The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජනාධිපතිවරයාගේ උදහසට ලක්වූ පරාජිත දකුණු කොරියානු පාපන්දු පුහුණුකරුට සාප්පුවලට ඇතුළු වීම තහනම්!

T

The Leader Desk

June 29, 2026 • 3:12 PM

ජනාධිපතිවරයාගේ උදහසට ලක්වූ පරාජිත දකුණු කොරියානු පාපන්දු පුහුණුකරුට සාප්පුවලට ඇතුළු වීම තහනම්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට විසිවීම හේතුවෙන් එරට පාපන්දු ප්‍රජාවගේ දැඩි
  • දකුණු අප්‍රිකාව ට පරාජය වෙමින් තම කණ්ඩායම මූලික වටයෙන් බ්‍රහස්පතින්දා ඉවතට යන අයුරු බලා සිටි 57 හැවිරිදි හොම් ඊට දිනකට පසුව ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා.
  • මේ පසුබැසීම දකුණු කොරියාවේ ක්‍රීඩා ලෝලීන් තුළ ප්‍රබල කලකිරීමක් ඇතිකර තිබෙනවා.
  • සුපිරි වෙළඳසැලක් (සුපර්මාකට්) හා බාබකිව් බොජුන් හලක් හොම් ට එහි ඇතුළු වීම තහනම් කරන දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබෙන අතර එහි ඡායාරූප Reddit නමැති විශාල සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ද්වේෂයට ලක්ව සිටින පුහුණුකරු (හිටපු) හොම් යං-බෝ (Hong Myung-Bo) ට කොරියාවේ සාප්පුවලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. මීට අමතරව, කොරියානු ජනාධිපතිවරයා ද ඔහුව තදින් විවේචනය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව ට පරාජය වෙමින් තම කණ්ඩායම මූලික වටයෙන් බ්‍රහස්පතින්දා ඉවතට යන අයුරු බලා සිටි 57 හැවිරිදි හොම් ඊට දිනකට පසුව ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා.

මේ පසුබැසීම දකුණු කොරියාවේ ක්‍රීඩා ලෝලීන් තුළ ප්‍රබල කලකිරීමක් ඇතිකර තිබෙනවා.

සුපිරි වෙළඳසැලක් (සුපර්මාකට්) හා බාබකිව් බොජුන් හලක් හොම් ට එහි ඇතුළු වීම තහනම් කරන දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබෙන අතර එහි ඡායාරූප Reddit නමැති විශාල සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර තිබෙනවා.

දකුණු කොරියානු පාපන්දු කළමනාකාර තනතුරෙන් ඉල්ලා අස්වෙමින් හොම් මෙසේ කියා සිටියා.

“පසුගිය වසර දෙක තිස්සේ වැදගත් තීරණ ගැනීමේදීත්, ක්‍රීඩකයින් තෝරාගැනීම් හෝ පුහුණු සැසියන් හා තරගවලට සූදානම් වෙද්දීත්, මම මට ම අසා ගත් එකම ප්‍රශ්නයක් තිබුණා: ‘මෙය කොරියානු පාපන්දුව සඳහා ගන්නා හරි තේරීම ද?’”

“ගත්ත හැම තීරණයක් ම නිවැරදි බව මට කියන්න බැහැ. නමුත් මට කියන්න පුළුවන් මම හැම තීරණයක් ම ගත්තේ කොරියානු පාපන්දුව හිතේ තියාගෙන කියලා.”

fgdfgdfgyy

ඔහු‌ගේ ඉල්ලා අස්වීම සිදුවුනේ දකුණු කොරියාවේ ජනාධිපති Lee Jae Myung කොරියානු කණ්ඩායමේ ලෝක කුසලාන ක්‍රීඩාව පිළිබඳව කේන්තියෙන් කතා කර පැය කිහිපයකට පසුව.

රටෙන් සමාව ගැනීමට පෙර ජනාධිපතිවරයා “අදක්ෂ පුද්ගලයන්” කෙරෙහි ඇඟිල්ල දික් කළා.

