සොයා ගත්තා. ඔහු එයට ‘වෝසිංයා’ යනුවෙන් නම තැබුවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී කේප් වර්ඩ් කණ්ඩායම සමග ප්‍රදර්ශනය කළ අතිවිශිෂ්ට දස්කම් හේතුවෙන් ලෝකය පුරා ප්‍රශංසාව දිනා ගැනීමෙන් පසුව 40 හැවිරිදි ගෝල්රකින ක්‍රීඩක වෝසිංයා (Vozinha) මෙසේ තවත් ගෞරවයක් හිමි කරගෙන තිබෙන්නේ අලුතින් සොයා ගැණුනු කුඩා රතු මුහුදු හම්බෙල්ලෙක් ඔහුගේ නමින් හැඳින්වීමට තීරණය වීම නිසා. ඒ අනුව, මේ මුහුදු සත්ව වර්ගය දැන් හඳුන්වන්නේ ඔ්ල්ඩීසා වෝසිංයා (Aldisa Vozinha) යන නමින්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට මෙතෙක් සුදුසුකම් ලැබූ දෙවැනියට කුඩාම රට වන්නේ කේප් වර්ඩ්. වර්තමාන ලෝක කුසලාන ශූරයින් වන ආජන්ටිනාව ට අවසන් කණ්ඩායම් 32 වටයේදී තියුණු සටනක් ලබා දෙමින් තරගය අතිරේක කාලය දක්වා ගෙන ගිය කේප් වර්ඩ් අවසානයේදී ගෝල් 3-2ක පරාජයකින් පසුව තරගාවලියෙන් ඉවත් වුණා.
ඊට පෙර, වෝසිංයාගේ වික්‍රමාන්විත ගෝල් රැකීම හේතුවෙන් ඔවුන්ට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ඔවුන්ගේ පළමු ලකුණ සටහන් කිරීමට හැකිවුණා. ඒ, යුරෝපීය ශූරයින් වන ස්පාඤ්ඤය සමග තරගය ගෝල් රහිතව සම තත්ත්වයෙන් අවසන් කර ගනිමින්.
වෝසිංයාගේ කැපී පෙනෙන කාර්යභාරය සලකුණු කිරීමට තමන්ට අවශ්‍ය වූ බව තම සොයා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් කරන ජීව විද්‍යාඥයා, මේ සත්ව වර්ගයට ඒ නම යෙදීම සඳහා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම හඳුන්වන අන්වර්ත නාමය වන La Roja – The Red One (රතු එකා) ද හේතු වූ බව පෙන්වා දී තිබෙනවා.
වෝසිංයාගේ අතිවිශිෂ්ට ගෝල් රැකීමේ ක්‍රීඩාවෙන් ඔහුගේ ප්‍රසිද්ධිය එක් රැයකින් සීඝ්‍රයෙන් ඉහළ ගියේ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන්ගේ සංඛ්‍යාව 50,000 සිට මිලියන 17.4ක් දක්වා වැඩි වෙමින්. මෙය අමෙරිකානු වෘත්තීය පාපන්දු ලීගයේ (NFL) පුරාවෘත්තය වන ටොම් බ්‍රැඩී වැනි ක්‍රීඩකයින්ටත් වඩා වැඩිවීමක්.
ස්පාඤ්ඤයේ ඔවිඒඩෝ සරසවියේ ගෞරවනීය මහාචාර්යවරයෙකු වන ඔ්ටියා කේප් වර්ඩ් වටා තිබෙන මුහුදේ සිදුකළ පර්යේෂණ වෙනුවෙන් එම දූපත් දේශය ඔහුට විශිෂ්ටත්වයේ පදක්කමක් පිරිනැමුවා.
මේ 75 හැවිරිදි පාපන්දු ලෝලියා ඔහුගේ ඒ දැඩි ආශාව ඔහුගේ වෘත්තිය සමග සම්බන්ධ කරගත් පළමු අවස්ථාව මෙය නෙවෙයි. ඔ්ටියා මීට පෙර කොස්ට රීකා හි ඔහුගේ සොයා ගැනීමකට එරට හිටපු ගෝල්රකින්නකු වූ රේආල් මෙඩ්රිඩ්, පැරිස් සැන්-ජමෑන් සහ නොටිංහම් ෆොරස්ට් යන පාපන්දු සමාජ කණ්ඩායම්වලට ද ක්‍රීඩා කළ Keylor Navas නම යෙදුවා.
මීට අමතරව, මේ ජීව විද්‍යාඥයා ඔහු විසින් සොයා ගනු ලැබූ ඉතා කුඩා සතෙකුට Sporting Gijon නමැති ස්පාඤ්ඤ කණ්ඩායමේ හිටපු ආක්‍රමණශීලී ක්‍රීඩක Quini ගේ නම තැබුවේ ඒ සත්ව වර්ගයට එම කණ්ඩායමේ වර්ණ ම තිබූ බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




