The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය

T

The Leader Desk

March 2, 2026 • 11:54 AM

2026 T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය අතර මාර්තු 4 වැනිදාත්, දෙවැනි තරගය ඉන්දියාව හා එංගලන්තය අතර මාර්තු 5 වැනිදාත් පැවැත්වෙනවා.
  • ඉන්දියාව 2024 අවසන් පූර්ව තරගයේදී ජොස් බට්ලර්ගේ කණ්ඩායම ලකුණු 68කින් පරාජය කළ අතර 2022 තරගාවලියේදී රෝහිත් ෂර්මාගේ කණ්ඩායම කඩුලු 10ක නින්දිත පරාජයක් අත්වින්දා.
  • පෙබරවාරි 14 වැනිදා අහමදාබාද් හි පැවති එම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ කඩුලු හතකින්.
  • ඉන්දියාවේ හොලි උත්සවය පැවැත්වෙන දිනයේදීත් එම ජයග්‍රහණය නැවත ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවන් අපේක්ෂා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

T20 ලෝක කුසලානයේ 2022 සහ 2024 තරගාවලියන් හිදීත් ඉන්දියාව සහ එංගලන්තය මුණගැසී තිබෙනවා. ඉන්දියාව 2024 අවසන් පූර්ව තරගයේදී ජොස් බට්ලර්ගේ කණ්ඩායම ලකුණු 68කින් පරාජය කළ අතර 2022 තරගාවලියේදී රෝහිත් ෂර්මාගේ කණ්ඩායම කඩුලු 10ක නින්දිත පරාජයක් අත්වින්දා.

T20 World Cup 2026 Semi Final Full Schedule ENG vs IND SA vs NZ 750x536

 

ඉන්දියාව මෙන් එංගලන්තය ද දැන් පැවැත්වෙන තරගාවලියේ මේ දක්වා තරග හතකින් හයක් ජයග්‍රහණය කර සිටිනවා.

මේ අතර, දකුණු අප්‍රිකාව මේ තරගාවලියේදී දැනටමත් නවසිලන්තය පරාජය කර තිබෙනවා. පෙබරවාරි 14 වැනිදා අහමදාබාද් හි පැවති එම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ කඩුලු හතකින්. ඉන්දියාවේ හොලි උත්සවය පැවැත්වෙන දිනයේදීත් එම ජයග්‍රහණය නැවත ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවන් අපේක්ෂා කරනවා.

qxy45vrtghrtr

එහෙත් නවසිලන්ත ඉලක්කය වී තිබෙන්නේ මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානුවන්ගේ පරිපූර්ණ ජයග්‍රහණ වාර්තාව අවසන් කරමින් කලින් පරාජයේ වාඩුව ගෙන වසර පහකට පසුව T20 ලෝක කුසලානයක අවසාන තරගයට සුදුසුකම් ලැබීමට.

නවසිලන්තය අවසන් වරට අවසාන මහා තරගයක ක්‍රීඩා කළේ 2021 තරගාවලියේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 21 වැනිදා පැවති එම තරගයෙන් ඔවුන් ඔස්ට්‍රේලියාව වෙතින් කඩුලු අටක අවමන් සහගත පරාජයක් ලැබුවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...