The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස්

T

The Leader Desk

June 18, 2026 • 11:16 AM

ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ගෝල් කණුව පිටුපස නාග කලාපයක්" - අර්ලිං හාලන්ඩ් ඇතුළු නෝවේ කණ්ඩායමටත් සර්ප භීතිකාවක්!"
  • කැලිෆෝනියාවේ සැන් ඩිඒගෝ නගරයේ තිබෙන ආර්ද්‍ර උෂ්ණත්වයන් සමග ගනුදෙනු කරමින් සිටින ස්විස් පාපන්දු කණ්ඩායමට තවත් බිය උපදවන ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ පුහුණුවීමේ කඳවුරු සිතියමේ ‘සර්පයන්ගේ කලාපයක්’ සලකුණු කර ඇති බැවින්.
  • කූඩාරමකින් ආවරණය කළ ජිම්නේසියම් පෙදෙස සමග පිටියේ පිටුපස ඇති ගෝල් රකින්නාගේ කලාපය ඔවුන් එයින් පෙන්වා තිබෙනවා.
  • නමුත් මේ පෝස්ටුව මගින් සමහර ක්‍රීඩා ලෝලීන් විස්මයට පත්කර තිබෙන්නේ එයින් පෙන්වා තිබෙන විශාල  සර්ප විමානයක ලේබලය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


"සැන් ඩිඒගෝ රශ්මිය මදිවට විසකුරු සර්පයන් හතර වර්ගයකින් ක්‍රීඩකයන්ට තර්ජන!"

ස්විට්සලන්ත ලෝක කුසලාන පාපන්දු පුහුණු කඳවුරට අල්ලපු ඉඩමේ සර්පයන් සිටින බවට අනතුරු ඇඟවීමෙන් පසුව ක්‍රීඩකයින් සිටින්නේ දැඩි සෝදිසියෙන්.

fgrg6y656
කැලිෆෝනියාවේ සැන් ඩිඒගෝ නගරයේ තිබෙන ආර්ද්‍ර උෂ්ණත්වයන් සමග ගනුදෙනු කරමින් සිටින ස්විස් පාපන්දු කණ්ඩායමට තවත් බිය උපදවන ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ පුහුණුවීමේ කඳවුරු සිතියමේ ‘සර්පයන්ගේ කලාපයක්’ සලකුණු කර ඇති බැවින්.

විවිධ බිම් කොටස්වල ලේබල සහිත සිය පුහුණු කඳවුරේ ඡයාරූපයක් ස්විට්සලන්ත කණ්ඩායම ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ පෝස්ට් කර තිබෙනවා.

v6u56ubhgfhr

කූඩාරමකින් ආවරණය කළ ජිම්නේසියම් පෙදෙස සමග පිටියේ පිටුපස ඇති ගෝල් රකින්නාගේ කලාපය ඔවුන් එයින් පෙන්වා තිබෙනවා. ජිම් කොටසට මඳක් පිටුපසින් වන ඇඳුම් අඳින ස්ථානය ද එහි දක්වා තිබෙනවා.

නමුත් මේ පෝස්ටුව මගින් සමහර ක්‍රීඩා ලෝලීන් විස්මයට පත්කර තිබෙන්නේ එයින් පෙන්වා තිබෙන විශාල සර්ප විමානයක ලේබලය යි. තද රතු ඉරිවලින් ලකුණු කර ඇති මේ හිරිහැරදායක කලාපයට යටින් තිබෙන කැප්ෂනයේ මෙසේ සඳහන් වනවා: “සර්පයන්ගෙන් ප්‍රවේශම් වන්න!”

සැන් ඩිඒගෝ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයට අනුව, විසකුරු සර්ප ජාති හතරක් මේ ප්‍රදේශයේ සිටිනවා.

 

6ytthfgkkkl
තමන්ගේ ලෝක කුසලාන කඳවුරුවල සර්පයන් ගැන විමසිල්ලෙන් සිටින එකම කණ්ඩායම ස්විට්සලන්තය නෙවෙයි. උතුරු කැරලයිනා හි ග්‍රීන්ස්බොරෝ නගරයේ ග්‍රෑන්ඩ්ඔ්වර් හෝටලයට ඇතුළු වීමෙන් පසුව නෝවේ කණ්ඩායමට ද භයානක උරගයන් ගැන සෝදිසියෙන් සිටින ලෙසට දන්වා තිබෙනවා.

ග්‍රීන්ස්බොරෝ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන සර්පයන් ප්‍රකෝප නොකරන ලෙසට අර්ලිං හාලන්ඩ්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අනතුරු අඟවා තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස් | The Leader