The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දුව විමතියට පත් කරමින් කේප් වර්ඩ් පුංචි රට යෝධ ආජන්ටිනාව සමග සටනට

T

The Leader Desk

June 27, 2026 • 3:22 PM

ලෝක කුසලාන පාපන්දුව විමතියට පත් කරමින් කේප් වර්ඩ් පුංචි රට යෝධ ආජන්ටිනාව සමග සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසි ලෝකයේ කුඩාම රට ලෙසින් කේප් වර්ඩ් අද ඉතිහාසගත වුණා.
  • ඔවුන් දෙවතාවක් ලෝක කුසලාන ජයග්‍රාහකයින් වූ උරුගුවේ හා 2034 ලෝක කුසලාන සත්කාරක රට වන සෞදි අරාබිය ට වඩා එක ලකුණක් ඉහළින් සිටිමින් එම කොටසේ දෙවැනි ස්ථානයට පත්වුණා.
  • මීට අමතරව කේප් වර්ඩ්, පළමු වරට ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලියක මූලික වටයේ අපරාජිතව රැඳී සිටීමට සමත් වූ තෙවැනි අප්‍රිකානු රට ලෙසින් ද ඉතිහාස පොතට ඇතුළු වුණා.
  • කේප් වර්ඩ් ප්‍රබල ස්පාඤ්ඤය ට එරෙහි පළමු තරගය ඇදහිය නොහැකි අයුරින් ගෝල් රහිතව අවසන් කර ගත් අතර එහිදී ඔවුන්ගේ 40 හැවිරිදි ගෝල්රකින ක්‍රීඩක වෝසීන්යා තරගයේ වීරයා වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


සෞදි අරාබිය සමග තරගය ගෝල් රහිතව අවසන් කරමින් කේප් වර්ඩ් ඔවුන්ගේ මංගල ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට ‘එච්’ කොටසින් සුදුසුකම් ලැබුවේ එහි අනුශූරයින් ලෙස වීම විශේෂත්වයක්. ඔවුන් දෙවතාවක් ලෝක කුසලාන ජයග්‍රාහකයින් වූ උරුගුවේ හා 2034 ලෝක කුසලාන සත්කාරක රට වන සෞදි අරාබිය ට වඩා එක ලකුණක් ඉහළින් සිටිමින් එම කොටසේ දෙවැනි ස්ථානයට පත්වුණා. මීට අමතරව කේප් වර්ඩ්, පළමු වරට ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලියක මූලික වටයේ අපරාජිතව රැඳී සිටීමට සමත් වූ තෙවැනි අප්‍රිකානු රට ලෙසින් ද ඉතිහාස පොතට ඇතුළු වුණා.

කේප් වර්ඩ් ප්‍රබල ස්පාඤ්ඤය ට එරෙහි පළමු තරගය ඇදහිය නොහැකි අයුරින් ගෝල් රහිතව අවසන් කර ගත් අතර එහිදී ඔවුන්ගේ 40 හැවිරිදි ගෝල්රකින ක්‍රීඩක වෝසීන්යා තරගයේ වීරයා වුණා. ඉන්පසුව මේ කණ්ඩායම උරුගුවේ සමග තරගය ගෝල් 2-2 සම තත්ත්වයෙන් අවසන් කර ගත්තා.  

අත්ලාන්තික් සාගරයේ දූපත් 10ක සමූහයක් නියෝජනය කරන මේ කණ්ඩායමට ලැබී තිබෙන ත්‍යාගය වන්නේ වර්තමාන ලෝක කුසලාන ශූරයින් වන ආජන්ටිනාව සමග ජූලි 3 වැනිදා මයාමි ක්‍රීඩාංගණයේදී අවසන් කණ්ඩායම් 32 වටයේ තරගයක්.

සෞදි අරාබිය ට එරෙහි තරගයේ අවසන් විසිල් නාදය නිකුත් වූ විගස ජංගම දුරකථනයක් වටා රොක්වූ කේප් වර්ඩ් ක්‍රීඩකයෝ උරුගුවේ හා ස්පාඤ්ඤය අතර පැවැත්වෙමින් තිබූ තරගයේ අවසානය නැරඹුවා. උරුගුවේ කණ්ඩායමේ ගෝල් 1-0ක පරාජයට ස්තූතිවන්ත වන්නට තමන්ගේ වික්‍රමාන්විත ලෝක කුසලාන සංචාරය නොකඩවා පවත්වාගන යා හැකි බවට තහවුරු වූ විට පිටිය මෙන්ම ක්‍රීඩා මණ්ඩපය ද කේප් වර්ඩ් ප්‍රීතියේ හා ආඩම්බරයේ කඳුළින් තෙත් වුණා.

525,000ක ජනතාවක් පමණක් වාසය කරන මේ රට ඊට වඩා බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් ඔවුන්ගේ මේ ආකර්ෂණීය සංචාරයේදී දිනාගෙන තිබෙන්නේ පාපන්දුවට ගෙන ආ හැකි ප්‍රීති ප්‍රමෝදය පිළිබඳව ජනතාවට මතක් කරමින්.

2006 වසරේදී ඝානා දේශයෙන් පසුව ලෝක කුසලානයට මංගල වතාවට ක්‍රීඩා කරමින්  තරගාවලියේ මූලික වටය පසුකර ඉදිරියට ගිය පළමු අප්‍රිකානු රට කේප් වර්ඩ් වන අතර ඔවුන්ගෙන් ප්‍රබල අභියෝගයක් ලයනල් මෙසීගේ ආජන්ටිනාව ට එල්ල වනු ඇති බවට සැකයක් නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක කුසලාන පාපන්දුව විමතියට පත් කරමින් කේප් වර්ඩ් පුංචි රට යෝධ ආජන්ටිනාව සමග සටනට | The Leader