The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු: සම-සත්කාරක මෙක්සිකෝව ‘නොක්අවුට්’ වටයට පිවිසි පළමු කණ්ඩායම වෙයි

T

The Leader Desk

June 19, 2026 • 11:47 AM

ලෝක කුසලාන පාපන්දු: සම-සත්කාරක මෙක්සිකෝව ‘නොක්අවුට්’ වටයට පිවිසි පළමු කණ්ඩායම වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම-සත්කාරක මෙක්සිකෝව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘අවසාන කණ්ඩායම් 32’ පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට අද පත්වුණා. ඔවුන් මෙසේ තරගාවලියේ ඊළඟ අදියරට පිවිසියේ දකුණු කොරියාව ගෝල් 1-0කින් පරදවමින්.
  • ඔවුන් පළමු තරගයේදී දකුණු අප්‍රිකාව ගෝල් 2-0කින් පරාජය කිරීමට සමත් වුණා.
  • මෙය 2022 තරගාවලියේ මූලික වටයෙන් ඉදිරියට යාමට අසමත් වූ කණ්ඩායමකට ලැබුණු වැදගත් ජයග්‍රහණයක්.
  •   දකුණු කොරියාව මේ තරගයෙන් පරාජය වූවත් චෙක් සමූහාණ්ඩුවට එරෙහිව සිය ආරම්භක තරගයේ ලැබූ ජයග්‍රහණයට ස්තූතිවන්ත වන්නට ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට තවමත් අවස්ථාව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ආරක්ෂාවක් නැතිව හිස්ව තිබූ දැල වෙත පන්දුවට තට්ටුවක් දැමීම පිණිස මෙක්සිකෝවේ මැදපෙල ක්‍රීඩක Luis Romo නියම වෙලාවට නියම තැන සිටියේ 50 වැනි මිනිත්තුවේදී Lee Gi-hyuk සමග ගැටුනු ගෝල්රකින Kim-Seung-gyu අතින් පන්දුව වැටී තිබියදී.

 

cvw46uw65u557u

මේ ජයත් සමග මෙක්සිකෝව ජයග්‍රහණ දෙකක් සමග ‘ඒ’ කොටසේ පෙරමුණේ සිටිමින් තරගාවලියේ ඊළඟ අදියරට පිවිසියා. ඔවුන් පළමු තරගයේදී දකුණු අප්‍රිකාව ගෝල් 2-0කින් පරාජය කිරීමට සමත් වුණා. මේ ජයග්‍රහණ දෙකෙන් මෙක්සිකෝව ට දැන් ලකුණු හයක් හිමිව තිබෙන අතර ඒ අනුව ඔවුන්ට දකුණු කොරියාව ට වඩා ලකුණු තුනක් සහ චෙක් සමූහාණ්ඩුව හා දකුණු අප්‍රිකාව ට වඩා ලකුණු පහක් වැඩියෙන් තිබෙනවා.

මෙය 2022 තරගාවලියේ මූලික වටයෙන් ඉදිරියට යාමට අසමත් වූ කණ්ඩායමකට ලැබුණු වැදගත් ජයග්‍රහණයක්. මෙක්සිකෝව දැන් සිය රටේ ප්‍රීතියෙන් කුල්මත් සෙනඟ ඉදිරියේ දෙවතාවක් ජය ගෙන තිබෙනවා.

 

t5uy6u
දකුණු කොරියාව මේ තරගයෙන් පරාජය වූවත් චෙක් සමූහාණ්ඩුවට එරෙහිව සිය ආරම්භක තරගයේ ලැබූ ජයග්‍රහණයට ස්තූතිවන්ත වන්නට ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට තවමත් අවස්ථාව තිබෙනවා.

මෙක්සිකෝව සමග තරගයේ සම තත්ත්වයට ඒමට කොරියානුවන්ට 87 වැනි මිනිත්තුවේදී අවස්ථා දෙකක් ම ලැබුණත් Raul Rangel ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ගෝල් රැකීමක් නිසා එම අවස්ථාවන් ගිලිහී ගියා.

මූලික වටයේ තරගවලින් පසුව එක් එක් කොටසේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක සහ තෙවැනි ස්ථානයට පත්වන හොඳම කණ්ඩායම් අට පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසෙනවා. කණ්ඩායම් 32 දෙනාගේ තරග වටයක් ‌ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මෙවර ක්‍රීඩා කෙරෙන්නේ ප්‍රථම වතාවටයි. ඒ, මේ තරගාවලිය කණ්ඩායම් 48 දක්වා ප්‍රසාරණය වීමෙන් පසුවයි.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...