“දක්ෂකමට ඉහළින් පක්ෂපාතිත්වය හා කල්ලිවාදයට වටිනාකමක් දුන් විට සහ අදක්ෂ පුද්ගලයින් නායකත්වයේ තනතුරුවලට පත් කළාම, විපාකය නියතයි.”

“මේ පිළිගත නොහැකි ප්‍රතිඵලයෙන් හටගෙන තිබෙන දැඩි කලකිරීම ගැන මම ජනතාවට මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ කිසිම දෙයක් ආයෙත් ඇති නොවීම සහතික කරන්න අපි ඉක්මනින් ක්‍රීඩාවේ පරිපාලනය ප්‍රතිසංස්කරණය කරනවා” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

දකුණු කොරියාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ චෙක් සමූහාණ්ඩුව සමග පැවති ඔවුන්ගේ ආරම්භක තරගය ජයග්‍රහණය කළ ද දකුණු අප්‍රිකාව හා මෙක්සිකෝව වෙතින් ලත් පරාජ දෙකෙන් පසුව ‘ඒ’ කොටසේ තරග අවසන් කළේ තෙවැනි ස්ථානයෙන්.

දකුණු අප්‍රිකාව ට ගෝල් 1-0කින් පරාජය වීම නිසා හොඳම තෙවැනි ස්ථාන කණ්ඩායම් අටෙන් එකක් බවට පත්වීමට නොහැකි‌ වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමෙන් කුපිත වූ දකුණු කොරියානු පාපන්දු ලෝලීන් පෙත්සමක් ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

මේ ප්‍රතිඵලය හෝ දකුණු අප්‍රිකාව සමග පැවති තීරණාත්මක තරගයේ ආරම්භක ක්‍රීඩකයින් 11 දෙනාට නායක සොන් හියොං-මෙන් ඇතුළත් නොකිරීමේ මතභේදාත්මක තීරණය හෝ ක්‍රීඩා ලෝලීන් සතුටින් බාර ගත්තේ නැහැ.

පරාජිත උරුගුවේ කණ්ඩායමට දඬුවම්
xfgdgerte
මේ අතර, ලෝක කුසලාන තරගාවලියෙන් කලින් ම ඉවත් වූ උරුගුවේ ක්‍රීඩකයින්ට එරට පාපන්දු සම්මේලනය දඬුවම් කර තිබෙනවා.

දෙවතාවක් ලෝක කුසලාන පාපන්දු ශූරයින් වූ උරුගුවේ මෙවර තරගාවලියේ ඔවුන්ගේ ‘එච්’ කොටසේ අවසාන තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල් 0-1කින් පරාජය වීමෙන් පසුව තරගාවලියෙන් ඉවතට විසිවුණා. කේප් වර්ඩ් හා සෞදි අරාබිය සමග පැවති‌ අනෙක් මූලික වට තරග දෙක ජය පැරදුමින් තොරව නිමා වූ බැවින් උරුගුවේ මූලික වටය අවසන් කළේ එකම ජයග්‍රහණයක් හෝ නැතිව. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ දකුණු අමෙරිකාවේ කණ්ඩායමට ඔවුන්ගේ කොටසේ අන්තිමයා වෙමින් තරගාවලියෙන් පිටව යාමට සිදුවුණා.

කණ්ඩායමේ මේ දරුණු පරාජය දරාගත නොහැකි වූ උරුගුවේ පාපන්දු සම්මේලනය උරුගුවේ ක්‍රීඩකයින්ට පෙරළා සියරට පැමිණීම සඳහා කලින් සැලසුම් කර තිබූ කුලියට ගත් ගුවන් යානය අවලංගු කර තිබෙනවා.

මේ අනුව එම ක්‍රීඩකයින්ට නැවත පැමිණීමට සිදුව තිබෙන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් බවත් එය ද සියලු දෙනාම එක්ව කණ්ඩායමක් වශයෙන් නොව වෙන් වෙන් වූ ගුවන් යානාවලින් බවත් වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...