The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මෙසී ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා යන සත්‍යයෙන් සැඟවෙන්න එපා'- බ්‍රසීල ලෙජන්ඩ් රොනාල්ඩෝ ලෝකයට කියයි

T

The Leader Desk

June 19, 2026 • 5:04 PM

'මෙසී ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා යන සත්‍යයෙන් සැඟවෙන්න එපා'- බ්‍රසීල ලෙජන්ඩ් රොනාල්ඩෝ ලෝකයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව සිටින විශිෂ්ටතම පාපන්දු සුපිරි තරු තුනක් මේ වන විට 2026 ලෝක කුසලාන තරග බිම එළිය කර තිබෙනවා.
  • සෙනෙගාලය ට එරෙහි ප්‍රංශයේ කිලියන් ම්බප්පේගේ ගෝල ද්විත්වය ඔහුව ප්‍රංශයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්කළා.
  • ඔහුගේ කණ්ඩායම කොංගෝ කණ්ඩායමට එරෙහිව වෙහෙස වෙමින් තරගය අවසන් කර ගත්තේ ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයෙන්.
  • මෙහිදී රොනාල්ඩෝ ට, වෙනස් ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයක ගෝල් වාර්තා කළ පළමුවැන්නා ලෙසින් ඉතිහාසගත වීමට අවස්ථාව උදාවී තිබුණ ද, ඒ ලැබුණු පළමු අවස්ථාවේදී බලපෑමක් ඇති කිරීමට ඔහුට නොහැකි වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


ආජන්ටිනාවේ ලයනල් මෙසී පිට පි‌ට ගෝල ත්‍රිත්වයක් ඇල්ජීරියාව ට එරෙහිව ලබා ගනිමින් ජර්මනියේ මිරස්ලව් ක්ලෝසා සමග ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා ලෙස සම තත්ත්වයට පැමිණියා.

සෙනෙගාලය ට එරෙහි ප්‍රංශයේ කිලියන් ම්බප්පේගේ ගෝල ද්විත්වය ඔහුව ප්‍රංශයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්කළා.

ඉරාකය ට එරෙහි ජයග්‍රහණයකදී නෝවේ කණ්ඩායමේ අර්ලිං හාලන්ඩ් ගෝල් දෙකක් ලබා ගනිමින් ඔහුගේ මංගල ලෝක කුසලාන තරගාවලිය සනිටුහන් කළා.
මේ වික්‍රමයන්ගෙන් දිනකට පසුව එංගලන්තයේ හැරී කේන් ද ක්‍රොඒෂියාව ට එරෙහිව ගෝල් දෙකක් ලබා ගෙන මේ ලැයිස්තුවට එක්වුණා.

පෘතුගාලයේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ද ඔහුගේ සලකුණ තැබීමට වේදිකාව සකස් වී තිබුණ ද අනෙක් සුපිරි තරු හතර අනුගමනය කිරීමට පෘතුගාල නායකයා අසමත් වුණා.

ඔහුගේ කණ්ඩායම කොංගෝ කණ්ඩායමට එරෙහිව වෙහෙස වෙමින් තරගය අවසන් කර ගත්තේ ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයෙන්. මෙහිදී රොනාල්ඩෝ ට, වෙනස් ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයක ගෝල් වාර්තා කළ පළමුවැන්නා ලෙසින් ඉතිහාසගත වීමට අවස්ථාව උදාවී තිබුණ ද, ඒ ලැබුණු පළමු අවස්ථාවේදී බලපෑමක් ඇති කිරීමට ඔහුට නොහැකි වුණා.

තරගය පැවැත්වීගන යද්දී රොනාල්ඩෝ ප්‍රධාන තරගාවලියන් හි තරග නවයක ගෝල් ලබා නොගත් ගමනක් අවසන් කිරීමට දිගින් දිගටම දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය අසාර්ථක වූ අතර එක් අවස්ථාවකදී ඔහුගේ දිවීම නිසා ඔහුට වඩා ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට ස්ථානගතව සිටි ක්‍රීඩකයා‌ට ලැබී තිබුණු අවස්ථාව පවා නිකරුණේ නාස්ති වුණා.

මේ තරගයේ ආරම්භක ක්‍රීඩකයෙකු වීමත් සමග රොනාල්ඩෝ අවුරුදු 41 යි දවස් 132 වැනි වියේදී ලෝක කුසලාන තරගයක් ආරම්භ කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වුණා.

