The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වැඩිම කාලයක් ගෝල් ලබා නොදෙමින් ස්පාඤ්ඤ ගෝල් රකින්නා ගිනස් ලෝක වාර්තා පොතට

T

The Leader Desk

July 3, 2026 • 12:04 PM

වැඩිම කාලයක් ගෝල් ලබා නොදෙමින් ස්පාඤ්ඤ ගෝල් රකින්නා ගිනස් ලෝක වාර්තා පොතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤයේ ගෝල් රකින ක්‍රීඩක උනායි සිමොන් (Unai Simon) ලෝක කුසලාන පාපන්දු තරගවල වැඩිම කාලයක් ගෝල් ලබා නොදීමේ නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් පාපන්දු ඉතිහාස පොතට එක්ව සිටිනවා.
  • ගෝල් ලබා නොදීමේ ඔහුගේ එම අඛණ්ඩ කාලය ආජන්ටිනාව ට එරෙහි 1990 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ 67 වැනි මිනිත්තුවේදී අවසන් වුණා.
  • ඔස්ට්‍රියාව ට එරෙහි ගෝල් ලබා නොදීමේ පිරිසිදු පත්‍රිකාව කටාර් හි පැවති 2022 තරගාවලියේ සිට මේ දක්වා පිට පිට ලෝක කුසලාන තරගවල සිමොන්ගේ පස් වැනි සාර්ථකත්වය වනවා.
  • 2026 තරගාවලියේදී ඔහු කේප් වර්ඩ්, සෞදි අරාබිය, උරුගුවේ හා ඔස්ට්‍රියාව ට එරෙහිව පිරිසිදු වාර්තාවක් පවත්වා ගෙන යමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෘතුගාලය සමග ’16 දෙනාගේ වටයේ’ තරගයකට පිවිසීම සඳහා ඔස්ට්‍රියාව ට එරෙහිව ස්පාඤ්ඤය ලබා ගත් ගෝල් 3-0ක ජයග්‍රහණයෙන් පසුව ස්පාඤ්ඤ ගෝල් රකින්නා පාපන්දු ක්‍රීඩාවේ ලොකුම වේදිකාවේ විස්මය ජනක මිනිත්තු 519ක් ගෝල් ලබා නොදෙමින් එක දිගට ගෝල් දැල ආරක්ෂා කර තිබෙන්නේ දශක තුනකට වැඩි කාලයක් (වසර 36) නොමැකී තිබුණු දක්ෂතාවක් අභිභවා යමින්. සිමොන්ගේ මේ වික්‍රමයෙන් මැකී යන්නේ ඉතාලියේ පුරාවෘත්තමය ගෝල් රකින්නෙකු වන වෝල්ටර් සෙන්ගා පිහිටුවා තිබූ මිනිත්තු 518ක වාර්තාව. ගෝල් ලබා නොදීමේ ඔහුගේ එම අඛණ්ඩ කාලය ආජන්ටිනාව ට එරෙහි 1990 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ 67 වැනි මිනිත්තුවේදී අවසන් වුණා.

ඔස්ට්‍රියාව ට එරෙහි ගෝල් ලබා නොදීමේ පිරිසිදු පත්‍රිකාව කටාර් හි පැවති 2022 තරගාවලියේ සිට මේ දක්වා පිට පිට ලෝක කුසලාන තරගවල සිමොන්ගේ පස් වැනි සාර්ථකත්වය වනවා.

terey5yhr
සිමොන්ගේ ජයග්‍රාහී ක්‍රියාව ගිනස් ලෝක වාර්තා ආයතනය අද නිල වශයෙන් ස්ථිර කළා.

“නව වාර්තාවක්: දීර්ඝතම පාපන්දු FIFA ලෝක කුසලාන පිරිසිදු පත්‍රිකාව. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක තරගවලදී ගෝල් රකින්නෙක් ගෝලයක් ලබා නොදුන් වැඩිම කාලය වන්නේ ස්පාඤ්ඤයේ උනායි සිමොන් ක්‍රීඩා කළ මිනිත්තු 519 යි” ගිනස් ලෝක වාර්තා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

සිමොන්‌ගේ වාර්තාව ලෝක කුසලාන තරගාවලියන් දෙකක විහිද තිබෙනවා. 2026 තරගාවලියේදී ඔහු කේප් වර්ඩ්, සෞදි අරාබිය, උරුගුවේ හා ඔස්ට්‍රියාව ට එරෙහිව පිරිසිදු වාර්තාවක් පවත්වා ගෙන යමින් සිටිනවා. මෙයින් පළමු තරග මූලික වටයේ ද, ඔස්ට්‍රියා තරගය ’32 වටයේ’ ද වූ අතර මේවායේ මිනිත්තුවල එකතුව 360ක්. මෙය සටහන් වන්නේ ඔහු 2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ ගෝල් ලබා නොදී නොකඩවා ක්‍රීඩා කළ මිනිත්තු 159කට පසුවයි.

2022 තරගාවලියේ 16 දෙනාගේ වටයේ පෙනල්ටි සටනකදී මොරොක්කෝව විසින් ස්පාඤ්ඤය තරගාවලියෙන් ඉවත් කරනු ලැබුව ද, සිමොන් ඔහු ක්‍රීඩා කළ මිනිත්තු 120දී එකම ගෝලයක් හෝ ලබා දුන්නේ නැහැ.

 

goaltyg
ලෝක කුසලාන තරගයකදී සිමොන්ව අවසන් වරට පරාජය කර තිබෙන්නේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ස්පාඤ්ඤය මූලික වටයේදී ජපානය ට පැරදුනු අවස්ථාවේ. දෙසැම්බර් 1 වැනිදා තරගයේ 51 වැනි මිනිත්තුවේදී Ao Tanaka ඒ ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එතැන් සිට මේ දක්වා සිමොන් වෙනත් ගෝලයකට ඉඩ දී නැහැ.

මේ එදා මෙදා තුර ලෝක කුසලාන පාපන්දු වාර්තාව පිහිටුවීමට පෙර, සිමොන් මීට පෙර ස්පාඤ්ඤයේ Iker Casillas විසින් හිමි කරගෙන තිබූ මිනිත්තු 476 වාර්තාව බිඳ දැමුවා. ඒ වාර්තාව පිහිටුවා තිබුනේ 2010 සහ 2014 ලෝක කුසලාන තරගාවලියන් හරහා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...