සහ ප්‍රංශ පාපන්දු නායක කිලියන් ම්බප්පේ අතර හටගෙන තිබෙන වාග් සංග්‍රාමය දැන් “.....ගෙ පුතා” යනුවෙන් ආමන්ත්‍රණය කරන තරම් පහත් තත්ත්වයට වැටී තිබෙනවා.
දෙපිලේම ක්‍රීඩකයින් තරහෙන් පිපිරෙමින් ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති ශාරීරික ගැටීම්වලින් පිරුණු තරගය ප්‍රංශය ජය ගත්තේ ම්බප්පේ මේ ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ හත් වැනි ගෝලයෙන්. ඔහු තරගයේ දෙවැනි භාගයේදී ලබා ගත් පෙනල්ටිය ආධාරයෙන් ප්‍රංශය 1-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මොරොක්කෝව සමග අර්ධ අවසන් පූර්ව තරගයකට පිවිසියා.
“හොඳින් වගේම නරකින් දිනන්නත් ප්‍රංශය දන්නවා. තරගය පිරිසිදුව ක්‍රීඩා කරන්න වගේම අවශ්‍ය තැන්වලදී අපිරිසිදුව ක්‍රීඩා කරන්නත් අපට පුළුවනි” යනුවෙන් ම්බප්පේ කියා තිබුනේ පැරගුවේ ක්‍රීඩා කළේ “කිලිටි පාපන්දු” උපක්‍රම යොදා ගනිමින් බව සඳහන් කරමින්. තරගයෙන් පසුව පැරගුවේ ගෝල්රකින ක්‍රීඩක ඔර්ලැන්දො හිල් විසින් පිළිගැන්වු අතට අත දීම පැරිසියේ උපන් ම්බප්පේ ප්‍රතික්ෂේප කළ අතර එයින් කලකිරීමට පත් ගෝල්රකින්නා ම්බප්පේ වෙත පාපන්දුව විසිකළා.
තරගයෙන් පසුව පැරගුවේ සෙනෙට් සභික සෙලෑස්ට් ආමාරීල්යා (Celeste Amarilla) ම්බප්පේ හා ප්‍රංශය කණ්ඩායමට බැණ වැදුනේ උද්වේගයෙන් කෝපය පළකරමින්. ම්බප්පේගේ පියා කැමරූන් ජාතිකයෙකු වන අතර ආමාරීල්යා ප්‍රංශ පාපන්දු නායකයාට අපහාස කිරීම පිණිස ඔහුගේ පෙළපත පාවිච්චි කළා. ම්බප්පේගේ අධ්‍යාපනය හා ඔහුගේ පෙනීමට සරදම් කරමින් ද, ඔහු ව්‍යාජ ප්‍රංශ අනන්‍යතාවක් අඟවන බව කියමින් ද, ඇය අපහාසාත්මක හා වර්ගවාදී පෝස්ට් මාලාවක් සමාජ මාධ්‍යයේ තැබුවා.
“ම්බප්පේ යටත් විජිත කැමරූන් ජාතිකයෙක්. ඔහු ප්‍රංශ ජාතිකයෙක් ලෙස බොරුවට පෙනී සිටීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන, පුද්ගලයින් නුරුස්සන, ළඟදී පොහොසත් වූ, උද්ධච්ඡ හා අවලක්ෂණ පුද්ගලයෙක්” යනුවෙන් ආමාරීල්යා කියා සිටියා. පැරගුවේ සමග තරගය ප්‍රංශය දිනුවේ අහම්බෙන් ලැබුනු වාසියකින් බවත් ප්‍රංශ කණ්ඩායම මෙන්ම ම්බප්පේ ද තරගය පුරාම සිටියේ කලබලයෙන් හා මරණ බියෙන් බවත් සෙනෙට් මණ්ඩල සාමාජිකාව ප්‍රකාශ කළා.
මීට ප්‍රතිචාර දැක්වූ ම්බප්පේ, ඇය ඇගේ තනතුරට නොගැළපෙන තුච්ඡ ගැහැනියක් බව කියා සිටියා.
