The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා වෙමින් මෙසී ඉතිහාසයේ වැඩිම සම ගෝල්ලාභියා වෙයි

T

The Leader Desk

June 17, 2026 • 10:43 AM

ලෝක කුසලාන ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා වෙමින් මෙසී ඉතිහාසයේ වැඩිම සම ගෝල්ලාභියා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා ලෙස ක්ලෝසා සමඟ සම වෙයි!
  • ඇල්ජීරියාව 3-0කින් පරදවා ආජන්ටිනාව කුසලානය රැක ගැනීමේ මෙහෙයුම ජයෙන් අරඹයි!
  •   සිය රට වෙනුවෙන් තමන්ගේ 200 වැනි තරගයට සහභාගි වූ මෙසී වාර්තා කළේ ඔහුගේ පළමු ලෝක කුසලාන ගෝල් ත්‍රිත්වය යි.
  • ලෝක පාපන්දු කුසලානය සාර්ථකව රැකගත් තෙවැනි රට බවට පත්වීම ඉලක්ක කරගෙන සිටින තෙවරක් ලෝක ශූරයින් වූ ආජන්ටිනාව එම කුසලානය රැක ගන්නා කණ්ඩායම ලෙස ලෝක කුසලාන තරගාවලියක ඔවුන්‌ගේ ආරම්භක තරගය ජය ගත්තේ පළමු වරටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රොනාල්ඩෝ පරදා ලෝක කුසලාන 6ක් ක්‍රීඩා කළ පළමු වැන්නා සහ වයස්ගතම ‘හැට්-ට්‍රික්’ ශූරයා මෙසී වෙයි!

ඇල්ජීරියාව 3-0කින් පරදවා ආජන්ටිනාව කුසලානය රැක ගැනීමේ මෙහෙයුම ජයෙන් අරඹයි!


ලෝක පාපන්දු කුසලානයේ හිමිකරුවන් වන ආජන්ටිනාව ඔවුන්ගේ කුසලානය රැක ගැනීමේ මෙහෙයුම ඇල්ජීරියාව ට එරෙහි ගෝල් 3-0ක ජයග්‍රහණයකින් ආරම්භ කරද්දී ලයනල් මෙසී එම ගෝල් තුන ම ලබා ගනිමින් (හැට්-ට්‍රික්) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියාගේ සම තත්ත්වයට පිවිසියා.

 

messi 893
සිය රට වෙනුවෙන් තමන්ගේ 200 වැනි තරගයට සහභාගි වූ මෙසී වාර්තා කළේ ඔහුගේ පළමු ලෝක කුසලාන ගෝල් ත්‍රිත්වය යි.

මෙමගින් ඉතිහාසයේ නව පිටුවක් පෙරලුනේ අට වතාවක ‘බැලන් ඩෝ’ සම්මානලාභී මේ ක්‍රීඩකයා ඔහුගේ ලෝක කුසලාන පාපන්දු ගෝල් එකතුව 16 දක්වා ඉහළ නංවමින් ජර්මනියේ මිරොස්ලව් ක්ලෝසා (Miroslav Klose) සමග සම වූ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින්.

ලෝක පාපන්දු කුසලානය සාර්ථකව රැකගත් තෙවැනි රට බවට පත්වීම ඉලක්ක කරගෙන සිටින තෙවරක් ලෝක ශූරයින් වූ ආජන්ටිනාව එම කුසලානය රැක ගන්නා කණ්ඩායම ලෙස ලෝක කුසලාන තරගාවලියක ඔවුන්‌ගේ ආරම්භක තරගය ජය ගත්තේ පළමු වරටයි. 1982 හා 1990 දී ඔවුන් ආරම්භක තරග පරාජය වුණා.

messi q9
එම ජයග්‍රහණය ආරම්භ වුනේ මෙසී 17 වැනි මිනිත්තුවේදී ප්‍රදර්ශනය කළ අලංකාර ගෝලයෙන්. මේ ගෝලය වාර්තා වුනේ ඔහු කලින් දැල තුළට එල්ල කළ පහර අවලංගු වී මිනිත්තු 12කට පසුවයි.

ආජන්ටිනා දෙවැනි ගෝලය තරගයේ 60 වැනි මිනිත්තුවේ සටහන් වීමෙන් පසුව 76  වැනි මිනිත්තුවේදී මෙසී පළමු ලෝක කුසලාන ගෝල ත්‍රිත්වයක් තහවුරු කළා.  

අමෙරිකාවේ කැන්සාස් නගර ක්ෂිතිජයේ හිරු ගිලී යද්දී 38 හැවිරිදි ලයනල් මෙසී ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයක ක්‍රීඩා කළ ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්වුනේ ඔහුගේ ප්‍රතිවාදියා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝව දවසකින් පරදවමින්.

ecrg

 

2022 වසරේ කටාර් හිදී ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව මෙසී ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය නිමා නොකළේ මන්දැයි කවුරු හෝ ප්‍රශ්න කළා නම් ඊට ප්‍රබල පිළිතුරක් ඔහු මේ තරගයේදී ලබා දී තිබෙනවා.

තමාගේ 39 වැනි උපන්දිනයට සතියක් තිබියදී සංවේදනය හටගන්වන ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් අතීත වසරවලට ගිය ලයනල් මෙසී, දීර්ඝ කාලීන ප්‍රතිවාදී රොනාල්ඩෝ‌ගේ තවත් වාර්තාවක් උදුරා ගත්තේ ලෝක කුසලාන තරගාවලියක පිට පිට ගෝල් තුනක් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙමින්.


ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල්ලාභියා ලෙස ක්ලෝසා සමග සමවීමෙන් පසුව මෙසී ඉදිරි තරගවලදී එම වාර්තාව සම්පූර්ණයෙන් ම අත්කර ගැනීම පුදුමයක් වන්නේ නැහැ.

ආජන්ටිනාවේ මීළඟ තරගය ඔස්ට්‍රියාව සමග ජූනි 22 වැනිදා ඩලස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.‍

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...