The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෙක්සිකෝ ජයග්‍රහණය සැමරූ මිලියනයකට වැඩි ජනතාවක් මැද තෙරපී සිවු දෙනෙක් මරුට

T

The Leader Desk

July 2, 2026 • 7:37 AM

මෙක්සිකෝ ජයග්‍රහණය සැමරූ මිලියනයකට වැඩි ජනතාවක් මැද තෙරපී සිවු දෙනෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉක්වදෝරය ගෝල් 2-0කින් පරාජය කරමින් මෙක්සිකෝව වසර 40කට පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 16 දෙනාගේ
  • සෙනඟ අතර තෙරපීම නිසා හුස්ම හිරවීමෙන් මිය ගිය තිදෙනෙක් අතර වයස අවුරුදු 19ක තරුණියක් ද සිටිනවා.
  • ඉක්වදෝරය ට එරෙහි ‘කණ්ඩායම් 32’ වටයේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව ප්‍රීතියෙන් උන්මාදයට පත් සෙනඟ මෙක්සිකෝ නගරයට කඩාවැදීමේදී 48 වියැති කාන්තාවක් හා 44 වැනි වියේ පසුවෙමින් සිටි පිරිමියෙකු ද මරණයට පත්ව ඇතැයි අගනුවර සෞඛ්‍ය බලධාරීන් ඊයේ ප්‍රකාශ කළා.
  • 30 හැවිරිදි අපස්මාර රෝගියෙකු ද මිය ගිය බව නගරයේ බලධාරීන් පසුව නිවේදනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

වටයට පිවිසීමේ ජයග්‍රහණයෙන් උමතු වූ ජනතාව මෙක්සි‌කෝ නගරයේදී එම ප්‍රීතිමත් අවස්ථාව සමරන අතරතුර පුද්ගලයින් සිවු දෙනෙක් මිය ගොස් තිබෙනවා.

erw4rw34rtf

සෙනඟ අතර තෙරපීම නිසා හුස්ම හිරවීමෙන් මිය ගිය තිදෙනෙක් අතර වයස අවුරුදු 19ක තරුණියක් ද සිටිනවා. ඉක්වදෝරය ට එරෙහි ‘කණ්ඩායම් 32’ වටයේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව ප්‍රීතියෙන් උන්මාදයට පත් සෙනඟ මෙක්සිකෝ නගරයට කඩාවැදීමේදී 48 වියැති කාන්තාවක් හා 44 වැනි වියේ පසුවෙමින් සිටි පිරිමියෙකු ද මරණයට පත්ව ඇතැයි අගනුවර සෞඛ්‍ය බලධාරීන් ඊයේ ප්‍රකාශ කළා.

30 හැවිරිදි අපස්මාර රෝගියෙකු ද මිය ගිය බව නගරයේ බලධාරීන් පසුව නිවේදනය කළා.

 

1xp mexico bfjq googleFourByThree
1986 වසරෙන් පසුව වාර්තා වූ මෙක්සිකෝවේ පළමු ලෝක කුසලාන පාපන්දු පිළිමළුන් පිටු දැකීමේ වටයක ජයග්‍රහණය සැමරීම පිණිස මිලියනයකට වැඩි ජනතාවක් නගරයේ වීදිවලට බැස්සේ ප්‍රධාන වශයෙන් ‘නිදහසේ දෙව්දුවගේ ස්මාරකය’ වටා රොක්වෙමින්.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මේ දක්වා ප්‍රදර්ශනය වී තිබෙන ජාතික කණ්ඩායමේ වික්‍රමාන්විත ගමනින් මුළු මෙක්සිකෝ රට ම පිස්සු වැටී සිටිනවා. වසර 40කදී එකම ‘නොක්-අවුට්’ තරගයක් හෝ ජයගෙන නොසිටි මෙක්සිකෝව මෙවර තරගාවලියේ සිවු වැනි වරටත් සාර්ථක වී සිටින්නේ ඊළඟ වටයට පිවිසීමේ ඔවුන්ගේ ප්‍රගමනය සිදුවුනේ විශ්වාසයෙන් යුතුව බවට ඒත්තු ගන්වමින්.

ලෝක කුසලාන පාපන්දු පිළිමළුන් පිටුදැකීමේ තරගයක පළමු ජයග්‍රහණය ලබා ගෙන හරියටම වසර 40කට පසුව වාර්තා වූ මෙක්සිකෝවේ මේ ජයග්‍රහණය ක්‍රීඩා ලෝලීන් ඉහවහා ගිය ප්‍රීතියෙන් භුක්ති විඳින අයුරු දැක්වෙන වීඩියෝවක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඔවුන්ගේ X සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාගෙන තිබෙන්නේ එය මෙක්සිකෝ පාපන්දු කණ්ඩායමට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට "ඓතිහාසික රාත්‍රියක්” යැයි වර්ණනා කරමින්.

ඉක්වදෝරය හා මෙක්සිකෝව අතර ඊයේ පෙරවරුවේ පැවති තරගය අධික වර්ෂාව හා විදුලි කෙටීම හේතුවෙන් පැයකින් ප්‍රමාද වී ආරම්භ වීමෙන් පසුව මෙක්සිකෝව ඔවුන්ගේ චමත්කාරජනක ආරක්ෂාකාරී ක්‍රීඩාවේ වාර්තාව පවත්වාගන යන අතරෙම ඔවුන්ගේ අපරාජිත ගමනේ ද දිගටම ඉදිරියට ගියා.

 



මෙක්සිකෝව මෙවර තරගාවලියේ ඔවුන්ගේ මේ පිට පිට සිවු වැනි ජයග්‍රහණයත් සමග ප්‍රතිවාදීන්ට එකම ගෝලයක් හෝ ලබා නොදුන් දක්ෂතාව ද තවදුරටත් දික් කරගෙන තිබෙන්නේ තරගාවලියේ සිටින එක් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වෙමින්.

තම භූමියේදී ලෝක කුසලාන මෙහෙයුමේ දිගටම නියැලීමේ අපේක්ෂාවෙන් පසුවන මෙක්සිකෝවේ මීළඟ ප්‍රතිවාදීන් වනුයේ එංගලන්තය. එම තරගය ජූලි 6 වැනිදා පැවැත්වෙන්නේ මෙක්සිකෝ‌වේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...