වසාගෙන තිබූ ඉරාන හා ඊජිප්තු බැනර් සයුරේ දේදුන්නේ කොඩි ද සැලෙමින් තිබුණා.
සිඇටල් නගරයේ ‘ප්‍රයිඩ් තරගය’ (Pride Match) ඉරානය හා ඊජිප්තුව අතර තීරණාත්මක තරගය බවට පත්වීම අහඹු සිදුවීමක් පමණක් වී තිබුණු අතර එය එසේ සිදුවුනේ එම රටවල් දෙකෙන්ම නැගුනු විරෝධතාව මධ්‍යයේ. එහෙත් මෙහි කැපී පෙනෙන සම්පාතය නගරයේ තිබෙන ‘සියලු දෙනාම ඇතුළත්’ යන සංකල්පය මෙන්ම ලෝක කුසලානයක තිබෙන පොදු වේදිකාව ද ප්‍රදර්ශනය කිරීමට ලැබුනු මහඟු අවස්ථාවක් බව සිඇටල් නිලධාරීන් සහ එහි පාපන්දු ප්‍රජාව කියනවා.
සමහරු ප්‍රයිඩ් තරගයේ උර සළු පැළඳ ක්‍රීඩාංගණයේ ඇවිදිමින් සිටි අතර අනෙක් අය ඔවුන්‌ගේ මුහුණේ දේදුන්නක් පාට කරගෙන හෝ මානව හිමිකම් සංවිධානයක් විසින් නොමිලේ ලබා දී තිබූ කොඩි දැඩිව ග්‍රහණය කරගෙන සිටියා. තවත් සමහරු ළඟ දේදුනු වර්ණයේ ගමන් මළු, කුඩ, හිස් පලඳනා තිබුණා.
“ඊජිප්තුව හා ඉරානයෙන් පැවත එමින් සිඇටල් නගරයේ ජීවත් වන කණ්ඩායම් හා නෑදෑයින් අද මෙතැනට ඇවිත් සිටිනවා. මෙය ඔවුන්ගේ අනන්‍යතාවන් නියෝජනය කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක්. සිඇටල් කියන්නේ මොන වගේ නගරයක් ද කියලා ලෝකෙට පෙන්නන්න මේක නියම අවස්ථාවක්. සිඇටල් යනු සියලු දෙනාම ඇතුළත් නගරයක්. අපි හැමදාමත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි” යනුවෙන් ස්ටේසි හාබර් පැවසුවා. ඇය, නගරයේ සංවිධායක කමිටුවේ ආරාධනයෙන් තරුණ පුද්ගලයින් පිරිසක් තරගයට රැගෙන පැමිණි ආදායම් නොලබන LGBTQ සංවිධානයක සේවිකාවක්. තරග කරන්නේ මේ රටවල් දෙක වීම ගැන තමා ඉතාමත් සතුටු වන බව ඇය කියා සිටියා.
සම-ලිංගික සබඳතා නීතිවිරෝධී කර තිබෙන ඉරානය සමලිංගික පිරිමින් සොඩොමි චෝදනා යටතේ මරණයට පමුණුවා තිබෙන අතර ඊජිප්තුව සමලිංගික පිරිමින් හා කාන්තාවන්ට නඩු පවරමින් දේදුනු ධජ ඇතුළු සමලිංගික ආඩම්බරයේ හැඟීම් පළ කිරීම බලෙන් මැඩ පවත්වා තිබෙනවා.
මේ රටවල් දෙක ‘ප්‍රයිඩ් තරගය’ පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) පසුගිය දෙසැම්බරයේ පැමිණිලි කරමින් ප්‍රයිඩ් සැමරීම් උත්සව අහෝසි කරන ලෙසට ඉල්ලා තිබුණා.
තරගයට පෙර පිටියේ පැවති උත්සවයන්ට ප්‍රයිඩ් සම්බන්ධ කිසිවක් ඇතුළත්ව තිබුණේ නැහැ. නමුත් දේදුන්නේ ධජය (Rainbow Flag) මානව අයිතීන්ගේ ප්‍රකාශනයක් වශයෙන් සලකන FIFA ඒ කොඩි ක්‍රීඩාංගණය ඇතුළේ ප්‍රදර්ශනය කිරීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවසර දී තිබුණා. ඒ අනුව 72,000ක සෙනඟක් රඳවා ගැනීමේ හැකියාවක් තිබෙන සිඇටල් ක්‍රීඩාංගණයේ දේදුන්නේ ධජයන් ලෙලදෙමින් තිබුණා.
මේ තරගය සිඇටල් නගරයේ LGBTQ ප්‍රජාවේ වාර්ෂික උත්සවය සමග එකවෙලාවට සිදුවූ අතර ප්‍රයිඩ් කමිටු උත්සව නගරයේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සතිඅන්තයේදී සිඇටල් නගරය ඔවුන්ගේ ජනප්‍රිය ප්‍රයිඩ් පෙළපාළිය පවත්වනවා.
සිඇටල් නගරයේ පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගයක් මිස ‘ප්‍රයිඩ් තරගයක්’ නොවන බවට FIFA සභාපතිවරයා කලින් ම ප්‍රකාශ කර තිබුණා.
“ලෝක කුසලාන තරගාවලියේදී ‘ප්‍රයිඩ් තරගයක්’ නැති බව මම පැහැදිලි කළ යුතුයි” ජියානි ඉන්ෆන්ටීනෝ පවසා තිබුණා.
“සිඇටල් හිදී FIFA ලෝක කුසලාන තරගයක් පැවැත්වෙනවා. ඒ දවසේ ම පිටස්තර සංවිධාන විසින් සංවිධානය කර තිබෙන උත්සව නගරයේ පැවැත්වෙනවා. නමුත් ඒවා තරගයට සම්බන්ධ නැහැ.”
LGBTQ+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීමේ ‘සිඇටල් ප්‍රයිඩ්’ සැමරුම් මෙසේ සිදුවෙද්දී ඒ රාත්‍රියේ තරග බිමේ සටන ගෝල් 1-1ක් ලෙස සමව අවසන් වෙමින් දෙපිලටම ලකුණු බෙදී ගියේ එම ප්‍රතිඵලයෙන් කණ්ඩායම් දෙක ම සතුටු වෙමින්.
මූලික වටය දෙවැනි ස්ථානයෙන් අවසන් කරන ඊජිප්තුව ඊළඟ වටයට සුදුසුකම් ලැබ ඔස්ට්‍රේලියාව ට මුහුණ දෙනු ඇති අතර ඉරානය ට ද මූලික වටයේ හොඳම තෙවැනි ස්ථාන කණ්ඩායම් අටෙන් එකක් ලෙසින් 32 දෙනාගේ වටයට පිවිසීමට බොහෝ දුරට අවස්ථාව තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




