තැබෑරුම් විවෘත කර තැබීමට අවසර දී තිබෙනවා.
එංගලන්ත අගමැති සර් කිය ස්ටාම හදිසි නීතියක් ගෙන එමින් මේ අවසරය ලබා දී තිබෙන්නේ අධික ලෙස මත්පැන් බොන්නන්ට එංගලන්තය හා වේල්සය පුරා තිබෙන බාර්වල සිට එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ‘16’ වටයේදී මෙක්සිකෝව සමග ගැටෙන අයුරු සජීවීව නැරඹීමට හැකිවනු පිණිසයි.
තරගය ආරම්භ වන්නේ එංගලන්ත වේලාවෙන් පෙරවරු 1.00 ට බැවින් රාත්‍රිය පුරා බාර් විවෘත කර තබා ගැනීමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු වන අතර එවැනි අවසරයක් ලබා ගැනීමේ අවසන් කාලසීමාව එංගලන්ත කණ්ඩායම කොංගෝව පරාජය කළ අවස්ථාව වන විට පසුවී තිබුණා.
එහෙත් සිය ධූරයෙන් ඉවත්ව යන අගමැතිවරයා මීට දින දෙකකට පෙර නිවේදනයක් නිකුත් කරමින්, ජූලි 6 වැනිදා පෙරවරු 5.00 දක්වා සියලුම තැබෑරුම් සහ බාර් විවෘතව තබා ගැනීමට හැකි බවට තහවුරු කළා.
ඔහු මෙසේ කියා සිටියා: “තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වනතෙක් බාර් විවෘතව තැබීම ක්‍රීඩා ලෝලීන්ට වගේම බාර්වලටත්, ප්‍රජාවන් එකට එක් කරන ස්ථානවලටත් හොඳ ප්‍රවෘත්තියක්.”
“මුළු රටම කණ්ඩායම පිටුපස ඉන්නවා. කමෝන් ඉංග්ලන්ඩ්!!!”
තමන්ගේ ගමේ නගරයේ බාර්වල සිට හැරී කේන් සහ ඔහුගේ කොල්ලන්ට ‘චියර්’ කිරීමට හැකිවන පරිදි අවන්හල් බලපත්‍ර නීති තවදුරටත් ලිහිල් කරන ලෙසට වන ඉල්ලීම් මෑත කාලයේදී වැඩිවෙමින් තිබුණා.
එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන පාපන්දු ‘නොක්-අවුට්’ තරග පැවැත්වෙන දිනවලදී නියමිත කාලයට වඩා වැඩි වේලාවක් බාර් විවෘත කර තැබීම සඳහා ස්වදේශ කටයුතු කාර්යාලය මීට පෙර අවසර දී තිබුණා.
නමුත් සඳුදා මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘කණ්ඩායම් 16 වටය’ තරගය එම කාලසීමාවට පිටතින් වැටී තිබෙන්නේ එම තරගය ආරම්භ කරන වේලාව පෙරවරු 1.00 වන බැවින්.
එංගලන්තය තියුණු තරගයකදී කොංගෝව පරාජය කිරීමෙන් පසුව මෙක්සිකෝව හා එංගලන්තය අතර හෙට පැවැත්වෙන ‘32’ වටයේ තරගය මෙතෙක් පැවති වඩාත්ම මිල අධික ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගය බවට පත්වන ලකුණු පහළ වී තිබෙන්නේ ප්‍රවේශ පත් මිල පවුම් 27,000 දක්වා ඉහළ ගොස් ඇති බැවින්. මේ අනුව නිල අලෙවි කිරීමේදී ටිකට් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ට ලොකු ලාභයක් ලැබී තිබෙන බව වාර්තා වනවා.
දශක ගණනාවකින් පසුව පැවැත්වෙන තම රටේ විශාලතම තරගය නැරඹීම සඳහා මිලියන ගණන් මෙක්සිකානුවන් උත්සාහ කරමින් සිටින බැවින් ප්‍රවේශ පත්‍රවලට විශාල ඉල්ලුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
හෙට (6) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පෙරවරු 5.30 ට.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




