The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්තයේ ඉපදී නෝවේදී ශිල්පය උගත් ආලිං හෝලම්ගේ ලෝක දෙක ගැටෙන්න ළඟයි

T

The Leader Desk

July 10, 2026 • 3:34 PM

එංගලන්තයේ ඉපදී නෝවේදී ශිල්පය උගත් ආලිං හෝලම්ගේ ලෝක දෙක ගැටෙන්න ළඟයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැරසුමක් ලෙස එල්ලන කුඩා වූල් බෝලයක් වැනි ආලිං හෝලම්ගේ (Erling Haaland) බ්ලොන්ඩ් හිසකෙස් පාපන්දු පිටියක සාමාන්‍යයෙන්
  • මේ 25 හැවිරිදි ක්‍රීඩකයාගේ ලෝකයන් දැන් තදින් එකට ගැටෙන අවස්ථාවට පැමිණ තිබෙන්නේ නෝවේ කණ්ඩායමේ 2026 ‌ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව තරගය එංගලන්තය ට එරෙහිව යෙදී තිබීම හේතුවෙන්.
  • නෝවේ නමැති ස්කැන්ඩිනේවියානු රටේ බලාපොරොත්තු හෝලම් මත රැඳුනේ ඔහු මේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකදී ගෝල් 16ක් හා දැන් පැවැත්වෙන තරගාවලියේ තරග හතරකදී ගෝල් 7ක් ලබා ගැනීමට බොහෝ කලකට පෙර සිටයි.
  • එංගලන්තයේ ‘මැන්චෙස්ට සිටි’ පාපන්දු සමාජයීය කණ්ඩාය‌මේ බිහිසුණු ප්‍රහාරකයා බවට අද පත්ව සිටින හෝලම්ගේ සහජ දක්ෂතාවන් නෝවේජියානු කණ්ඩායමක් වන Bryne විසින් හඳුනා ගනු ලැබුවේ ඔහු නව යොවුන් වියේ සිටියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

කලින්ම හඳුනා ගත හැකි එක් දෙයක් වී තිබෙනවා. බොහෝ විට එය පිටියේ විවෘත ප්‍රදේශයට වේගයෙන් කඩා වදින්නේ ආරක්ෂක පෙල ක්‍රීඩකයින් අපහසුවෙන් එය පිටුපස හඹා එමින් සිටියදී.

මේ 25 හැවිරිදි ක්‍රීඩකයාගේ ලෝකයන් දැන් තදින් එකට ගැටෙන අවස්ථාවට පැමිණ තිබෙන්නේ නෝවේ කණ්ඩායමේ 2026 ‌ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව තරගය එංගලන්තය ට එරෙහිව යෙදී තිබීම හේතුවෙන්.

නෝවේ රට අවසන් වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ක්‍රීඩා කරන විට හෝලම් ඉපදිලාවත් නැහැ.

එසේ වූවත් 1998 වසරෙන් පසුව නෝවේ සහභාගි වන පළමු ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගේ රට අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යාම සඳහා උපකාර කිරීම මගින් හෝලම් පෞද්ගලික කඩඉමක් සටහන් කර තිබෙනවා පමණක් නොව ඔහු වසර ගණනාවක් තිස්සේ ඔහුගේ කරපිටින් රැගෙන යමින් සිටි මෙහෙවරක් ද සම්පූර්ණ කර තිබෙනවා.

දැන්, හෝලම්ගේ උපන් රට වන එංගලන්තය ඔහු යන මාර්ගය අහුරා ගෙන සිටිනවා.

නෝවේ නමැති ස්කැන්ඩිනේවියානු රටේ බලාපොරොත්තු හෝලම් මත රැඳුනේ ඔහු මේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකදී ගෝල් 16ක් හා දැන් පැවැත්වෙන තරගාවලියේ තරග හතරකදී ගෝල් 7ක් ලබා ගැනීමට බොහෝ කලකට පෙර සිටයි.

එංගලන්තයේ ‘මැන්චෙස්ට සිටි’ පාපන්දු සමාජයීය කණ්ඩාය‌මේ බිහිසුණු ප්‍රහාරකයා බවට අද පත්ව සිටින හෝලම්ගේ සහජ දක්ෂතාවන් නෝවේජියානු කණ්ඩායමක් වන Bryne විසින් හඳුනා ගනු ලැබුවේ ඔහු නව යොවුන් වියේ සිටියදී. ඒ කුසලතාව ඔහුගේ පාපන්දු සමාජ ක්‍රීඩාවේදී වර්ධනය වූ අතර සමාජ පාපන්දුවේ දිනා ගැනීමට තිබෙන සියලුම ශූරතා ‘මැන්චෙස්ට සිටි’ සමග අත්කර ගැනීමෙන් පසුව ඔහු දැන් ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ඔහුගේ වගකීම ඉටු කරමින් සිටිනවා.
ලීඩ්ස් නගරයේ උපත ලැබීම හේතුවෙන් මේ ඉදිරිපෙල ක්‍රීඩකයාට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම තිබුණා. නමුත් තමන්ගේ උපන් රට සමග ඔහුගේ තිබෙන බැඳීම නිසා එය සිදුවුනේ නැහැ.

එංගලන්තය හැර දමා නෝවේ රට තෝරා ගැනීමක් ගැන සිතීමට කිසිම සුපිරි ක්‍රීඩකයෙකු කල්පනා නොකරනු ඇත්තේ එවැනි ක්‍රීඩා දිවියකදී ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථාව ඉතා අඩු වන බැවින්.

