The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයාගේ තරග තහනම ඉවතට

T

The Leader Desk

July 6, 2026 • 3:57 PM

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයාගේ තරග තහනම ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ෆොලරින් බැලගන් ට රතු කාඩ්පත නිකුත් කරමින් පනවා තිබූ එක් තරගයක තහනම
  • මේ අනුව, බැලගන් ට ලෝක කුසලාන අවසාන කණ්ඩායම් 16 වටයේ බෙල්ජියම ට එරෙහි අමෙරිකාවේ තරගයට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලැබෙනවා.
  • ගෝල් තුනක් ලබා ගෙන මේ තරගාවලියේ සත්කාරක රටක් වන අමෙරිකාවේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින 25 හැවිරිදි බැලගන් ට, බොස්නියා/හර්සගොවිනා කණ්ඩායම සමග පැවති තරගයේ සිදුකළ නීතිවිරෝධී ක්‍රීඩාවක් හේතුවෙන් කෙළින්ම රතු කාඩ්පත පෙන්වනු ලැබුවා.
  • අමෙරිකාව 16 වටයට පිවිසියේ එම තරගයේ ලැබූ ගෝල් 2-0ක ජයග්‍රහණයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ඉවත් කර ගැනීම ජගත් පාපන්දු ලෝකය තුළ මහත් කැලඹීමක් ඇතිකර තිබෙනවා.

මේ අනුව, බැලගන් ට ලෝක කුසලාන අවසාන කණ්ඩායම් 16 වටයේ බෙල්ජියම ට එරෙහි අමෙරිකාවේ තරගයට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලැබෙනවා. ගෝල් තුනක් ලබා ගෙන මේ තරගාවලියේ සත්කාරක රටක් වන අමෙරිකාවේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින 25 හැවිරිදි බැලගන් ට, බොස්නියා/හර්සගොවිනා කණ්ඩායම සමග පැවති තරගයේ සිදුකළ නීතිවිරෝධී ක්‍රීඩාවක් හේතුවෙන් කෙළින්ම රතු කාඩ්පත පෙන්වනු ලැබුවා. අමෙරිකාව 16 වටයට පිවිසියේ එම තරගයේ ලැබූ ගෝල් 2-0ක ජයග්‍රහණයෙන්. එහිදී අමෙරිකාව වෙනුවෙන් ආරම්භක ගෝලය ලබා ගත්තේ බැලගන්.

ඔහුට පනවන ලද ඉබේ ක්‍රියාත්මක වන එක් තරගයක තහනම වසරකට අත්හිටවූ බව FIFA සඳහන් කරනවා. මේ පියවර ගැනීම පිටුපස තිබෙන හේතුව කුමක්දැයි ප්‍රකාශ කර නැති ඔවුන් ඒ වෙනුවට දඬුවමක් අහෝසි කිරීමට ඉඩදෙන නීතියක් උපුටා දක්වනවා.

“අයුක්තිසහගත ලොකු වැරැද්දක් නිවැරදි කිරීම” පිළිබඳව ට්‍රම්ප් සමාජ මාධ්‍ය පෝස්ටුවක් මගින් FIFA ට ස්තූති කර තිබෙනවා.

බෙල්ජියම සමග තරගයට ක්‍රීඩා කිරීමට හැකිවීම පිණිස බැලගන්ගේ තහනම ඉවත් කිරීම සිදුවූයේ ට්‍රම්ප් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට දුරකථන ඇමතුමක් දීමෙන් පසුව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර පාපන්දු සමමේලනයේ මේ තීරණය පිළිබඳව විස්මය පළකරන රාජකීය බෙල්ජියම් පාපන්දු සංගමය (RBFA) මීට ප්‍රතිචාර දැක්විය හැකි සියලු විකල්පයන් පරීක්ෂා කරමින් සිටිනවා.

ඉන්ෆන්ටීනෝ සමග සිදුකළ කෙටි කතාබහකදී තහනම ඉවත් කරන ලෙසට ට්‍රම්ප් කෙළින්ම කියා තිබෙන බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් FIFA විනය කමිටුව සොයා බලනු ඇතැයි ලෝක පාපන්දු ප්‍රධානියා එහිදී අමෙරිකානු ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

ධවල මන්දිරයේ ලෝක කුසලාන කාර්ය සාධක බලකායේ විධායක අධ්‍යක්ෂ Andrew Giuliani සහ වාණිජ ලේකම් Howard Lutnic ද මේ සම්බන්ධයෙන් FIFA සභාපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්ෆන්ටීනෝගේ මිතුරෙකු වන ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ මෙසේ ලියා තිබෙනවා: “නිවැරදි දේ කරමින් අයුක්ති සහගත තීරණය අවලංගු කිරීම ගැන FIFA ට ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්.”

තරග තහනම ඉවත් කිරීම පිළිබඳව අමෙරිකානු කණ්ඩායම දැනගෙන තිබෙන්නේ ඔවුන් පුහුණුවීම් සඳහා බස් රථයකින් ඉරිදා ගමන් කරමින් සිටියදී බවත් පුවත ඇසීමෙන් බැලගන් ඉතාමත් සතුටට පත්වූ බවත් පැවසෙනවා.

මේ ලෝක කුසලාන තරගාවලියේදී මීට පෙර නිකුත් කළ සියලුම රතු කාඩ්පත්වලින් ඉබේටම තරග තහනමක් සිදුවූ බව පෙන්වා දෙන RBFA, ලෝක පාපන්දු බලවතා ගත් මේ තීරණය FIFA විසින් ප්‍රකාශයට පත්කර තිබෙන තරගාවලි නීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව කියා සිටිනවා.

