The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට 2026 T20 ලෝක කුසලානයේ පළමු පරාජය

T

The Leader Desk

February 19, 2026 • 4:56 PM

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට 2026 T20 ලෝක කුසලානයේ පළමු පරාජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනියට වැඩිම ජාත්‍යන්තර විස්සයි20 මුළු ලකුණු ප්‍රමාණය
  • බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් ද, සිකන්දර් රාසා ලකුණු 45ක් ද රැස් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට 179/4ක ජයග්‍රාහී මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නා.
  • ඉලක්කය හඹා යාමේදී බ්‍රයන් බෙනට් සහ ටඩිවනාශි මරුමානි ආරම්භක කඩුල්ලට පන්දු 51කින් ලකුණු 69ක් එක් කරමින් සිටියදී දුනිත් වෙල්ලාලගේ ඔහුගේ තෙවැනි පන්දුවෙන් එම සබඳතාව අවසන් කළා.
  • ඔහුගේ පන්දුවට මරුමානි ගුවනට එල්ල කළ පන්දුව වෙල්ලාලගේ විසින් ම රැක ගත් අතර මරුමානි හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග පන්දු 26කින් ලකුණු 34ක් ලබා ගෙන නව වැනි ඕවරයේදී දැවී ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

වූ 178/7 හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම අද පැවති 2026 T20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු හයක ජයග්‍රහණයක් අත්කර ගත්තා.

බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් ද, සිකන්දර් රාසා ලකුණු 45ක් ද රැස් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට 179/4ක ජයග්‍රාහී මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නා.

ඉලක්කය හඹා යාමේදී බ්‍රයන් බෙනට් සහ ටඩිවනාශි මරුමානි ආරම්භක කඩුල්ලට පන්දු 51කින් ලකුණු 69ක් එක් කරමින් සිටියදී දුනිත් වෙල්ලාලගේ ඔහුගේ තෙවැනි පන්දුවෙන් එම සබඳතාව අවසන් කළා. ඔහුගේ පන්දුවට මරුමානි ගුවනට එල්ල කළ පන්දුව වෙල්ලාලගේ විසින් ම රැක ගත් අතර මරුමානි හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග පන්දු 26කින් ලකුණු 34ක් ලබා ගෙන නව වැනි ඕවරයේදී දැවී ගියා.

සිම්බාබ්වේ ඔවුන්ගේ ඉනිමේ අඩක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 78ක් රැස් කරගෙන සිටි අතර ශ්‍රී ලංකාව ද ඔවුන්ගේ ඉනිමේ මේ අවස්ථාව වන විට එක් කඩුල්ලක් අහිමි කරගෙන සිටියත් ලකුණු 86ක් ලබා ගෙන සිටි නිසා තරගයේ පෙරමුණේ සිටියා.

බ්‍රයන් බෙනට් සහ රයන් බර්ල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 29ක් රැස් කිරීමෙන් පසුව බර්ල් 12 වැනි ඕවරයේදී දසුන් ශානකගේ පන්දුවට කුසල් ජනිත් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කළ බර්ල් පන්දු 12කින් ලකුණු 23ක් ලබා ගත්තා.

බෙනට් හා සිකන්දර් රාසා මුළු ලකුණු ප්‍රමාණය 98 සිට 167 දක්වා ඉහළට ගෙන ආවා.

15 වැනි ඕවරයේදී සිම්බාබ්වේ කණ්ඩායම මේ තරගයේ ප්‍රථම වතාවට පෙරමුණට ගෙන එමින් නායක සිකන්දර් රාසා, දුශාන් හේමන්ත ට පිට පිට හයේ පහර දෙකක් සහ හයේ පහරක් එල්ල කළ අතර එම ඔ්වරයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 20ක් රැස් කිරීමත් සමග තරගයේ ජයග්‍රහණය ඔවුන්ගේ පැත්තට හැරුණා.

පන්දු 12කින් ලකුණු 13ක් අවශ්‍යව තිබියදී සිම්බාබ්වේ කඩුලු දෙකක් ලකුණු පහකට 19 වැනි ඕවරයේදී බිඳ වැටුණා. එම කඩුලු දෙක ලබා ගත්තේ දුශාන් හේමන්ත. රාසා හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග පන්දු 26කින් ලකුණු 45ක් රැස් කරගෙන දැවී ගිය අතර ටෂිංගා මුසකිවා එක් ලකුණකට දැවී ගියා. එහෙත් අවසන් ඕවරයේදී මහීෂ් තීක්ෂණ ට මුන්යොන්ගා හයේ පහරක් ද, බෙනට් හතරේ පහරක් ද එල්ල කරමින් සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ පන්දු තුනක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරා ගෙන ගියා. පන්දු 48කට මුහුණ දුන් බෙනට් හතරේ පහර 8ක් එල්ල කරමින් නොදැවී ලකුණු 63ක් රැස් කළා.

