The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රතු කාඩ්පතක් නිසා පාපන්දු ලෝලීන්ට වාසියක්: ඩොමිනෝස් වෙතින් ඩොලර් මිලියනයක පීට්සා නොමිලේ

T

The Leader Desk

July 2, 2026 • 12:10 PM

රතු කාඩ්පතක් නිසා පාපන්දු ලෝලීන්ට වාසියක්: ඩොමිනෝස් වෙතින් ඩොලර් මිලියනයක පීට්සා නොමිලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු තරගයක රතු කාඩ්පතක් ගෙන දෙන්නේ ලොකු පාඩුවක්.
  • මෙය මේ පීට්සා දැවැන්තයින් විසින් අලුතින් නිකුත් කරන නිවේදනයක් නොව ‌2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් දුන් පොරොන්දුවක් ඉටු කිරීමක්.
  • ඇත්ත වශයෙන්ම, තරගයේ දෙවැනි භාගයේදී බැලගන් පිටියෙන් ඉවත් කිරීමෙන් පසුව, අමෙරිකාව 82 වැනි මිනිත්තුවේදී නිදහස් පහරක් මගින් තවත් ගෝලයක් ලබා ගත්තා.
  • එහි ප්‍රතිඵලයක් වශයෙන්, අමෙරිකාව 16 දෙනාගේ වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් රතු කාඩ්පත නිසා වාසියක් ගෙන දෙන අවස්ථාවක් දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරග බිමෙන් වාර්තා වනවා.

බොස්නියා/හර්සගොවිනා පිලට එරෙහිව අද උදේ පැවති ලෝක කුසලාන කණ්ඩායම් 32 වට තරගයේදී අමෙරිකානු කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ෆොලරින් බැලගන්  (Folarin Balogun) ට රතු කාඩ්පත පෙන්වා පිටියෙන් පිටමං කිරීමෙන් පසුව ඩොලර් මිලියනයක් වටිනා ‘ක්ෂණික පීට්සා’ නොමිලේ බෙදා දීමට ඩොමිනෝස් කටයුතු යොදා තිබෙනවා.

මෙය මේ පීට්සා දැවැන්තයින් විසින් අලුතින් නිකුත් කරන නිවේදනයක් නොව ‌2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් දුන් පොරොන්දුවක් ඉටු කිරීමක්. අමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත (Red Card) පෙන්වීමකට ලක්වුනොත්, ඒ දුක තුනීකර ගැනීමට උපකාර කිරීම පිණිස ඩොමිනෝස් ජාලය මධ්‍යම ප්‍රමාණයේ පීට්සා 60,000කට වැඩි ප්‍රමාණයක් නොමිලේ බෙදා දෙන බවට ඩොමිනෝස් මේ වසරේ මැයි මාසයේදී ප්‍රතිඥාවක් දුන්නා. දැන් එය සිදුව තිබෙනවා.

අමෙරිකාවේ වාසනාවට බොස්නියාව ට එරෙහි තරගයේ රතු කාඩ්පත නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුනේ නැහැ. ඇත්ත වශයෙන්ම, තරගයේ දෙවැනි භාගයේදී බැලගන් පිටියෙන් ඉවත් කිරීමෙන් පසුව, අමෙරිකාව 82 වැනි මිනිත්තුවේදී නිදහස් පහරක් මගින් තවත් ගෝලයක් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අමෙරිකාව 16 දෙනාගේ වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත්තා.

 


වසර 24ක් තුළ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක ලැබූ පළමු ජයග්‍රහණයේ ප්‍රීතියෙන් කුල්මත්ව සිටින අමෙරිකානු පාපන්දු ලෝලීන්ට දැන් පීට්සා  නොමිලේ රසවිඳීමේ අවස්ථාව ද උදාවී තිබෙනවා.

පිටියෙන් නෙරපා හැරීමට පෙර, මේ තරගයේ අමෙරිකානු තරුව වී සිටියේ මෙවර තරගාවලියේ සිය තෙවැනි ගෝලය ලබා ගෙන සිටි ෆොලරින් බැලගන්. කෙසේ වෙතත්, බොස්නියාව ට එරෙහිව රතු කාඩ්පත ලැබීමට මුල්වූ ඔහුගේ නීතිවිරෝධී ක්‍රීඩාව දෙස නිලධාරීන් බලන ආකාරය අනුව ඔහුට තරග දෙකක් හෝ ඊට වැඩි තහනමක් ලැබීමට ඉඩ තිබෙනවා.

බොස්නියාව ට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය අමෙරිකාව ට ලබන සඳුදා බෙල්ජියම සමග ‘කණ්ඩායම් 16’ වටයේ තරගයක් ලබා දී තිබෙනවා. එහෙත් පැරගුවේ ට එරෙහිව ගෝල් දෙකක් ලබා ගනිමින් අමෙරිකානු කණ්ඩායම දිරිමත් කළ 24 හැවිරිදි හිටපු ‘ආසනල්’ ක්‍රීඩක බැලගන් කණ්ඩායමේ නැතිවීම අමෙරිකාව ට ඉදිරි තරගයේදී මහත් පාඩුවක් ගෙන දෙනු ඇතැයි පැවසෙනවා.

