The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරග තහනම වෙනස් කළ අයුරින් පරාජයත් වෙනස් කරන්නැයි කියමින් බෙල්ජියම ‘ට්‍රම්ප් නැටුමෙන්’ අමෙරිකාවට සරදම් කරයි!‍

T

The Leader Desk

July 8, 2026 • 4:26 PM

තරග තහනම වෙනස් කළ අයුරින් පරාජයත් වෙනස් කරන්නැයි කියමින් බෙල්ජියම ‘ට්‍රම්ප් නැටුමෙන්’ අමෙරිකාවට සරදම් කරයි!‍

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙල්ජියම වෙතින් අන්ත පරාජයක් ලබමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රධාන සම-සත්කාරක රට වන අමෙරිකාව
  • එහෙත් අමෙරිකාව පරාජය කළ සැණින් එම කෝපය පිට කළ බෙල්ජියම සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබමින්, එම පරාජිත ප්‍රතිඵලය ද වෙනස් කරන ලෙසට අභියෝග කළා.
  • ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 16 වටයේ බෙල්ජියම සමග තරගයට කෙටි කාලයකට පෙර අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක බැලගන්ගේ එක් තරග තහනම ඉවත් කිරීම පිළිබඳව බෙල්ජියම් කණ්ඩායම තුළ තිබුණේ අසාධාරණයේ හැඟීමක්.
  • තහනම අවලංගු කිරීමේ FIFA තීරණය විශාල ලෙස පැතිරුණු විවේචනයට ලක්වූ අතර එම තීරණයට එරෙහිව කතා කළ අයගෙන් මූලිකත්වය ගත්තේ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA), බෙල්ජියම හා එංගලන්ත පාපන්දු සභාපතිවරයා යි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලියෙන් ඉවතට විසිවුනේ ඉතාමත් ලජ්ජාසහගත අයුරින්.

ඊට හේතු වූයේ අමෙරිකානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෆොලරින් බැලගන් ට නිකුත් කළ රතු කාඩ්පත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම මත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ විසින් ඉවත් කර එම ක්‍රීඩකයාට බෙල්ජියම සමග තීරණාත්මක තරගයට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා දීමයි.

බැලගන් ට නිකුත් කළ තරග තහනමේ තීරණය ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් වෙනස් කිරීම හේතුවෙන් බෙල්ජියම් කණ්ඩායම අමෙරිකාව සමග තරගයට පිවිසියේ කෝපය සඟවා ගෙන. එහෙත් අමෙරිකාව පරාජය කළ සැණින් එම කෝපය පිට කළ බෙල්ජියම සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබමින්, එම පරාජිත ප්‍රතිඵලය ද වෙනස් කරන ලෙසට අභියෝග කළා. ඉන් නොනැවතුණු ඔවුන්ගේ ක්‍රීඩකයින් ට්‍රම්ප් ට සරදම් කරමින් ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රදර්ශනය කළ නැටුම අනුකරණය කළා.

ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 16 වටයේ බෙල්ජියම සමග තරගයට කෙටි කාලයකට පෙර අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක බැලගන්ගේ එක් තරග තහනම ඉවත් කිරීම පිළිබඳව බෙල්ජියම් කණ්ඩායම තුළ තිබුණේ අසාධාරණයේ හැඟීමක්.

තහනම අවලංගු කිරීමේ FIFA තීරණය විශාල ලෙස පැතිරුණු විවේචනයට ලක්වූ අතර එම තීරණයට එරෙහිව කතා කළ අයගෙන් මූලිකත්වය ගත්තේ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA), බෙල්ජියම හා එංගලන්ත පාපන්දු සභාපතිවරයා යි.

බැලගන්ගේ තහනම ලෝක කුසලාන තරගාවලියට ලෙකු පැල්ලමක් ඉතිරි කරන බැවින් එය යළි නිරීක්ෂණය කරන ලෙසට තමා FIFA ට කියා සිටි බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත්, අමෙරිකානු කණ්ඩායමේ සුපිරි ආක්‍රමණශීලී ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඔහු තරගයේ ආරම්භක ක්‍රීඩකයින් 11 දෙනා අතර සිටියත් ඔහුට කළ හැකි වි‌ශේෂ දෙයක් තිබුණේ නැහැ. ගෝලයක් ලබා ගැනීම කෙසේ වෙතත් අවම තරමින් ගෝලයකට සහාය වීමක් හෝ ඔහුගෙන් සිදු නොවූ අතර බෙල්ජියම පහසුවෙන් අමෙරිකාව ගෝල් 4-1කින් පරාජය කළා.

