The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දුවේ ඉරානයට එරෙහි ඉරානය...

T

The Leader Desk

June 17, 2026 • 3:11 PM

ලෝක කුසලාන පාපන්දුවේ ඉරානයට එරෙහි ඉරානය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා ලෝක කුසලාන පාපන්දු තරගය පැවැත්වුනේ ඉරානය හා නවසිලන්තය අතරයි.
  • ජනතාව එක්සත් කිරීම සඳහා පාපන්දුව යොදා ගැනීමට තමන්ට අවශ්‍ය බවට ඉරාන පාපන්දු නිලධාරීන් විටින් විට කියා තිබෙනවා.
  • ඉරාන-අමෙරිකානුවන් බොහෝ දෙනෙකුට මේ ධජය ටෙහෙරාන ආණ්ඩුවට දක්වන විරෝධතාවේ සංකේතයක් බවට පත්ව තිබෙනවා.
  • මෙය දේශපාලනික සංකේතයක් ලෙසින් සලකන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එය ක්‍රීඩාංගණ ඇතුළත ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ක්‍රීඩා මණ්ඩපයෙන් හා ක්‍රීඩාංගණය පිටතින් ඇසුනු ඝෝෂාවට අනුව ඉරානයේ ප්‍රතිවාදීන්ව සිටියේ නවසිලන්තය නොව ඉරානය ම යි.

ජනතාව එක්සත් කිරීම සඳහා පාපන්දුව යොදා ගැනීමට තමන්ට අවශ්‍ය බවට ඉරාන පාපන්දු නිලධාරීන් විටින් විට කියා තිබෙනවා. එහෙත් මේ තරගයේ චිත්ත ස්වභාවයේ නම් එක්සත් වීමක් කොහෙත්ම තිබුනේ නැහැ.

ක්‍රීඩාංගණයෙන් පිටත වාතාවරණය දේශපාලනිකව උණුසුම් වී තිබුණා.

fhddfgdfg
ඉරාන ජාතික කොඩි සිය ගණනින් ලෙලදුන්නා. මෙයින් වඩාත්ම ඉස්මතුව දර්ශනය වුනේ විප්ලවයට පෙර තිබූ සිංහයා සහ සූර්යයාගේ ලාංජනයෙන් යුත් ධජයන්.
ඉරාන-අමෙරිකානුවන් බොහෝ දෙනෙකුට මේ ධජය ටෙහෙරාන ආණ්ඩුවට දක්වන විරෝධතාවේ සංකේතයක් බවට පත්ව තිබෙනවා. මෙය දේශපාලනික සංකේතයක් ලෙසින් සලකන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එය ක්‍රීඩාංගණ ඇතුළත ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.

එනමුත් එය ක්‍රීඩාංගණයේ ලෙලදෙමින් තිබුනු අතර කමිසවලද වර්ණවත්ව මතුවී සිටින සේ පෙන්නුම් කර තිබුණා.

විරෝධතාකරුවන් සිය ගණනක් ක්‍රීඩාංගණය පිටතින් රොක්ව සිටියේ FIFA තීරණය පිළිබඳව කෝපයෙන් සහ ඉරාන ජනතාවට වඩා ඉස්ලාමීය සමූහාණ්ඩුවක් නියෝජනය කරන ජාතික කණ්ඩායමක් තමන් දකිමින් සිටින බවට හටගත් ද්වේෂ සහගත හැඟීමකින්.

“මුල්ලාගේ කණ්ඩායම මගේ කණ්ඩායම නෙවෙයි” යනුවෙන් එක පිරිසක් කෑගසමින් සිටියා. “ඉරාන ආණ්ඩුවේ වෙනසක්” යනුවෙන් තවත් පිරිසක් මතුරමින් සිටියා.
ඉන්පසුව ඔවුන් ගීතයක් ගායනා කළා. එය ඉරානයේ විප්ලවයට පෙර තිබූ ‘නිදහස හා අභිමානයේ’ ජාතික ගීය යි.

ක්‍රීඩාංගණය ඇතුළත ශබ්දය වෙනස් වුනේ අනපේක්ෂිත ආකාරයෙන්.