බොස්නියාව සමග තරගයේදී ලබා ගත් ගෝලයෙන් පසුව තවත් ගෝල් ද්විත්වයක් ලබා ගෙන ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවන් බැලගන් ට මඟහැරුනු අතර තරගයේ පැයක් සම්පුර්ණ වෙද්දී බොහෝ විට ඔහුගේ මේ ලෝක කුසලාන ක්‍රීඩාවේ අවසානය සනිටුහන් වෙමින් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. 

4vy4e5e5y
බෙස්නියානු ආරක්ෂක පෙල ක්‍රීඩකයෙකු සමග පන්දුව ලබා ගැනීමේදී සිදුවූ වැරදි රහිත ලෙසින් දිස්වූ පොරයකදී බැලගන්ගේ බූට් සපත්තුව එම ක්‍රීඩකයාගේ වළලුකර පිටුපස පතිත වීමේදී එය බිහිසුණු ලෙස ඇඹරීම හේතුවෙන් ඔහුට රතු කාඩ්පත පෙන්වනු ලැබුවා.

මෙය සම්පූර්ණයෙන්ම වැරදීමකින් සිදුවූ දෙයක් බව ඒ මොහොතේ පෙනුණ ද එහි සෙමෙන් සිදුවන වීඩියෝ සහායක විනිසුරුගේ (VAR) රූපවාහිනී පුනරූපනයක් බැලීම පිණිස කැඳවනු ලැබූ බ්‍රසීල ජාතික තරග විනිසුරුට රතු කාඩ්පතක් පෙන්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ.
මෙමගින් බැලගන්ගේ නම තවත් තදින් වාර්තා පොත්වල ලියැවුණා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ගෝල් තුනක් ලබා ගත් තෙවැනි අමෙරිකානුවා බවට පත්වූ රාත්‍රියේ ම බැලගන් ලෝක කුසලාන ‘නොක්-අවුට්’ තරගයකදී ගෝල් ලබා ගෙන පිටියෙන් නෙරපා හැරුණු සිවු වැනි ක්‍රීඩකයා බවට පත්වුණා. මීට පෙර බ්‍රසීලයේ ගෙරින්ෂා 1962 අවසන් පූර්ව තරගයේදී ද, ඔහුගේ ස්වදේශික රොනල්ඩීන්යෝ  එංගලන්තය ට එරෙහි 2002 අර්ධ අවසන් පූර්ව තරගයේදී ද, ප්‍රංශයේ සෙනඩීන් සෙඩෑන්  2006 අවසාන තරගයේදී ඉතාලිය ට එරෙහිව සිදු කළ කුප්‍රකට හිසෙන් පහර දීමේ සිද්ධියේදී ද පිටියෙන් ඉවත් කරනු ලැබුවා.
                   
පාපන්දු විනිසුරුවන්ගේ දෙබිඩි පිළිවෙත
 
HML5j7AXkAAbtkG
මේ අතර,  VAR විසින් බැලගන්ගේ සිද්ධිය පිළිබඳ දැන්වීමෙන් පසුව ඔහු තරගයෙන් ඉවත් කිරීමට පිටියේ තරග විනිසුරු ගත් තීරණය වහාම දෝෂාරෝපණයට ලක් කළ ක්‍රීඩා ලෝලීන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ දෙබිඩි පිළිවෙත කෙරෙහි අවධානය යොමු කර තිබෙන්නේ මේ තරගාවලියේ මීට කළින් ආජන්ටිනා නායක ලියනල් මෙසී සිදු කළ මේ හා සමාන වරදකට ඔහුට අවම වශයෙන් කහ කාඩ්පතක් හෝ නිකුත් නොකළ බව පෙන්වා දෙමින්.
 
ක්‍රීඩා ලෝලීන් දැඩි ප්‍රතිචාර දැක්වූයේ ආජන්ටිනාව හා ඇල්ජීරියාව අතර පැවති ‌තරගය මතක් කරමින්. එම තරගයේදී ආජන්ටිනාව ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියදී මෙසී අශෝභන අභියෝගයක් එල්ල කරමින් ඇල්ජීරියානු නායක අයිස මැන්ඩිගේ (Aissa Mandi) පිටුපසින් සිට ඔහුගේ දකුණු කෙණ්ඩය මතට කෙළින්ම සපත්තුව තබා පෑගුවා. එය රූපවාහිනී පුනරූපනවල ඉතාම පැහැදිලිව දිස්ව තිබුණ ද තරගය විනිශ්චය කරමින් සිටි පෝලන්ත ජාතික විනිසුරුවරයා එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස දන්වමින් විසීලය නාද කළත් මෙසී ට කහ කාඩ්පතක් පෙන්වූයේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...