන් බලා සිටි එක් තරගයක් බවට බ්‍රසීලය හා මොරොක්කෝව අතර ගැටුම පත්ව තිබුනේ පස් වතාවක් මේ කුසලානය දිනා ගත් ශූරයින් වන බ්‍රසීලය ඉතාලි ජාතික පුහුණුකරු කාලෝ ඇන්චලොටී යටතේ නව යුගයක් ආරම්භ කරන බැවින්.
  • නෂ්ටාපේක්ෂාවේ පත්ලේ සිට කණ්ඩායම ඔසවා තැබෙන බවට පොරොන්දු දී තිබූ අතර පාපන්දු ලෝලීන් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ රොද බැඳගෙන.
  • එහෙත් බ්‍රසීල කණ්ඩායමට ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු මෙහෙයුමේ ආරම්භක රාත්‍රියේදී ප්‍රමාණවත් ශක්තියක් නොතිබුනු අතර දකුණු අමෙරිකානු පාපන්දුවේ සුවිශේෂ ලක්ෂණ ඔවුන්ගෙන් දිස්වුනේ ම නැහැ.
  • මොරොක්කෝව ට එරෙහි 2026 ලෝක කුසලාන ආරම්භක රාත්‍රියේදී බ්‍රසීලය ට මහා විනාශයකින් බේරීයාමට විනීසියස් ජූනියර් උපකාර කළා ද?
අකුරු ප්‍රමාණය (Font Size):


බලාපොරොත්තු තිබුනේ ඉතාමත් ඉහළ අඩියක. නෂ්ටාපේක්ෂාවේ පත්ලේ සිට කණ්ඩායම ඔසවා තැබෙන බවට පොරොන්දු දී තිබූ අතර පාපන්දු ලෝලීන් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ රොද බැඳගෙන.

එහෙත් බ්‍රසීල කණ්ඩායමට ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු මෙහෙයුමේ ආරම්භක රාත්‍රියේදී ප්‍රමාණවත් ශක්තියක් නොතිබුනු අතර දකුණු අමෙරිකානු පාපන්දුවේ සුවිශේෂ ලක්ෂණ ඔවුන්ගෙන් දිස්වුනේ ම නැහැ.

 

vnr68

මොරොක්කෝව පළමු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව බ්‍රසීලය ට සිදුවුනේ තරගය හඹා යාමටයි. ඒ රාත්‍රියෙන් බ්‍රසීලය බේරාගෙන ඔවුන් අනපේක්ෂිත පරාජයකින් ගලවා ගත්තේ විනීසියස් ජූනියර් නිමේෂයකින් දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවයි.

එසේ වූවත්, ක්‍රීඩා මණ්ඩපවලින් දැක්වුනු ප්‍රතිචාරයන්ට අනුව පාපන්දු ලෝලීන් ඔවුන් දුටු දෙයින් සෑහීමකට පත්ව සිටියේ නැහැ. මොරොක්කෝව ට එරෙහි 2026 ලෝක කුසලාන ආරම්භක රාත්‍රියේදී බ්‍රසීලය ට මහා විනාශයකින් බේරීයාමට විනීසියස් ජූනියර් උපකාර කළා ද? යන ප්‍රශ්නාර්ථය පාපන්දු ලෝලීන් බොහෝ දෙනාගේ මුහුණුවලින් දිස්වුණා.

මොරොක්කෝව ට එරෙහිව ගෝල් 1-1ක ජය පැරදුමින් තොර විසඳුමක් ලබා ගනිද්දී බ්‍රසීලියානු දස්කම් ප්‍රදර්ශනය වුනේ නැහැ. තරගයට පෙර දිනයේ විනීසියස් ජූනියර් මෙසේ කියා තිබුණා: “මම මෙහෙ ඇවිත් ඉන්නේ තරගාවලියේ හොඳම ක්‍රීඩකයා වෙන්න නෙවෙයි. මම ආවේ බ්‍රසීලය ට නැවත මුදුනට එන්න උදව් කරන්නයි.”

wc45y45
අවසානයේදී මේ ඉදිරි පෙල ක්‍රීඩකයා ඔහු කී පරිදිම නිව්යෝක් ක්‍රීඩාංගණයේදී කටයුතු කළා. ඔහුගේ කණ්ඩායම මොරොක්කෝව ට එරෙහිව ක්‍රීඩා කරමින් සිටියේ 1-0ක් පිටුපසින් සිටිමින්. පස් වතාවක ලෝක කුසලාන ශූරයින් නැවත තරගයට අවතීර්ණ වුනේ විනීසියස්ගේ දකුණු-පාද‌යේ හපන්කම්වලට ස්තූතිවන්ත වන්නටයි. ගෝල් දැලේ වහලයට පන්දුව එල්ල කර තරගයේ සම තත්ත්වයට පිවිසීමත් සමග විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා බවට පත්වුණා.

බ්‍රසීල පාපන්දු කණ්ඩායම මේ තරගයේදී දිස්වුනේ ඔවුන් ජනප්‍රියව සිටින දක්ෂතාවන්ගේ අඳුරු සෙවණැල්ලක් ලෙසිනුයි. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් මෙයින් අධෛර්යයට පත් නොවනු ඇත්තේ මීට සිවු වසරකට පෙර කටාර් දේශයේදී සෞදි අරාබිය ට සිය පළමු තරගයෙන්ම පරාජය වූ ආජන්ටිනාව අවසානයේදී ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳූ බැවින්.

b46u66666666666u7786

 

මේ තරගයේදී බ්‍රසීලය 1934 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියක තමන්ගේ ආරම්භක තරගයේ පරාජයක බිය ආසන්නයට ම පැමිණියා. තම කණ්ඩායමෙන් බලාපොරොත්තු වුනේ මේ ආකාරයේ ක්‍රීඩාවක් නොවන බවට පුහුණුකරු ඇන්චලොටී පිළිගන්නවා.

“අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ, නමුත් අපට මෙයින් අධෛර්ය වෙන්න බැහැ. මේක ලෝක කුසලානයේ පළමු තරගය නිසා පටන් ගත්ත ගමන් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරාවි කියා අපට බලාපොරොත්තු වෙන්න බැහැ” යනුවෙන් ඔහු කියා සිටියා.

“දෙවැනි තරගයේ ඉඳන් අපි ඉදිරියට යනවා. ඔබේ පළමු තරගයේ ක්‍රීඩාව පාදක කරගෙන ඔබ ලෝක කුසලානයක් දිනන්නේ නැහැ!”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා වෙයි | The Leader