The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මිථ්‍යා ඇදහීම නිසා ආජන්ටිනා ජනපති ලෝක කුසලාන අවසන් තරගයට එන්නේ නැහැ

T

The Leader Desk

July 18, 2026 • 5:54 AM

මිථ්‍යා ඇදහීම නිසා ආජන්ටිනා ජනපති ලෝක කුසලාන අවසන් තරගයට එන්නේ නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආජන්ටිනාව හා ස්පාඤ්ඤය අතර ඉරිදා පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය නැරඹීම පිණිස ආජන්ටිනා ජනාධිපති හබියෙර් මිලේ ක්‍රීඩාංගණයට එන්නේ නැහැ.
  • තමාගේ ආදරණීය රටට අඛණ්ඩව දෙවැනි ලෝක කුසලානයත් දිනා ගැනීම සඳහා උපකාරී වීමට දරන උත්සාහයක් වශයෙන් ඔහු කලින් ඇඳ සිටි ඔහුගේ ඝනකම් ජැකට්ටුව පලඳින බව ද ආජන්ටිනා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
  •   මිථ්‍යා ඇදහීම මගින් තමන්ගේ කණ්ඩායමට වාසනාව හෝ තමන්ගේ ප්‍රතිවාදීන්ට අවාසනාව ගෙන ආ හැකි බවට ලොව පුරා ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩකයින් විශ්වාස කරනවා.
  • එහෙත් ලතින් අමෙරිකාවේදී සහ විශේෂයෙන් ආජන්ටිනාවේදී, ‘cabalas’ ලෙසින් කියා ගන්නා මේ පිළිවෙත් ක්‍රමය සහ පුරුදු මගින් අසාමාන්‍ය ඇදහිලි බරක් රැගෙන යන්නේ එරට බොහෝ දෙනා ඔවුන්ගේ කණ්ඩායම දෙස මේ අන්ධ විශ්වාසයෙන් බලා සිටින නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට හේතුව වී තිබෙන්නේ ඔහු තුළ තිබෙන මිථ්‍යා ඇදහීමයි.

ඒ වෙනුවට ජනාධිපතිවරයා ඔහුගේ නිවසේ සිට තරගය නැරඹීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලානය රැක ගැනීමේ සටනක නිරතව සිටින ආජන්ටිනාව මෙවර තරගාවලියේ මීට පෙර ජයග්‍රහණ අත්කර ගත් තරග හත ම ජනාධිපතිවරයා නැරඹුවේ ඔහුගේ නිවසේ සිට. තමාගේ ආදරණීය රටට අඛණ්ඩව දෙවැනි ලෝක කුසලානයත් දිනා ගැනීම සඳහා උපකාරී වීමට දරන උත්සාහයක් වශයෙන් ඔහු කලින් ඇඳ සිටි ඔහුගේ ඝනකම් ජැකට්ටුව පලඳින බව ද ආජන්ටිනා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

මිථ්‍යා ඇදහීම මගින් තමන්ගේ කණ්ඩායමට වාසනාව හෝ තමන්ගේ ප්‍රතිවාදීන්ට අවාසනාව ගෙන ආ හැකි බවට ලොව පුරා ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩකයින් විශ්වාස කරනවා. එහෙත් ලතින් අමෙරිකාවේදී සහ විශේෂයෙන් ආජන්ටිනාවේදී, ‘cabalas’ ලෙසින් කියා ගන්නා මේ පිළිවෙත් ක්‍රමය සහ පුරුදු මගින් අසාමාන්‍ය ඇදහිලි බරක් රැගෙන යන්නේ එරට බොහෝ දෙනා ඔවුන්ගේ කණ්ඩායම දෙස මේ අන්ධ විශ්වාසයෙන් බලා සිටින නිසා.

 

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සමග එකට එක්ව අවසාන තරගය නැරඹීම පිණිස ආජන්ටිනා ජනාධිපතිවරයා නිව් ජර්සි ක්‍රීඩාංගණයට යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුණා.

 

“මම සියලුම තරග නරඹන්නේ Olivos සිටයි” මිලේ ආජන්ටිනා මාධ්‍යයට පැවසුවේ ඔහුගේ ජනාධිපති නිවස සඳහන් කරමින්.