පැරගුවේ සෙනෙට් සභික ආමාරීල්යාගේ මතභේදාත්මක ප්‍රකාශයන්ට එරෙහිව නැගී සිටීම පිළිබඳව තමාගේ සම්පූර්ණ සහාය පළ කර සිටි ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්රෝන්, ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායක කිලියන් ම්බප්පේ විසින් තවත් ගෝලයක් ලබා ගෙන ඇති බවත් මෙවර ඔහු ගෝලය ලබා ගෙන තිබෙන්නේ ජාතිවාදයට එරෙහිව බවත් පැවසුවා.
මතභේදයට තුඩු දී තිබෙන ආමාරීල්යාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පැරුවේ රජය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක කිලියන් ම්බපපේ ඉලක්ක කරගෙන සෙනෙට් සභික සෙලෑස්ට් ආමාරීල්යා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පැරගුවේ සමූහාණ්ඩුවේ රජය හෙළා දකිමින් එය ප්‍රතික්ෂේප කරනවා. මානව අභිමානයේ ගෞරවය හා එහි සාමකාමී පැවැත්ම සඳහා අපේ රට ප්‍රවර්ධනය කරමින් සිටින වටිනාකම් හා ප්‍රතිපත්තිවලට මේ ප්‍රකාශයන් පටහැනියි” යනුවෙන් රජය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.
ව්‍යවස්ථාදායක ශාඛාවක සාමාජිකාවක වන ආමාරීල්යා සිදුකළ ප්‍රකාශයන් ඇයගේ පෞද්ගලික වගකීමක් බවත් ඒවා කිසිම ආකාරයකින් පැරගුවේ සමූහාණ්ඩු රජය හෝ පැරගුවේ ජනතාවගේ ස්ථාවරය නියෝජනය නොකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ප්‍රංශ පාපන්දු සම්මේලනය ද ම්බප්පේගේ සහායට පැමිණෙමින්, එම ප්‍රකාශයන් සාපරාධී හා චෝදනා ලැබිය යුතු වරදක් බවත් අධිකරණයට යාමේ අරමුණින් තමන් පැමිණිලි කාර්යාලයේ වාර්තාවක් ගොනු කරන බවත් පවසා තිබෙනවා.
මේ අතර, තමාට ප්‍රතිචාර දක්වමින් ම්බප්පේ කළ ප්‍රකාශය පිළිබඳව ඔහු තමාගෙන් සමාව ගත යුතු බව කියන ආමාරීල්යා ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කර තිබෙනවා. තමාගේ එකඟත්වයක් නැත්තේ ම්බප්පේ සමග පෞද්ගලිකව මිස ප්‍රංශය හෝ ජාතික කණ්ඩායම සමග නොවන බව ඇය කියා තිබෙන්නේ ප්‍රංශය සමග තිබෙන ඇගේ දීර්ඝ කාලීන සම්බන්ධතාව විස්තර කරමින්.
“ප්‍රශ්නය තියෙන්නේ ඔබයි මායි අතරෙයි. මම කවදාවත් ප්‍රංශය ට විරුද්ධව මොකවත් කියලා නැහැ. ඒ අතින් බලන විට මමත් ඔබ සමගයි. මම මට වයස අවුරුදු දෙකේ ඉඳන් දාහත වෙනකං ඉගෙන ගත්තේ ප්‍රංශ පාසලක. මම මගේ පාසල් දිවිය අවසන් කළේත් එහෙදියි. මම අද මෙතැන ඉන්නේ ඒ පාසලට හා එය මට ලබා දුන් අධ්‍යාපනයට ස්තූතිවන්ත වන්නටයි. අපි ප්‍රංශයේ ජාතික ගීය ගයා ඒ කොඩියටත් අපේ ධජය වගේම ගරු කළා. මම ප්‍රංශ භාෂාව කතා කරනවා. මම ප්‍රංශයට යන්න හරි කැමතියි. පසුගිය නත්තල අපි ගත කළේ කූශවේල් ප්‍රදේශයේ. අපි නව වසර පිළිගත්තේ සන්ත්‍රො පේ නගරයේ සිටයි. මේ ආරවුලට ප්‍රංශය සමග කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔබ සමගයි” ආමාරීල්යා X සමාජ මාධ්‍යයේ පෝස්ටුවකින් ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරග බිමෙන් පිටත සිදුවෙමින් තිබෙන මේ වචන යුද්ධයේදී ඇය ඉතාමත් පහත් තත්ත්වයට වැටුනේ ඊයේ පැවති පැරගුවේ සෙනෙට් සභා රැස්වීමේදී ඇය ම්බප්පේව “.....ගෙ පුතා” යනුවෙන් හැඳින්වීමෙන්. මෙහිදී ඇය, තරගයෙන් පසුව ම්බප්පේ පැරගුවේ ගෝල්රකින්නා සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය මතක් කළා.
“පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට පා තැබූ කොල්ලෙක් වන ඔර්ලැන්‌දො හිල් ලෝකය ඉදිරියේ ක්‍රීඩා කරමින් පැරගුවේ ජාතිකයෙකුගේ තිබෙන සියලු නිහතමානකමින් යුතුව අත දික් කරද්දී, මේ ....ගෙ පුතා එයාගෙ අත සෙලවීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රංශ ජාතිකයෙකුට නොහොබිනා අයුරින් ඔහුගේ මූණට කෑගැසුවා. ප්‍රංශ ජාතිකයෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ” යනුවෙන් ආමාරීල්යා කියා සිටියා.
පැරගුවේ පරාජයෙන් පසුව බරපතල ජාතිවාදී අපහාස කිරීම් තිබූ බව අන්තගාමී ලිබරල් පක්ෂයට අයත් සෙනෙට් මණ්ඩල සාමාජිකාව පැවසුවා. “ප්‍රංශය යනු වික්ටර් හියුගෝ වැන්නවුන්ගේ ශ්‍රේෂ්ඨ රටක්. ඒ රට හා එහි අතිමහත් සංස්කෘතික, කලාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙගසිය ම්බප්පේ දක්වා පහළට ගෙන ඒම මම ප්‍රතික්ෂේප කරනවා.”
ම්බප්පේ සමාව ගත්තේ නැත්නම් ඔහුට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආමාරීල්යා මීට කලින් ම්බප්පේ ට අනතුරු ඇඟවූවා.
“පැරගුවේ ජනතාව සමග පැටලෙන්න එපා, ම්බප්පේ” යනුවෙන් ඇය අනතුරු අඟවා සිටියේ බ්‍රසීලයේ පාපන්දු ලෙජන්ඩ් රොනල්ඩීන්යෝ පැරගුවේ රටේදී 2020 මාර්තු මාසයේ බන්ධනාගාරගත කළ බව නිදසුනක් ලෙස උපුටා දක්වමින්. “අපි මීට පෙර රොනල්ඩීන්යෝව මෙහෙදි සිරගත කළා...ඉතිං අපිව අවතක්සේරු කරන්න එපා. ලිංගික ප්‍රචණ්ඩත්වය හා කාන්තාවන්ට එරෙහි දේශපාලනික ප්‍රචණ්ඩත්වය යටතේ මට උඹට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒක බරපතලයි...ඔහු මගෙන් සමාව ගත්තාවෙ. මොකද ඒ සඳහා මට තවමත් නීතිමය වාසියක් තිබෙන නිසා” යනුවෙන් ඇය සඳහන් කරනවා.
ව්‍යාජ ලෙස සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම් පත් සමග පැරගුවේ රටට ඇතුළු වීමේ චෝදනා යටතේ රොනල්ඩීන්යෝ හා ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා. මාසයක් පමණ බන්ධනාගාරයේත්, තවත් මාස හතරක් දේශීය සුඛෝපභෝගී හෝටලයක නිවාස අඩස්සියේත් ගත කළ ඒ දෙදෙනා ඩොලර් 200,000ක දඩයක් ගෙවීමෙන් පසුව 2020 අගෝස්තුවේදී නිදහස් කෙරුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