2022 ලෝක කුසලාන තරගාවලියේ ඝානාවට එරෙහිව පෙනල්ටියක් ලබා ගත් අවස්ථාවේ සිට මේ දක්වා රොනාල්ඩෝ ට ප්‍රධාන තරගාවලියන් හි පිට පිට තරග දහයකදී ගෝල් දැල සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.  

පෘතුගාල නායක රොනාල්ඩෝ ඔහු‌ගේ හය වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් ආජන්ටිනා නායක මෙසී සමග සම වූවත්, වෙනස් ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයකදී ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීම සඳහා ඔහුට තවත් බලා සිටීමට දැන් සිදුව තිබෙනවා.

දිනකට පෙර ලොව ජනප්‍රියතම පාපන්දු තරු ගෝල් ලබා ගත් ආකාරයෙන් තමා ට ද මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වීම පිළිබඳව රොනාල්ඩෝ කෝපයෙන් සිටිනු නොඅනුමානයි.

ලොව සුපිරිතම මට්ටමට පිවිසීම පිණිස රොනාල්ඩෝ හා මෙසී වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ මානසිකත්වය ඉදිරියට තල්ලු කරමින් සිටිනවා. අන් සියලු දෙනා ට ම වඩා මුදුනා වීමට රොනාල්ඩෝ ට අවශ්‍යව තිබෙනවා.

මෙසී වාර්තා කළ අතිවිශිෂ්ට ‘හැට්-ට්‍රික්’ වික්‍රමයෙන් පසුව ඔහුව බ්‍රසීල පාපන්දුවේ ලෙජන්ඩ් කෙනෙකු වන රොනාල්ඩෝ නසාරියෝගේ (Ronaldo Nazario) ලෝක කුසලාන ගෝල් සංඛ්‍යාව පසුකර ක්ලෝසා සමග වැඩිම ගෝල්ලාභියාගේ සම තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. මෙමගින් පාපන්දුවේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් අතරේ මෙසීගේ ස්ථානය පිළිබඳව තිබෙන තර්කය ශක්තිමත් කර තිබෙනවා.

ලයනල් මෙසීගේ වාර්තාගත පිට පිට ගෝල ත්‍රිත්වයෙන් පසුව පාපන්දු ලෝකයේ සතර දෙසින් ඔහුට ප්‍රශංසා ගලා එමින් තිබෙන මොහොතේ ආජන්ටිනා නායකයාගේ මේ අලුත්ම කැපී පෙනෙන ක්‍රීඩාවෙන් විස්මයට පත්ව සිටින්නන්ගෙන් කෙනෙකි දෙවතාවක ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වන බ්‍රසීලයේ රොනාල්ඩෝ. මෙසීගේ චිර ජීවනය හා නොවෙනස් දක්ෂතාවට සුබපතන ඔහු, මෙසීගේ එම ක්‍රීඩාව විසින් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් අතරෙහි මෙසීගේ ස්ථානය සම්බන්ධයෙන් හටගෙන තිබෙන ඔ්නෑම වාද විවාදයක් අවසන් කර ඇතැයි අවධාරණය කරනවා.

“මෙසී මෙතෙක් බිහිවූ හොඳම ක්‍රීඩකයා බවට වන සත්‍යයෙන් ලෝකය සැඟවී නොසිට එය පිළිගැනීමට කාලය පැමිණ තිබෙනවා” යනුවෙන් රොනාල්ඩෝ පෘතුගීසි මාධ්‍යයට පවසා තිබෙනවා. “ඔහු සෑම ක්‍රීඩා වාරයකමත්, හැම ලෝක කුසලාන තරගාවලියකමත් ගෝල් ලබා ගනිමින් සිටියදී ඔහු ගැන තවමත් සැකයන් තිබෙනවා. ඔහුගේ ගෝල ත්‍රිත්වයේ හපන්කම අමතක නොවන හා ‌ෙඑතිහාසික රාත්‍රියක් ලෙසින් ඉතිහාස පොත්වල සදා රැඳී තියේවි!”

එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා (GOAT - Greatest Of All Time) ලයනල් මෙසී බවට බොහෝ දෙනා 2022 වසරේදී තීරණය කළේ ඔහු ආජන්ටිනා කණ්ඩායම සමග ‌ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ. ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලන් ඩෝ’ (Ballon d’Or) සම්මානය අට වතාවක් දිනා ගෙන සිටින මෙසී එම ගෞරවනීය සම්මාන තරගයේ සිය පෙරමුණ දිගු කරගෙන තිබෙන්නේ ඔහු‌ගේ දීර්ඝ-කාලීන ප්‍රතිවාදියා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට වඩා සම්මාන තුනක් වැඩියෙන් ලබා ගනිමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...