ශ්‍රී ලංකාව ට 178ක මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මං විවර කරමින් පැතුම් නිස්සංක ලකුණු අර්ධ ශතකයක් වාර්තා කළ අතර පවන් රත්නායක ද ඔහුගේ දක්ෂ පිතිකරණයේ තවදුරටත් නියැළුනා. මැද පෙලේ බිඳ වැටීමකින් පසුව දුනිත් වෙල්ලාලගේ පැමිණ ශ්‍රී ලංකාව ඉනිම ප්‍රාණවත් කළා.

දෙපිල ම ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා සිටියදී ක්‍රීඩා කෙරුනු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 30කින් ලකුණු 54ක් රැස් කළා. පස්වැනි ඕවරයේ බ්ලෙසිං මුසරාබානිගේ පන්දුවට ‘ෂෝට් ෆයින් ලෙග්’ ස්ථානයට උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර කුසල් ජනිත් හතරේ පහර හතරක් සමග පන්දු 14කින් ලකුණු 22ක් රැස් කළා. ‘පවර් ප්ලේ’ ඕවර හය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් අහිමි කරගෙන ලකුණු 61ක් ලබා ගෙන සිටියා. පළමු ඕවර දහය අවසන් වන විට ශ්‍රී ලංකාව 86/1යි.

කුසල් මෙන්ඩිස් ට අද ලබා ගත හැකිවූයේ පන්දු 20කින් ලකුණු 14ක් පමණයි. පළපුරුදු දඟ පන්දු යවන්නෙකු වන රයන් බර්ල්ගේ පළමු පන්දුවට ‘ස්ටම්ප්’ කිරීමකට හසුව ඔහු 13 වැනි ඕවරයේ දැවී ගියේ මුළු ලකුණු 100දී. මෙන්ඩිස් හා නිස්සංක දෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කළා.

bdgdfg
පැතුම් නිස්සංක පන්දු 41කින් ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර අටක් ද සමග. ග්‍රෑම් ක්‍රීමර්ගේ පන්දුවට ‘රිවර්ස්’ පහරක් එල්ල කිරීමට ගත් අසාර්ථ උත්සාහයේදී උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු 14 වැනි ඔ්වරයේ  මුළු ලකුණු 108දී දැවී ගියා.

මුළු ලකුණු 123දී (ඕවරය 16) ශ්‍රී ලංකා සිවු වැනි කඩුල්ල බිඳ වැටෙමින් කුසල් මෙන්ඩිස් (7) ක්‍රීමර්ගේ පන්දුවට ඔහු අත ට ම පෙරළා උඩ පන්දුවක් දෙමින් දැවී ගියා.


ශ්‍රී ලංකාව 100/2 සිට 142/5 දක්වා ලිස්සා යමින් දසුන් ශානක ලකුණු හයකට දැවී ගියා. මුසරාබානිගේ පන්දුවට උඩ පන්දුවක් ලබා දීමට පෙර ඔහු මුහුණ දුන්නේ පන්දු හතකට පමණයි. (ඕවරය 18).

බ්‍රැඩ් එවන්ස් යැවූ තරගයේ 19 වැනි ඕවරයේදී පවන් රත්නායක හතරේ පහර දෙකක් සහ හයේ පහරක් එල්ල කර ලකුණු 44දී දැවී ගිය අතර පන්දු 25ක ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත්ව තිබුණා. ඊළඟ පන්දුවට දුශාන් හේමන්ත පළමු පන්දුවටම උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 164දී ම දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ හතරේ පහර තුනක් සමග නොදැවී පන්දු 8කින් ලකුණු 15ක් රැස් කළා. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් වාර්තා කළා.

බ්ලෙසිං මුසරාබානි, බ්‍රැඩ් එවන්ස් හා ග්‍රෑම් ක්‍රීමර් කඩුලු දෙක බැගින් ලබා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-වර්නන් ගුණසේකර 

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට 2026 T20 ලෝක කුසලානයේ පළමු පරාජය | The Leader