මිථ්‍යා ඇදහීම නිසා තමා නිවසේ රැඳී සිටින බව පැවසූ මිලේ, ඔහු තුළ තිබෙන තවත් අද්භූත විශ්වාසයක් ගැන කියනවා. “මේ දවස්වල සීතල නිසාත්, මම උණුසුම්කරණය ක්‍රියාත්මක නොකරන නිසාත්, මම අඳින්නේ තෙල් කොම්පැණියක් විසින් නිෂ්පාදන කරන ජැකට්ටුවක්. ස්විට්සලන්තය සමග තරගය පැවති දිනයේදී මට ගොඩක් රස්නෙ දැණුනු නිසා මම ඒ ජැකට්ටුව ගැලෙව්වා. එතකොටම ඔවුන් අපට එරෙහිව ගෝලයක් ලබා ගත්තා. මම නැවත ජැකට්ටුව ඇඳගෙන ඒක ආයෙ ගැලෙව්වෙම නැහැ.” 

මිලේ මෙන්ම බොහෝ ආජන්ටිනානුවන්ටත් කණ්ඩායම දිනනවා නම් හරියටම එකම පිළිවෙලේ සිටිය යුතුය යන ඇදහිල්ලක් තිබෙනවා. සමහරු එකම ඇඳුම සෑම තරගයකදීම පලඳින්නේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ඔවුන්ගේ කමිස සේදීම ප්‍රතික්ෂේප කරමින්. සමහරු සෑම තරගයක්ම එකම ස්ථානයේ සිට නරඹන අතර තව සමහරුන්ට තරගය නැරඹීමට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. ආජන්ටිනාව ගෝලයක් ලබා ගනිද්දී නානකාමරයේ සිටි පුද්ගලයෙකුට ඉන්පසුව තරගය නැරඹීමට ඉඩ නොදීම මේ මිථ්‍යා විශ්වාසයේ එක් අවස්ථාවක්. ඒ, ඔහු නැති මොහොත වාසනාව ගෙන ආ බැවින්.

ඉතාම කුඩා ක්‍රියාවකට පවා අද්භූත තේරුමක් තිබෙනවා. මේ ලෝක කුසලානයේදී ඉතා ජනප්‍රිය වූ වීඩියෝවක දැක්වෙන පරිදි, ඊජිප්තුව ට එරෙහිව ආජන්ටිනාව ගෝල් ලබා ගැනීම ආරම්භ කරද්දී ම ක්‍රීඩා ලෝලීන් පිරිසක් බයිබලය කියවන්නට පටන් ගත්තේ එතැන් සිට සෑම තරගයකදීම ඒ චාරිත්‍රය සිදු කිරීමේ බල කිරීමක් ඔවුන් තුළ ඇති කරවමින්. ප්‍රතිවාදී කණ්ඩායමට බලපෑමක් ඇති කිරීමේ එක් පොදු සිරිතක් වී තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ කුඩා ප්‍රතිමාවන් හෝ ප්‍රතිවාදීන්ගේ නම් සහිත කඩදාසි කැබැලි දැඩි ශීතලකට ලක් කිරීමයි.

 

webp

තමන්ගේ කණ්ඩායම්වලට අවාසනාව ගෙන ඒම වැළැක්වීම පිණිස ඉතාමත් තීරණාත්මක ලෝක කුසලාන තරග නැරඹීමට පැමිණීමේ කටයුතුවලදී බොහෝ පරෙස්සම් වීමට ආජන්ටිනා ජනාධිපතිවරුන් වගබලා ගෙන තිබෙනවා. මිථ්‍යා විශ්වාසය 1990 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දක්වා ඈතට ආපසු දිව යනවා. එම තරගාවලියේ ආජන්ටිනා කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගය කැමරූන් ට විස්මිත අයුරින් පරාජය වීමට මොහොතකට පෙර එකල ජනාධිපතිව සිටි කාර්ලොස් මේනින් ආජන්ටිනා සංචිතය හමුවීමට පැමිණියා.

එහිදී මේනින්ව කොඩිවිනයක් ලෙසින් හංවඩු ගැසුණා. එදා සිට මේ දක්වා කිසිම ආජන්ටිනා ජනාධිපතිවරයෙක් එම ධූරයේ සිටියදී ජාතික කණ්ඩායමේ තරගයක් වෙනුවෙන් ක්‍රීඩාංගණයට පැමිණ නැහැ.

 

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

gunasekera33@gmail.com

 

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...