පිටතදී ඇසුනේ ඉරාන ආණ්ඩුවට හා ඉරාන කණ්ඩායමට එරෙහි ඝෝෂාවක්. ඇතුළත තිබුනේ ක්‍රීඩකයන්ට සහාය දක්වන ඝෝරනාදයක්. දෙවතාවක් පිටුපසින් සිට නැවත තරගයට අවතීර්ණව නවසිලන්තය සමග තරගය ගෝල් 2-2කින් සමව අවසන් කළ ඉරානය ට ‘චියර්’ කිරීමක්.

ක්‍රීඩා මණ්ඩපවල දහස් ගණනක් ඉරාන කොඩි තිබුණා. දුර සිට බලන විට ඒවා දිස්වුනේ සර්වසම ලෙසින්. නමුත් ළඟට පැමිණ බැලූ විට ඒවායින් කියැවුනේ වෙනස් කතාවක්.

සමහරු අත තිබුනේ ඉස්ලාමීය සමූහාණ්ඩුවේ නිල ධජය. අනෙක් අය ප්‍රදර්ශනය කළේ සිංහයා හා සූර්යයාගේ කොඩිය. මේ සියල්ලෝම සැරසී සිටියේ ඉරාන වර්ණවලින්.

ක්‍රීඩකයින් මුහුණ පා සිටියේ ඉරානය සහ ඉරානය අතර ගැටුමකටයි. තරගය පුරාම මේ පරස්පර විරෝධය පෙනෙන්නට තිබුණා.

නවසිලන්තය තරගයේ පෙරමුණට පිවිසි විට සමහර ආණ්ඩු විරෝධී නරඹන්නන් සිංහයා හා සූර්යයාගේ කොඩි වනමින් සතුටු වුණා.

ක්‍රීඩාංගණයෙන් පිටතදී, දේශපාලනය ඉක්මනින්ම නැවත මාතෘකාව බවට පත්වුණා.

“අපට ගිවිසුමක් අවශ්‍ය නැහැ” යනුවෙන් එක් පුද්ගලයෙක් පැවසුවේ අමෙරිකාව හා ඉරානය අතර යුද්ධය නතර කිරීම සඳහා පිවිසි අලුත්ම එකඟතාව ගැන සඳහන් කරමින්.

“ඉරානයේ ජනතාවට රාජ්‍ය පාලනයේ වෙනසක් අයිතියි. ටෙහෙරානයේ වීදිවල ජනතාව මරා දැමුවා.”

“ජනාවරියේ සිදුවූ දේ ක්‍රීඩා තරගාවලියක් හරහා සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න අපට බැහැ” යැයි සිංහ-සූර්ය කමිසයක් පැළඳ සිටි තරුණියක් කියා සිටියා.
“මේ කණ්ඩායම ඉරානයේ ජනතාව නියෝජනය කරන්නේ නැහැ.”

ඇය අසල තරුණයෙක් සිටගෙන සිටියේ එවෙලාවට සාදා ගත් තොණ්ඩුවක් බෙල්ල වටේ දමාගෙන. “මේක ඉරානයේ නිර්භීත හා අහිංසක මිනිසුන් මරා දැමීම නතර කිරීම සඳහා වන සංකේතයක්” ඔහු පැවසුවා.

එහි සිටි බොහෝ දෙනා මෙන් මේ තරුණයා ද සඳහන් කර සිටියේ පිටියේ සිටින ක්‍රීඩකයින් නියෝජනය කරන්නේ ඉරානයේ රාජ්‍ය පාලන ක්‍රමය මිස ඉරාන ජනතාව නොවන බවයි.

එහෙත් ක්‍රීඩකයින් මේ හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා. ඉරාන කණ්ඩායම තම රටේදීත්, පිටරටේදීත් ක්‍රීඩා කරන්නේ සියලු ඉරාන ජාතිකයන් වෙනුවෙන් බවත් ඔවුන් දේශපාලනයට සම්බන්ධ නැති බවත් ඉරාන ආක්‍රමණශීලී ක්‍රීඩක මෙහ්ඩි ටරීමි කියා සිටියා.

ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටි සමහර ක්‍රීඩා ලෝලීන් මෙයට එකඟ වුණා.