බැලගන් ට පැනවූ තහනම නැවත සලකා බලන ලෙසට දැඩිව ඉල්ලා සිටි පුද්ගලයින් අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio ද සිටියා.

FIFA නීති රීතිවලට අනුව, රතු කාඩ්පතකින් ඉබේටම ක්‍රීඩකයා එම තරගයෙන් නෙරපා හැරීම සිදුවූවත් ඊට අමතරව තවත් තරග තහනම් පැනවීමට සහ අනෙකුත් විනයානුකූල පියවර ගැනීමටත් ලෝක පාපන්දුව පාලනය කරන සම්මේලනයට හැකියාව තිබෙනවා.

තරගාවලියේ මූලික වටය අතරතුරදී, කැනඩාව ට එරෙහිව නීතිවිරෝධී ක්‍රියාවක නියැලුනු කටාර් කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩක Assim Madibo ට පනවනු ලැබූ  එක් තරගයක තහනම තරග පහක් දක්වා වැඩි කෙරුණා.

එහෙත් FIFA විසින් ලෝක කුසලාන තරග තහනම් අහෝසි කිරීමේ පූර්වාදර්ශීය අවස්ථා තිබෙනවා.

මේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තරගයකදී අයර්ලන්තය ට එරෙහිව රතු කාඩ්පතක් පෘතුගාල නායක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ලබා ගෙන සිටියදීත් ඔහුට තරගාවලියේ ආරම්භක තරගයේදී ඔහුගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවසර ලැබුණා. එම රතු කාඩ්පත පෙන්වීම සමග රොනාල්ඩෝ ට මුලදී නියම කෙරුනේ තරග තුනක තහනමක්.

නමුත් ආමේනියාව ට එරෙහි තරගයට සහභාගි නොවී සිටීමෙන් පසුව FIFA ඔහුගේ ඉතිරි තරග දෙකේ තහනම ඉවත් කළ අතර ඒ අනුව රොනාල්ඩෝ ට පෘතුගාල කණ්ඩායමේ ආරම්භක ලෝක කුසලාන තරග දෙකට ක්‍රීඩා කිරීමට ඉඩ ලැබුණා.

පසුගිය බ්‍රහස්පතින්දා බැලගන් මේ ලෝක කුසලානයේ රතු කාඩ්පතක් ලැබුණු 12 වැනි ක්‍රීඩකයා බවට පත්වුණා. එහෙත් තහනමක් නොවිඳි පළමු ක්‍රීඩකයා බවට ඔහු දැන් පත්වනවා.

ප්‍රිමිය ලීග් පාපන්දුවේ මෙන් නොව ලෝක කුසලානයේදී රතු කාඩ්පතකට එරෙහිව අභියාචනය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ තරග විනිසුරුගේ සෘජුකම හා අවංකත්වය ආරක්ෂා කිරීම පිණිසයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ලැබූ තරග තුනේ තහනමෙන් එක් තරගයක තහනමට පමණක් මුහුණ දීම පිළිබඳව බොහෝ දෙනෙක් රොනාල්ඩෝ දෙසට ඇඟිල්ල දික් කිරීමට ඉඩ තිබෙනවා. එසේ කිරීම සාධාරණ වුනත් තරගාවලියක් ආරම්භ වීමට පෙර FIFA අනුකම්පාව දැක්වූ උදාහරණ බොහෝ තිබෙනවා.

නමුත් බැලගන්ගේ සිද්ධිය වෙනස්. මෙය ලෝක කුසලාන තරගාවලියකදී නිකුත් කරන ලද රතු කාඩ්පතක්!

එක්වරම, සත්කාරක රටේ හොඳම සුපිරි ක්‍රීඩකයාට තීරණාත්මක තරගයකට ක්‍රීඩා කිරීමේ වරම් ලැබී තිබෙනවා. බැලගන් ට පැනවුනු තහනම ඉවත් කිරීම සඳහා අමෙරිකානු මාධ්‍ය ක්‍රියා කළේ උමතු ආකාරයෙන්.

මේ තීරණය ගත්තේ කෙසේද? යන්න දැන් නියම ප්‍රශ්නය වී තිබෙන බව මෙයින් හැඟී යනවා. ඒ ගැන FIFA කිසිම විස්තරයක් ලබා දෙන්නේ නැහැ.

ධවල මන්දිරය හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අතර මනාව ස්ථාපනය වී තිබෙන සමීප සබඳතාවන් දෙස බලන විට, තරගාවලියේ සම-සත්කාරක රටට වාසි වන අයුරින් ගනු ලැබූ මේ ඉතාමත් අසාමාන්‍ය තීරණය සම්බන්ධයෙන් පාපන්දු ලෝකය ප්‍රශ්න කිරීම වළක්වන්න බැහැ.

රතු කාඩ්පත (Red Card) පාපන්දු ක්‍රීඩාවේ තිබෙන එක් ශ්‍රේෂ්ඨ නිශ්චිතයක්. එයට අභියාචනයක් නැහැ. එහෙත් අමෙරිකාවේ ඉදිරිපෙල සුපිරි තරුව වන ෆොලරින් බැලගන් ට නිකුත් කළ රතු කාඩ්පත අවලංගු කිරීමට ගත් තීරණයෙන් පිළිතුරු නොසැපයුන ප්‍රශ්න ගණනාවක් ඉතිරි කර තිබෙන්නේ රතු කාඩ්පත් ක්‍රමවේදය අවුල් කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...