“පසුගිය දින දෙකේදී පිටියෙන් පිට ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා” යනුවෙන් බෙල්ජියම් මැදපෙල ක්‍රීඩක Nicolas Raskin පැවසුවා. “අයුක්තියක හැඟීමක් කණ්ඩායම තුළ තිබුණා. එයට පිටියේදී ප්‍රතිචාර දක්වන්න අපි තීරණය කරගෙන සිටියා.”

එම සිද්ධිය කණ්ඩායම තුළ දිරි ගැන්වීමක් ඇති කළ බව බෙල්ජියම් නායක Youri Tielemans තදින් කියා සිටියා. “අපි පිටියේදී මීට ප්‍රතිචාර දැක්විය යුතු බවට අපි අපිටම කියා ගත්තා. ඒක තමයි අපි කළේ” යනුවෙන් ඔහු කීවා.

බෙල්ජියම ඔවුන්ගේ සිවු වැනි ගෝලය ලබා ගැනීමෙන් පසුව කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 අමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අපකීර්තිය ගෙන දුන්, ඔහුගේ උකුළ පද්දමින් අත්වලින් ගුවනට සෙමෙන් පහර දෙන ‘ට්‍රම්ප් නැටුම’ ට සමාන ශෛලියකින් නටන අයුරු ඡායාරූපවලින් දිස්වුණා.

බෙල්ජියම් ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තිබෙන නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ද අමෙරිකානු අන්ත පරාජයට සමච්චල් කරමින්, බෙල්ජියම් ආක්‍රමණශීලී ක්‍රීඩක Romelu Lukaku ගෝලයක් වාර්තා කර ඔහුගේ කනක් පිටුපස අතක් තබාගෙන සතුටු වෙමින් සිටින පිංතූරයක් පෝස්ට් කරමින් එහි කැප්ෂනයේ “මේක වෙනස් කරපන්!” යනුවෙන් ලියා තිබුණා.

තරගයෙන් පසුව බැලගන් තමා සමග කතා කිරීමට පැමිණි බව බෙල්ජියම් ප්‍රධාන පුහුණුකරු Rudi Garcia වාර්තාකරුවන්ට ප්‍රකාශ කළා. “මම ඇත්තටම ඒකට කැමතියි” ඔහු සඳහන් කළා. “තහනම ඉවත් කිරීම එයාගෙ වැරැද්දක් නෙවෙයි. දොස් පැවරිය යුත්තේ එයාට නෙවෙයි. මම ඒක එයාට කිවුවා.”

අමෙරිකාව හා බැලගන් සිද්ධියට තදින් පහර ගසමින් ඉරානය ද ඔවුන් බෙල්ජියම සමග ජය පැරදුමින් තොරව අවසන් කරගත් තරගයේ ඡායාරූපයක් අමෙරිකානු මහා පරාජය ළඟ ප්‍රදර්ශනය කරන පෝස්ටුවක් ඔවුන්ගේ නිල වෙබ්අඩවියේ පළ කරමින් මෙසේ සඳහන් කර තිබුණා: “පාපන්දුවට එරෙහි දේශපාලනයේ පරාජය ගැන දැන් මුළු ලොවම නටනවා!”

ඉරානය මෙසේ කියා තිබුණේ අමෙරිකානු භූමියේ ආරක්ෂාවේ ප්‍රධානියා වන Markwayne Mullin ට ප්‍රතිචාර දක්වමින්. ඉරානය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව ඔහු ප්‍රීතියෙන් යුතුව නැටුවා.

බැලගන් ට රතු කාඩ්පතක් පෙන්වීමට මුල්වූ සිද්ධිය නීතිවිරෝධී ක්‍රීඩාවක් නොවන බව තම මතය බවත් තමා ඒ පිළිබඳව ඉන්ෆන්ටීනෝ සමග කතා කළ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා. ‍

දේශපාලනයේ බලවත් මිතුරෙකුගේ ඉල්ලීමට කන් දෙමින් පාපන්දුවේ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු ප්‍රධානියා දැන් මහත් අප්‍රසාදයට ලක්ව සිටිනවා. ඔහු කිසිවෙකුගෙන් නොවිමසා තනි මතයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ට සාම ත්‍යාගයක් පිරිනැමීම හා ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍රවලට අසාධාරණ මිල ගණන් නියම කිරීමට එරෙහිව අධිකරණයට යාමට ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැන් කටයුතු කරමින් සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරග තහනම වෙනස් කළ අයුරින් පරාජයත් වෙනස් කරන්නැයි කියමින් බෙල්ජියම ‘ට්‍රම්ප් නැටුමෙන්’ අමෙරිකාවට සරදම් කරයි!‍ | The Leader