ඒ දෛවයෙන් ගැලවුනු හෝලම් මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයේදී, ලෝක කුසලානය පස් වතාවක් දිනූ බ්‍රසීලය පැරදවීම පිණිස ගෝල් ද්විත්වයක් ලබා ගැනීමෙන් පසුව දැන් කුරුමානම් අල්ලන්නේ ලෝක කුසලානය ජය ගැනීමේ එංගලන්තයේ අපේක්ෂාවන්ට තිත තැබීමටයි.  

හිටපු නෝවේජියානු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු හා ‘මැන්චෙස්ට සිටි’ සමාජයේ  ආරක්ෂක හා මැදපෙල ක්‍රීඩකයෙකු වන හෝලම්‌ගේ පියාගේ (Alf-Inge “Alfie” Haaland) ඉතිහාසය හා එංගලන්ත පාපන්දු ක්‍රීඩාව කෙරෙහි හෝලම්ගේ තිබෙන ආදරය සැලකිල්ලට ගත් විට 2022 වසරේදී ඔහු එම සමාජ කණ්ඩායමට එක්වීම නොවැළැක්විය හැකි දෙයක්ව තිබුණා.

එහෙත් හෝලම් දැන් ගෝලීය සුපිරි පාපන්දු තරුවක තත්ත්වයක් හිමි කරගෙන සිටියදීත් ඔහු තමන්ට අයත් දේපළ කිහිපයක් තිබෙන නෝවේ දේශයට නිතර යමින් සිටිනවා. තමා පැමිණියේ කොතැනින්ද කියා හොඳින් දැන සිටින හෝලම් ඔහුගේ කුඩා උපන් නගරය වන රාජ්ඈලෑන්ඩ් වෙත නිතර යනවා. තමන්ගේ මුල් ජීවිතය ගැන ඉතාමත් ආඩම්බර වන හෝලම් ඔහුගේ රට නියෝජනය කරන සෑම අවස්ථාවකදීම නෝවේජියානු මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටින්නේ ඉතාමත් කැමැත්තෙන්.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව තමන්ගේ උපන් රටේ ගොවිපලක් පවත්වා ගෙන යාමට තමා තුළ තිබෙන ආසාව පිළිබඳව කතා කරන හෝලම්, ඔහුට අයත් මහල් නිවාසයක් තිබෙන ඔස්ලෝ නගරය වටේ සක්මන් කරමින් සිටින අයුරු දිස්ව තිබෙනවා.‍

සටන්කාමී ස්කැන්ඩිනේවියානු මුහුදු කොල්ලකරුවන් වූ වයිකිංවරුන්ගේ ඉතිහාසට නැඹුරු වී සිටින ආලිං හෝලම් ඔහුගේ රට නියෝජනය කරන්නේ ඉතාමත් ප්‍රබල ආඩම්රයකින් බවට ප්‍රදර්ශනය කළේ බ්‍රසීලය පරාජය කිරීමෙන් පසුව වයිකිං ඔරු පැදීම සඳහා තම කණ්ඩායම් සගයන් මෙහෙයවමින්.

හෝලම් Braut Haaland නමැති තමන්ගේ සම්පූර්ණ නම ඔහුගේ පාපන්දු කමිසය පිටුපස ප්‍රදර්ශනය කරන්නේ ඔහුගේ උරුමය සමග ඔහුට තිබෙන ඒ ආකර්ෂණය නිසා. Braut යනු ඔහුගේ මවගේ විවාහයට පෙර නම වන අතර එය ඔහුගේ පියාගේ නම සමග එකතු කිරීම නෝවේජියානු සම්ප්‍රදායක්.

මිලියන 5.5ක් පමණක් වන ජනතාවක් සිටින රටක හෝලම් පෙර නොවූ විරූ සුපිරි තරුවක් බවට පත්ව සිටිනවා.

හෝලම් - හැරී කේන් ගැටුම

dxgfgsdf

නෝවේ සහ එංගලන්තය අතර මයාමි ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවැත්වෙන තරගය දෙස මුළු පාපන්දු ලෝකයේ ම දෑස් යොමුව තිබෙන්නේ එය ලොව දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ආලිං හෝලම් සහ හැරී කේන් අතර සටනක් බවට පත්ව තිබෙන නිසාවෙන්.

‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමට කේන් එක්වීම සඳහා යෝජනා කර තිබූ ක්‍රියාවලිය 2021 වසරේදී බිඳ වැටුනු දා පටන් ඔහුගේ ක්‍රීඩා දිවිය හෝලම් සමග සම්බන්ධ කර තිබෙනවා. ඊට හේතු වූයේ මේ යෝධ නෝවේජියානුවා ඊළඟ ගිම්හානයේ පැමිණ එම කණ්ඩායම ශූරතා ත්‍රිත්වයක් කරා ගෙන ගිය බැවින්.

ඒ වන විට එංගලන්තයේ ‘ටොට්නම්’ සමාජයීය කණ්ඩායමේ නායකයාව සිටි කේන් සතුව කිසිම ශූරතාවක් හෝ කුසලානයක් තිබුනේ නැහැ. එහෙත් 2023 වසරේදී ජර්මනියේ ‘බායන් මියුනික්’ කණ්ඩායම සමග එක්වීමෙන් පසුව ඔහු දෙවතාවක් බුන්ඩස්ලීගා ශූරතාව සහ මහාද්වීපයේ වැඩිම ගෝල්ලාභියාට පිරිනැමෙන යුරෝපීය රන් සපත්තුව සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ඔහු මෙවර තරගාවලියේ දැනටමත් ගෝල් හයක් ලබා ගෙන සිටිනවා.

ලීඩ්ස් නුවර උපන්නත්, සිය පළමු ලෝක කුසලාන තරගාවලියේ ගෝල් හතක් ලබා ගෙන සිටින ආලිං හෝලම් ට, හැරී කේන්ව නතර කරනවාට වඩා ලොකු වෙනත් ආශාවක් නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...