The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කටාර් පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මොහොත...

T

The Leader Desk

June 14, 2026 • 3:24 PM

කටාර් පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මොහොත...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්විට්සලන්තය විස්මයට පත් කරමින් ගෝල් 1-1කින් සමව තරගය අවසන් කළ කටාර් දේශය ලෝක කුසලාන පාපන්දු තරගයක එදා මෙදා තුර
  • තරගයේ පළමු භාගයේදී පෙනල්ටියක් මගින් ඉදිරියට පැමිණි ස්විට්සලන්ත කණ්ඩායම තරගය පුරාම ඔවුන්ගේ අණසක පතුරුවා තිබුණේ එය එක් පැත්තකට පමණක් සීමා වූ තරගයක් බවට පත්කර ගනිමින්.
  • එහෙත් කටාරය 94 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ස්විට්සලන්ත කණ්ඩායම විස්මයට පත් කළා.
  • කටාර් රාජ්‍යය මීට සිවු වසරකට පෙර ලෝක කුසලාන පාපන්දු සත්කාරක රට ලෙසින් අනවශ්‍ය වාර්තා ගණනාවක් ගොඩ ගසා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ පළමු ලකුණු ලබා ගත්තා. කටාර් කණ්ඩායම තරගයේ සම තත්ත්වයට පැමිණියේ අවසන් මිනිත්තුවලදී ගෝලයක් ලබා ගනිමින්.

තරගයේ පළමු භාගයේදී පෙනල්ටියක් මගින් ඉදිරියට පැමිණි ස්විට්සලන්ත කණ්ඩායම තරගය පුරාම ඔවුන්ගේ අණසක පතුරුවා තිබුණේ එය එක් පැත්තකට පමණක් සීමා වූ තරගයක් බවට පත්කර ගනිමින්. එහෙත් කටාරය 94 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ස්විට්සලන්ත කණ්ඩායම විස්මයට පත් කළා.

කටාර් රාජ්‍යය මීට සිවු වසරකට පෙර ලෝක කුසලාන පාපන්දු සත්කාරක රට ලෙසින් අනවශ්‍ය වාර්තා ගණනාවක් ගොඩ ගසා ගත්තා.

ආරම්භක තරගය පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්වූ ඔවුන් තරග දෙකකින් පසුව තරගාවලියෙන් ඉවතට විසිවුනු පළමු කණ්ඩායම මෙන්ම සියලු තරග තුන ම පරාජයට පත්වූ පළමු කණ්ඩායම ලෙසින් ද ඉතිහාසගතව තිබුණා.

එක ගෝලයක් ලබා ගෙන ගෝල් හතක් ලබා දුන් කටාර් කණ්ඩායම එම තරගාවලියේ සංඛ්‍යානමය වශයෙන් දුර්වලම කණ්ඩායම බවට පත්ව තිබුණා.

සෙනසුරාදා තරගයේත් වැඩි වේලාවක් ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වුනේ එවැනිම දුර්වල ක්‍රීඩාවක්. දැල වෙත පන්දුව එල්ල කළ වාර ගණන, කෝනර්ස් හා අපේක්ෂිත ගෝල් යන මේ සෑම මීටරයකම දිස්වුනේ ස්විට්සලන්තයේ ආධිපත්‍යය. එසේ තිබියදීත් කෙ‌සේ හෝ, සියලු පාපන්දු තර්ක ශාස්ත්‍රවලට එරෙහිව Boualem Khoukhi දැල තුළට හිසෙන් පන්දුව එල්ල කරමින් වාර්තා කළ ගෝලය කටාර් දේශයට ඔවුන්ගේ පාපන්දු ඉතිහාසයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ මොහොත ලබා දුන්නා.

ස්කොට්ලන්තය හා ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි දිනයේ පැවති තවත් තරග දෙකකදී ස්කොට්ලන්තය හා ඔස්ට්‍රේලියාව ජයග්‍රහණ වාර්තා කළා.

තියුණු තරගයකින් ස්කොට්ලන්තය ගෝල් 1-0කින් හයිටි කණ්ඩායම පරාජය කළ අතර ඔස්ට්‍රේලියාව ගෝල් 2-0කින් තුර්කිය පරාජය කළා.

එංගලන්ත කණ්ඩායමෙන් සොරකම් කළ බඩු සොයා ගනී

මේ අතර, එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමෙන් සොරකම් කළ බූට්ස්, පාපන්දු, ක්‍රීඩා උපකරණ, සම්බාහන මේස හා පුහුණුකරුගේ උපායමාර්ග සටහන් කරන සුදුබෝඩ් ආදිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

කණ්ඩායම ෆ්ලොරිඩා සිට ඔවුන්ගේ නව කඳවුර වන කැන්සාස් නගරයේ ස්වෝප් පාපන්දු ගම්මානය වෙත කිලෝමීටර් 1,400ක් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය සොරුන් විසින් කොල්ලකාගෙන තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...