The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරගුවේට එරෙහිව හය වැනි පෙනල්ටිය එල්ල කිරීම ජර්මන් ක්‍රීඩකයින් සිවු දෙනෙකුම ප්‍රතික්ෂේප කරලා!

T

The Leader Desk

July 1, 2026 • 3:46 PM

පැරගුවේට එරෙහිව හය වැනි පෙනල්ටිය එල්ල කිරීම ජර්මන් ක්‍රීඩකයින් සිවු දෙනෙකුම ප්‍රතික්ෂේප කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරගුවේ ට එරෙහි ලෝක කුසලාන පාපන්දු තරගයේ තීරණාත්මක හය වැනි පෙනල්ටිය එල්ල කිරීම ජර්මනියේ ක්‍රීඩකයින් සිවු දෙනෙක්
  • මේ නිසා එම කණ්ඩායමේ ආරක්ෂක පෙලේ ක්‍රීඩකයෙකුට ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ ප්‍රථම වතාවට පෙනල්ටියක් එල්ල කිරීමේ අවස්ථාවට මුහුණ දෙමින් ජර්මනිය ට පරාජය අත්කර දුන් ක්‍රීඩකයා බවට පත්වීමට සිදුවුණා.
  • සිවු වරක් ශූරතාව දිනා ගත් ජර්මනිය ට මෙවර ලෝක කුසලාන තරගාවලිය ශෝකාන්තයක් බවට පත්වු‌නේ පැරගුවේ ට එරෙහි ‘කණ්ඩායම් 32’ තරගයේ පෙනල්ටි සටනෙන් පරාජයට පත්වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බැවින්.
  • ජර්මනිය ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු මෙහෙයුම ආරම්භ කළේ කියුරසාවු ගෝල් 7-1කින් පරාජය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතික්ෂේප කළ බව වාර්තා වනවා. මේ නිසා එම කණ්ඩායමේ ආරක්ෂක පෙලේ ක්‍රීඩකයෙකුට ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ ප්‍රථම වතාවට පෙනල්ටියක් එල්ල කිරීමේ අවස්ථාවට මුහුණ දෙමින් ජර්මනිය ට පරාජය අත්කර දුන් ක්‍රීඩකයා බවට පත්වීමට සිදුවුණා.

සිවු වරක් ශූරතාව දිනා ගත් ජර්මනිය ට මෙවර ලෝක කුසලාන තරගාවලිය ශෝකාන්තයක් බවට පත්වු‌නේ පැරගුවේ ට එරෙහි ‘කණ්ඩායම් 32’ තරගයේ පෙනල්ටි සටනෙන් පරාජයට පත්වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බැවින්. තරගයේ සීමාන්තික කාලයේදී යෝනාටන් ටා (Jonathan Tah) හිසෙන් එල්ල කළ ගෝලය වීඩියෝ සහාය විනිසුරු VAR ක්‍රමවේදය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තර්ක විතර්ක තවමත් සිදුවෙමින් තිබියදී, මැනුවෙල් නෝයා (Manuel Neuer) ගෝලය බේරා ගැනීමෙන් පසුව පෙනල්ටි පහ බැගින් වූ සටන අවසානයේ ප්‍රතිඵලය 3-3ක් ලෙස සමව තිබූ අවස්ථාවේ හය වැනි පෙනල්ටි පහර ලබා ගැනීම ජර්මන් ක්‍රීඩකයින් සිවු දෙනෙකු ම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වී තිබෙනවා. ජර්මනිය ඔවුන්ගේ කීර්තිමත් යුගයේ සිට දැන් වැටී තිබෙන අගාධයේ ගැඹුර මේ අනාවරණයෙන් සැබැවින්ම පෙන්නුම් කරනවා.

ජර්මනිය ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු මෙහෙයුම ආරම්භ කළේ කියුරසාවු ගෝල් 7-1කින් පරාජය කරමින්. එහෙත් ඔවුන් අයිවරි කෝස්ට් ට එරෙහි ඔවුන්ගේ ‘ඊ’ කොටසේ දෙවැනි තරගය අමාරුවෙන් ජය ගැනීමෙන් පසුව (2-1) ඔවුන්ගේ කණ්ඩායම කරදරයට පත්වන ලකුණු පහළ වීමට පටන් ගත්තා. ඔවුන්ගේ වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමට අසමත් වූ කණ්ඩායම ඉක්වදෝරය සමග ඔවුන්ගේ අවසාන මූලික තරගය ගෝල් 1-2ක් ලෙසින් පරාජයට පත්වුණා.

පැරගුවේ සමග ‘32 වටයේ’ තරගයේ අතිරේක කාලයේ යෝනාටන් ටා හිසෙන් ලබා ගත් ගෝලය VAR විසින් මකා දැමීමෙන් පසුව තරගය ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා. දෙපිලේ පෙනල්ටි දහයෙන් පසුව ලකුණු ප්‍රමාණය 3-3ක් ලෙස සමව තිබූ මොහොතේ ජර්මනිය වෙනුවෙන් හය වැනි පෙනල්ටිය එල්ල කිරීමට ඉදිරිපත් වුනේ ටා.

එය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ එදා මෙදා තුර ඔහු ලබා ගත් පළමු පෙනල්ටිය වූ අතර ඔහුගේ උත්සාහය පිළිබිඹු කළේ ඒ පළපුරුද්ද නැතිකමයි. ටා‌ගේ පහර ඉලක්කයෙන් බොහෝ පිටතට ගියේ පැරගුවේ ට ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් ජර්මනිය ට එරෙහිව ලබා දෙමින්. දැල වෙත එල්ල කරන පහර සහ ඒවා ඉලක්කයට නොයාම තරගයේ කොටසක් වුනත්, ලජ්ජාවට කාරණය වන්නේ ජර්මන් ක්‍රීඩකයින් හතර දෙනෙකු ම ඔවුන්ට ආත්ම විශ්වාසයක් නැති නිසා හය වැනි පෙනල්ටිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

හය වැනි පෙනල්ටිය එල්ල කිරීමේ වගකීම ටා බාර ගත්තේ තමන්ගේ කණ්ඩායම් සගයින් සිවු දෙනෙකු අකැමැත්ත පළ කිරීමෙන් පසුව පමණක් බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරනවා. පෙනල්ටි සටන ‘ක්ෂණික මරණය’ මොහොතට පැමිණ තිබියදී තීරණාත්මක පෙනල්ටිය ලබා ගැනීමට හැකි විශ්වාසයක් Leon Goretzka, Waldemar Anton, Nathaniel Brown සහ Malick Thiaw යන ක්‍රීඩකයින් තුළ තිබී නැහැ.

හය වැනි පෙනල්ටිය ලබා ගන්නා ලෙසට ජර්මනිය වෙනුවෙන් තරග 72කට ක්‍රීඩා කර ඇති Goretzka ගෙන් නායක Joshua Kimmich දෙවතාවක්ම ඉල්ලා ඇතත් ඒ වගකීම බාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. Goretzka ජර්මන් කණ්ඩායමේ සිටින එක් වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒ නිසා පෙනල්ටිය ලබා නොගැනීමේ ඔහුගේ තීරණය අන් සියල්ලටම වඩා පුදුමයක් වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරගුවේට එරෙහිව හය වැනි පෙනල්ටිය එල්ල කිරීම ජර්මන් ක්‍රීඩකයින් සිවු දෙනෙකුම ප්‍රතික්ෂේප කරලා! | The Leader