“පාපන්දුව යනු මිත්‍රත්වය, සංස්කෘතික සබඳතාවන් සහ දේශපාලනය පසෙක ලා කටයුතු කිරීමකි” යනුවෙන් එක් ආධාරකරුවෙක් ප්‍රකාශ කළා.

ක්‍රීඩකයින් දේශපාලනීකරණය වී නැතැයි කටාර් හා රුසියාවේ පැවති පසුගිය ලෝක කුසලාන තරගාවලියන් දෙකටම සහභාගි වූ ඉරාන පාපන්දු ලෝලියෙක් කියා සිටියා. “ඉරානයේ ජනතාව නියෝජනය කරන්නේ මේ ක්‍රීඩකයන්. ඔවුන් මෙහි පැමිණ සිටින්නේ අපි මෙහෙ ඉන්න එක වටිනවා කියලා පෙන්වන්නයි - එය මිත්‍රත්වයේ හා මානව වටිනාකම්වල පණිවුඩය යි.”

වහාම අමෙරිකාවෙන් පිටවන්නැයි ඉරානයට නියෝගයක්

cfdgsdfd

මේ අතර, තරගයෙන් පසුව මාධ්‍යවේදීන්ට කතා කළ ඉරාන ප්‍රධාන පුහුණුකරු අමිර් ඝාලනූයි, මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිටින වඩාත්ම පීඩා විඳින කණ්ඩායම ඉරානය බව ප්‍රකාශ කළා. ඔහු මෙසේ කියා සිටියේ කණ්ඩායම වෙත අවසන් මිනිත්තුවේ පනවා ඇති සීමාවන් පෙන්වා දෙමින්.

තරගයෙන් පසුව ලොස් ඇන්ජලීස් නුවර රාත්‍රිය ගත කර පසුදිනයේ වෙහෙස නිවා ගැනී‌මේ සැසියක් පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වූවත් වහාම ඔවුන්ගේ මෙක්සිකෝ පුහුණු කඳවුර වෙත ආපසු යන ලෙසට තරගයේ අවසාන විසිල් හඬත් සමගම ඔවුන්ට පැවසූ බව පුහුණුකරු ප්‍රකාශ කළා.

“තරගයෙන් පසුව ඔවුන් අපට කීවා ‘ඔබ දැන්ම පිටව යා යුතුයි’ කියලා” ඝාලනූයි අනාවරණය කළා.

“ගුවන් යානයකට ගොඩවී ආපසු ටීඅවානා නගරයේ අපේ කඳවුරට යන්න කියලා ඔවුන් අපට කීවා. ඔවුන් අපට ඉක්මනින් නැවත යන්න කියලා බල කරනවා. ඔවුන් තත්ත්වය තව තවත් අපහසු කරනවා. තව තව බාධක දානවා. නමුත් ඒවායින් අපි අපේ උපරිම ක්‍රීඩාව කිරීම නවත්වන්න බැහැ!”

ඉරාන කණ්ඩායම බෙල්ජියම සමග තරග කිරීම පිණිස ජූනි 21 වැනිදා යළි ලොස් ඇන්ජලීස් නගරයට පැමිණෙනවා.

“අවංකවම කියනවා නම්, ඒගොල්ලෝ අපිව ආපහු යවන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒක හරිම අමුතුයි කියලයි මට හිතෙන්නේ. අපි වෙනුවෙන් සැලසුම් හදන්නේ වෙනත් අය කියලා පේනවා.”

“තරගයට රාත්‍රීන් දෙකකට පෙරයි අපි මෙහාට එන්න තිබුණේ. නමුත් ඔවුන් ඊට අවසර දුන්නේ නැහැ. අද රාත්‍රියේ අපි මෙහෙ නතර වෙලා වෙහෙස නිවාගෙන හෙට දවල් කෑම වෙලාවේ ආපහු යන්නයි අපි හිතාගෙන හිටියේ.”

“මේ මුළු ලෝක කුසලාන තරගාවලියේම ඉන්න වැඩියෙන්ම පීඩා විඳින කණ්ඩායම අපි කියලා මම හිතනවා. අපේ පාපන්දු සම්මේලනය අපිත් එක්ක නැහැ. අපේ මාධ්‍ය මෙහෙ නැහැ. අපේ කළමනාකාරිත්වය මෙහි නැහැ.”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...