The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලියොනල් මෙසී පළමු වතාවට එංගලන්තයට එරෙහිව තරග බිමට

T

The Leader Desk

July 15, 2026 • 3:35 PM

ලියොනල් මෙසී පළමු වතාවට එංගලන්තයට එරෙහිව තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලියොනල් මෙසී ඔහුගේ කීර්තිමත් පාපන්දු ක්‍රීඩා දිවියේදී කළ හැකි සෑම දෙයක්ම කර තිබෙනවා.
  • මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඇල්ජීරියාව සමග තරග කරමින් මෙසී ආජන්ටිනාව වෙනුවෙන් ඔහුගේ 200 වැනි තරගය සටහන් කළ අතර ඔහු දැන් සිහින මවමින් සිටින්නේ නැවත වතාවක් තම රට ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයක් කරා ගෙන යාමටයි.
  • 18 වැනි නව යොවුන් වියේ සිටියදී 2005 වසරේ ආරම්භ වූ අපූර්ව ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක අවසාන කාලයටයි මේ විශිෂ්ට ක්‍රීඩකයා දැන් පැමිණ සිටින්නේ.
  • ඊට කලින් වසරේ පසු භාගයේදී බාසිලෝනා කණ්ඩායමට එක්වූ මෙසී, ආජන්ටිනා කණ්ඩායම නෙදර්ලන්තයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලානය දිනා ගත් තරගාවලියේ ක්‍රීඩා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් 39 හැවිරිදි මේ ආජන්ටිනා ලෙජන්ඩ් එංගලන්තය ට එරෙහිව මෙතෙක් ක්‍රීඩා කර නැහැ. අද රාත්‍රියේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගයේදී ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඇල්ජීරියාව සමග තරග කරමින් මෙසී ආජන්ටිනාව වෙනුවෙන් ඔහුගේ 200 වැනි තරගය සටහන් කළ අතර ඔහු දැන් සිහින මවමින් සිටින්නේ නැවත වතාවක් තම රට ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයක් කරා ගෙන යාමටයි.

kjsdfrdf
18 වැනි නව යොවුන් වියේ සිටියදී 2005 වසරේ ආරම්භ වූ අපූර්ව ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක අවසාන කාලයටයි මේ විශිෂ්ට ක්‍රීඩකයා දැන් පැමිණ සිටින්නේ.

ඊට කලින් වසරේ පසු භාගයේදී බාසිලෝනා කණ්ඩායමට එක්වූ මෙසී, ආජන්ටිනා කණ්ඩායම නෙදර්ලන්තයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලානය දිනා ගත් තරගාවලියේ ක්‍රීඩා කළා.

මෙසී ට ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ මංගල වරම් ලැබුණේ ඒ වසරේ අගෝස්තු මාසයේ බුඩාපෙස්ට් නගරයේ හංගේරියාව ට එරෙහිව පැවති මිත්‍ර තරගයේ.


එම තරගයේ 64 වැනි මිනිත්තුවේදී තරග බිමට පා තැබූ ඔහුව තත්පර අනූවකට පසුව පිටියෙන් නෙරපා දැමුණා. ඊට හේතු වුනේ ඔහු ප්‍රතිවාදියෙක් වැලමිටෙන් තල්ලු කළ බවට තරග විනිසුරු තීරණය කිරීමයි. එය ඔහුගේ ආජන්ටිනා පාපන්දු දිවිය ආරම්භ කළ අපකීර්තිමත් සිදුවීමක් වුණා.

මෙසී දැන් ආපසු හැරී බලමින් ඒ සිද්ධිය ගැන සිනාසෙනවාට සැකයක් නැහැ. මේ සිදුවීම නිසා ඔහුට ඊට මාස තුනකට පසුව ජිනීවා හි පැවති එංගලන්තය ට එරෙහි මිත්‍ර තරගය තහනම් වුණා.

එදායින් පසුව ජාත්‍යන්තර තරග බිමේදී මේ රටවල් දෙක මුණගැසී නැති බැවින් අද මැදියම් රැය පසුවීමත් සමග ඇට්ලන්ටා නුවර මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගණයේ වහලය යටදී මෙසී එංගලන්තය ට එරෙහිව ක්‍රීඩා කරන්නේ පළමු වතාවටයි.

“මම එංගලන්තය හැරනුවිට සෑම කණ්ඩායමකටම එරෙහිව ක්‍රීඩා කර තිබෙනවා. මෙය විශේෂිත එකක් වන්නේ ඔවුන් ප්‍රධාන රටක්, බලවත් කණ්ඩායමක් හා විශේෂයෙන් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී එවැනි කණ්ඩායමක් සමග තරග කිරීම සැමවිටම කදිම අවස්ථාවක් වන නිසා” යනුවෙන් මෙසී ආජන්ටිනාව ‘අවසාන කණ්ඩායම් අට’ වටයේදී ස්විට්සලන්තය පැරදවීමෙන් පසුව කියා සිටියා.

සිවු වසරකට පෙර කටාර් දේශයේදී ආජන්ටිනාව ලෝක කුසලාන කීර්තිය කරා ගෙන යමින් ඩිඒගෝ මැරඩෝනා අනුකරණය කළ මෙසී ඔහුගේ පුරාවෘත්ත පූර්ව ගාමිකයාගේ මෙන් සමාන සලකුණක් එංගලන්තය මත තැබීමට දැන් අපේක්ෂා කරනවා.

මේ රටවල්‌ දෙක මුණගැසෙන ඔ්නෑම තරගයක් මෙක්සිකෝ නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංණයේ පැවති 1986 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ මතකයන් අවදි කරනවා. එහිදී ‘දේව හස්තය’ ගෝලයෙන් ආජන්ටිනාව වෙනුවෙන් ගෝල් ලබා ගැනීම ආරම්භ කළ මැරඩෝනා ඉන්පසුව එංගලන්ත කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් අඩක් පමණ පරදවමින් දුවගොස් දෙවැනි ගෝලය වාර්තා කළා.

මෙසී ඒ ආකාරයේ ගෝලයක් ලබා ගෙන නැතත් දැන් පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පෙර ඔහු අනෙක් සියලු ක්‍රීඩකයින්ට වඩා ලෝක කුසලාන ගෝල් ලබා ගෙන තිබෙනවා.

වාර්තාගත ලෝක කුසලාන තරග 32කින් ගෝල් 21ක් ලබා ගෙන සිටින මෙසී, අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව ප්‍රංශ නායක කිලියන් ම්බප්පේ ට වඩා එක් ගෝලයක් වැඩියෙන් වාර්තා කර තිබුණා.

ස්විට්සලන්තය සමග තරගයට පෙර පිට පිට තරග නවයකදී ගෝල් ලබා ගැනීමට මෙසී සමත් වුණා.

ආජන්ටිනාව දැන් තවත් ලෝක කුසලාන අවසාන තරගයකට පිවිසීම සඳහා එක් තරගයක පමණක් දුරින් සිටින්නේ 1962 වසරේ බ්‍රසීලයෙන් පසුව ලෝක කුසලානය රැකගත් පළමු කණ්ඩායම බවට පත්වීම ඉලක්ක කරගෙන.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...