The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 ආසියානු රග්බි අවුරුදු 19න් පහළ ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

T

The Leader Desk

December 26, 2025 • 11:59 AM

2026 ආසියානු රග්බි අවුරුදු 19න් පහළ ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ආසියානු රග්බි වයස අවුරුදු 19න් පහළ පහළොස් සාමාජික රග්බි ශූරතාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව ට පිරිනමා තිබෙනවා.
  • මීට පෙර මේ ජනප්‍රිය තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ට ලැබුනු 2000 වසරේදී ජාතික කණිෂ්ඨ රග්බි කණ්ඩායම ‌ඓතිහාසික දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් චිලී හි පැවති ලෝක රග්බි අවුරුදු 20න් පහළ ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
  • එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ජීවන් ගුණතිලක.
  • ඊට වසර 25කට පසුව, ශ්‍රී ලංකාව නැවත වතාවක් ආසියාවේ හොඳම තරුණ රග්බි දක්ෂතාවන් පිළිගැනීමට සූදානම් වන්නේ යොවුන් රග්බි සංවර්ධනය, ව්‍යුහ ගමන් මඟ සහ උසස් දක්ෂතා විශිෂ්ටතාව වෙනුවෙන් තිබෙන රටේ දීර්ඝ කාලීන කැපවීම ශක්තිමත් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය සුපිරි වයස් ඛාණ්ඩ ජාත්‍යන්තර රග්බි තරගාවලියක් දිවයිනට ලැබීමේ ‌ඓතිහාසික අවස්ථාවක් බව ශ්‍රී ලංකා රග්බි ආයතනය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයට මෙය වැදගත් අවස්ථාවක් වනවා. මීට පෙර මේ ජනප්‍රිය තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ට ලැබුනු 2000 වසරේදී ජාතික කණිෂ්ඨ රග්බි කණ්ඩායම ‌ඓතිහාසික දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් චිලී හි පැවති ලෝක රග්බි අවුරුදු 20න් පහළ ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ජීවන් ගුණතිලක. එය ශ්‍රී ලංකා රග්බි වයස් ඛාණ්ඩ ඉතිහාසයේ සටහන් වුනු සුවිශේෂී ජයග්‍රහණයක්.

ඊට වසර 25කට පසුව, ශ්‍රී ලංකාව නැවත වතාවක් ආසියාවේ හොඳම තරුණ රග්බි දක්ෂතාවන් පිළිගැනීමට සූදානම් වන්නේ යොවුන් රග්බි සංවර්ධනය, ව්‍යුහ ගමන් මඟ සහ උසස් දක්ෂතා විශිෂ්ටතාව වෙනුවෙන් තිබෙන රටේ දීර්ඝ කාලීන කැපවීම ශක්තිමත් කරමින්.

2026 ශූරතාවලියට සත්කාරකත්වය දැක්වීම අපේ අභිමානි රග්බි ක්‍රීඩා අතීතය සැමරීමක් පමණක් නොව එය කණිෂ්ඨ ජාතික රග්බි කණ්ඩායමේ ඊළඟ පරම්පරාව ප්‍රබෝධමත් කිරීම සඳහා වන ශක්තිමත් වේදිකාවක් හා ආසියානු හා ගෝලීය රග්බි වේදිකාවේ ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත් කිරීමක් ද වන බව ශ්‍රී ලංකා රග්බි ආයතනය සඳහන් කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...