The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්තයට ලෝක කුසලාන පාපන්දු ලෝකඩ පදක්කම: ‘රන් සපත්තුව’ මෙසීටද? ම්බාපේටද?...තීරණය අද රාත්‍රියේ

T

The Leader Desk

July 19, 2026 • 2:28 PM

එංගලන්තයට ලෝක කුසලාන පාපන්දු ලෝකඩ පදක්කම: ‘රන් සපත්තුව’ මෙසීටද? ම්බාපේටද?...තීරණය අද රාත්‍රියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝල් සැණකෙළියක් බවට පත්වූ ප්‍රංශය හා එංගලන්තය අතර 2026 ලෝක කුසලාන පාපන්දු තෙවැනි-ස්ථාන තරගයෙන්
  • බුකායා සකාගේ පිට පිට ගෝල් ත්‍රිත්වය (හැට්-ට්‍රික්) එංගලන්තය ට මෙවර තරගාවලියෙන් ජයග්‍රාහීව නික්ම යාමට මාවත විවර කළ ද, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පිවිසියේ ප්‍රංශ නායක කිලියන් ම්බාපේ.
  • එංගලන්තය ට එරෙහිව ලබා ගත් ගෝල් දෙකත් සමග ඔහු ලෝක කුසලාන තරගවල වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී අභිභවා ගියේ ලෝක කුසාලන ඉතිහාසයේ ඔහුගේ 21 හා 22 වැනි ගෝල් වාර්තා කරමින්.
  • ඔහු මේ වන විට ගෝල් 10ක් සහ ගෝල් සහාය වීම් 4ක් ඔහුගේ නමට එක් කරගෙන සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තය ගෝල් 6-4ක ජයක් ලැබුවා. මෙය ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ එංගලන්තය ලබා ගත් පළමු ලෝකඩ පදක්කමයි.

බුකායා සකාගේ පිට පිට ගෝල් ත්‍රිත්වය (හැට්-ට්‍රික්) එංගලන්තය ට මෙවර තරගාවලියෙන් ජයග්‍රාහීව නික්ම යාමට මාවත විවර කළ ද, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පිවිසියේ ප්‍රංශ නායක කිලියන් ම්බාපේ. එංගලන්තය ට එරෙහිව ලබා ගත් ගෝල් දෙකත් සමග ඔහු ලෝක කුසලාන තරගවල වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී අභිභවා ගියේ ලෝක කුසාලන ඉතිහාසයේ ඔහුගේ 21 හා 22 වැනි ගෝල් වාර්තා කරමින්.

එංගලන්තය සමග තරගයේදී ලබා ගත් ගෝල් දෙකත් සමග ම්බාපේ මෙවර ලෝක කුසාලන තරගාවලියේ වැඩිම ගෝල්ලාභියාගේ ‘රන් සපත්තුව’ සම්මානය හිමිකර ගැනීමේ සටනේ පෙරමුණට පිවිස සිටිනවා. ඔහු මේ වන විට ගෝල් 10ක් සහ ගෝල් සහාය වීම් 4ක් ඔහුගේ නමට එක් කරගෙන සිටිනවා. අනෙක් පැත්තෙන් මෙසී, ගෝල් 8ක් සහ ගෝල් ලබා ගැනීමට සහාය වීම් 4ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

අද මධ්‍යම රාත්‍රියේ (ජූලි 20 පෙරවරු 12.30) පැවැත්වෙන අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව අවම වශයෙන් ගෝල් 2ක් ලබා ගෙන තවත් ගෝලයක් ලබා ගැනීමට උපකාර කළහොත් ආජන්ටිනා නායකයා ‘රන් සපත්තුව’ දිනා ගන්නවා.

සන්සුන්ව අවසන් වූ තරගයේ පළමු භාගයේදී එංගලන්තය ගෝල් 4-0කින් ඉදිරියේ සිටියත් ඉන්පසුව ප්‍රංශය විස්මිත අයුරින් නැවත තරගයට අවතීර්ණ වුණා. ම්බාපේ 48 වැනි මිනිත්තුවේදී ඔහුගේ පළමු ගෝලයත්, 66 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලයත් ලබා ගත්තා. මේ ගෝල ද්විත්වයත් සමග ඔහු ලෝක කුසලාන වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ මෙසී අභිභවා ගියා. මෙසී දැනට ගෝල් 21ක් ලබා ගෙන දෙවැනි ස්ථානයේ සිටියත් ස්පාඤ්ඤයට එරෙහි අවසාන තරගයේදී නැවත ඔහුගේ පෙරමුණ ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

‘රෙආල් මෙඩ්රිඩ්’ ආක්‍රමණශීලී ක්‍රීඩක ම්බාපේ ලෝක කුසලාන තරගාවලියන් හි අවසන් පූර්ව තරගයක් හැරුනුවිට අනෙක් සෑම අදියරකම (මූලික වටය, 32 වටය, 16 වටය, අර්ධ අවසන් පූර්ව වටය, තෙවැනි-ස්ථාන හා අවසාන) ගෝල් ලබා ගෙන තිබෙනවා. ඔහු මෙතෙක් ක්‍රීඩා කර තිබෙන අවසන් පූර්ව තරග තුනේදී ම එකම ගෝලයක් හෝ ලබා ගෙන නැහැ.

‘රන් සපත්තුව’ වෙනුවෙන් තිබෙන රේස් එක ජය ගැනීමට ලියොනල් මෙසී සෑම උත්සාහයක් ම ගනු ඇති බැවින් අවසාන මහා තරගය වඩාත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2026 ලෝක කුසලාන පාපන්දු ‘රන් සපත්තුව’ සටනේ වර්තමාන තත්ත්වය

fgfsgdrgt

1. කිලියන් ම්බාපේ (ප්‍රංශය) - ගෝල් 10, සහාය 4
2. ලියොනල් මෙසී (ආජන්ටිනාව) - ගෝල් 8, සහාය 4
3. ආලිං හෝලම් (නෝවේ) - ගෝල් 7, සහාය 0
4. ජූඩ් බෙලිංහම් (එංගලන්තය) - ගෝල් 7, සහාය 1
5. හැරී කේන් (එංගලන්තය) - ගෝල් 6, සහාය 1
6. උස්මන් ඩෙම්බෙලේ (ප්‍රංශය) - ගෝල් 6, සහාය 2


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...