The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලානයෙන් විසිවුණු පරාජයෙන් කම්පිතව නේමා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගනී

T

The Leader Desk

July 6, 2026 • 9:21 AM

ලෝක කුසලානයෙන් විසිවුණු පරාජයෙන් කම්පිතව නේමා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රසීලය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ එක් ප්‍රතිමාමය ක්‍රීඩකයෙකු වන නේමා ජාත්‍යන්තර පාපන්දු තරග බිමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
  • නේමාගේ මේ ප්‍රකාශයත් සමග, තරග 129කදී ගෝල් 80ක් වාර්තා කරමින් බ්‍රසීලයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා ලෙස තිබූ වසර 16ක ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වනවා.
  • බ්‍රසීලය වෙනුවෙන් නේමාගේ අවසාන නියෝජනය සිදුවුනේ අමෙරිකාවේ නිව් ජර්සි නගරයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ අද පැවති 2026 ලෝක කුසලාන පාපන්දු ‘කණ්ඩායම් 16 දෙනාගේ වටයේ’ තරගයේ ආදේශ ක්‍රීඩකයෙකු ලෙසින්.
  • මෙය 2010 වසරේදී ඔහු බ්‍රසීලය වෙනුවෙන් මංගල තරගයට සහභාගි වූ ක්‍රීඩාංගණය ද වීම දෛවෝපගත සිදුවීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ තීරණය ගෙන තිබෙන්නේ නෝවේ කණ්ඩායම හමුවේ පරාජය වෙමින් බ්‍රසීලය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව.

නේමාගේ මේ ප්‍රකාශයත් සමග, තරග 129කදී ගෝල් 80ක් වාර්තා කරමින් බ්‍රසීලයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා ලෙස තිබූ වසර 16ක ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වනවා.

ney2893649

බ්‍රසීලය වෙනුවෙන් නේමාගේ අවසාන නියෝජනය සිදුවුනේ අමෙරිකාවේ නිව් ජර්සි නගරයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ අද පැවති 2026 ලෝක කුසලාන පාපන්දු ‘කණ්ඩායම් 16 දෙනාගේ වටයේ’ තරගයේ ආදේශ ක්‍රීඩකයෙකු ලෙසින්. මෙය 2010 වසරේදී ඔහු බ්‍රසීලය වෙනුවෙන් මංගල තරගයට සහභාගි වූ ක්‍රීඩාංගණය ද වීම දෛවෝපගත සිදුවීමක්. හිටපු බාසිලෝනා හා පැරිස් සැන්-ජමෑන් සමාජයීය ක්‍රීඩක නේමා අද පැවති තරගයේදී නෝවේ ට එරෙහිව පෙනල්ටියක් ලබා ගත්ත ද, එය බ්‍රසීලය තරගාවලියෙන් ඉවතට විසිවීම වැළැක්වීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

නෝවේ විසින් බ්‍රසීලය තරගාවලියෙන් ඉවත් කරද්දී නේමා සැනසිය නොහැකි පුද්ගලයෙක් ලෙස වේදනාවට පත්ව සිටියා. තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වීමෙන් පසුව ඔහු නොනවත්වා හඬා වැටෙන අයුරු දැකීමෙන් බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් බිඳී ගියා. ඔහුගේ කණ්ඩායම් සගයින් කිහිප‌ දෙනෙකුම ඔහුව සැනසීමට උත්සාහ කළත් මේ පරාජය නේමාව සම්පූර්ණයෙන් කම්පනයට පත් කර තිබුණා.

 

Neymar0958ej6
“මම උත්සාහ කළා, මම උත්සාහ කළා” යනුවෙන් ඔහු තරගයෙන් පසුව කියා සිටියා. “මම පටන් ගත්තේ මෙතැනින්, මම අවසන් කළේත් මෙතැනින්.”

බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම සමග නේමාගේ කාලය අවසන් වූවත්, ඔහු සිය අනාගතය ක්‍රීඩා වාරයෙන් වාරයට ඇගයීමට ලක් කරමින් තවදුරටත් සන්තොස් පාපන්දු සමාජය සමග ඔහුගේ ක්‍රීඩාව දිගටම කරගෙන යනු ඇතැයි වාර්තා වනවා.

ney9832787

 

නෝවේ හමුවේ ලත් පරාජය ලෝක කුසලාන තරගාවලියන් හිදී යුරෝපීය ප්‍රතාවාදීන්ට එරෙහි බ්‍රසීලයේ අතිශයින් අප්‍රසන්න වාර්තාව සලකුණු කරනවා. පස් වතාවක් ශූරයින් වූ බ්‍රසීලය 2002 ලෝක කුසලාන අවසාන තරගයේදී ජර්මනිය පැරදවීමෙන් පසුව මේ දක්වා යුරෝපීය ප්‍රතිවාදීන් පරාජය කර නැහැ.

බ්‍රසීලය ට කලින්ම ලැබුනු පෙනල්ටිය වළක්වනු ලැබීම මත රැඳී තිබූ අද තරගයේ නෝ‌වේ වෙනුවෙන් පසු කාලයේදී ගෝල් දෙකක් ලබා ගත්තේ මෙවර තරගාවලියේ වඩාත්ම බියජනක ආක්‍රමණශීලී ක්‍රීඩකයා බවට පත්ව සිටින අර්ලිං හාලන්ඩ්. තරගයේ අතිරේක කාලයේදී නේමා ලබා ගත් පෙනල්ටිය සැනසිලිදායක ගෝලයක් පමණක් බවට පත්වුණා. එය ක්‍රීඩකයෙකු වශයෙන් බ්‍රසීල කමිසය සමග නේමාගේ අන්තිම මොහොත ද සනිටුහන් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...