The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මම හිතාමතා මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ'- 2026 T20 ‌ලෝක කුසලාන පරීක්ෂණයෙන් අසමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා කියයි

T

The Leader Desk

April 24, 2026 • 3:22 PM

'මම හිතාමතා මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ'- 2026 T20 ‌ලෝක කුසලාන පරීක්ෂණයෙන් අසමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තමා තහනම් ශරීර උත්තේජන භාවිතා නොකළ බව
  • තහනම් කෙරුනු කිසිම මත්ද්‍රව්‍යක් තමා හිතාමතා පාවිච්චි නොකළ බවට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) දන්වා තිබෙන්නේ තහනම් ශරීර උත්තේජන භාවිතයේ පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසුව.
  • නවාස් දැනුවත්ව තහනම් ශරීර උත්තේජන හෝ විනෝදායන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තිබෙන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • සෞඛ්‍යයට අදාළ ගැටළුවක් නිසා බෙහෙත් වර්ගයක් භාවිතා කළත් කිසිම මත්ද්‍රව්‍යයක් නොගත් බවට නවාස් කරුණු දක්වා ඇතැයි වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නවාස් පවසනවා.

තහනම් කෙරුනු කිසිම මත්ද්‍රව්‍යක් තමා හිතාමතා පාවිච්චි නොකළ බවට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) දන්වා තිබෙන්නේ තහනම් ශරීර උත්තේජන භාවිතයේ පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසුව.

නවාස් දැනුවත්ව තහනම් ශරීර උත්තේජන හෝ විනෝදායන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තිබෙන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සෞඛ්‍යයට අදාළ ගැටළුවක් නිසා බෙහෙත් වර්ගයක් භාවිතා කළත් කිසිම මත්ද්‍රව්‍යයක් නොගත් බවට නවාස් කරුණු දක්වා ඇතැයි වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය විරෝධී නිලධාරීන් විසින් ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදු කළ අහඹු පරීක්ෂණයකදී නවාස් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තහවුරු වීමෙන් පසුව ICCය හා PCBය දැන් පරීක්ෂණයක් පවත්වා ගෙන යනවා.

පරීක්ෂණ සිදුවෙමින් තිබියදීත් මේ වමත් දඟ පන්දු යවන්නාට මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තාන සුපර් ලීගයේ ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අතරේ ම, පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ICCයෙන් විධිමත් වචනයක් ලැබෙන තුරු බලා සිටින අතර ඒ අනුව මේ කාරණයේ ගත යුතු ඊළඟ පියවරයන් පිළිබඳ තීරණයක් ඉදිරි දිනවලදී ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නවාස්ගේ පැහැදිලි කිරීමෙන් ICCය සෑහීමකට පත් නොවුනහොත්, ඔහුට සියලුම ක්‍රිකට් ක්‍රීඩාවල පූර්ණ තහනමක් පැනවීමට ඉඩ තිබෙන්නේ ගෝලීය ක්‍රිකට් පාලකයින් ජාත්‍යන්තර ක්‍රීඩකයින් විසින් තහනම් ශරීර උත්තේජන හා විනෝදායන මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිපත්තියක පිහිටා සිටින බැවින්.

පාකිස්තානයේ T20 සංචිතයේ ස්ථිර ක්‍රීඩකයෙකු වන නවාස්ගෙන් PCB නිලධාරීන් ද ප්‍රශ්න කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ තහනම් ශරීර උත්තේජන භාවිතයේ වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීම වාර්තා වුනේ වේග පන්දු යවන්නන් වන මොහමඩ් අසි‌ෆ් හා ෂොයිබ් අක්තාර් තහනම් ද්‍රව්‍යක් භාවිතා කළ බවට 2006 වසරේදී ඔප්පු වී ඉන්දියාවේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඔවුන් ඉවත් කළ අවස්ථාවේ. මේ වේග පන්දු යවන්නන් දෙදෙනා ට ම තරග තහනමක් මුලින් පනවනු ලැබුවත් ඔවුන්ගේ අභියාචන ඇසූ සමාලෝචන කමිටුවක් එම දඬුවම ඒ වසරේ ම දෙසැම්බර් මාසයේ ඉවත් කිරීමට කටයුතු කළා.

තහනම් ශරීර උත්තේජන භාවිතය සම්බන්ධයෙන් පනවා තිබෙන නීති උල්ලංඝනය කර දඬුවම් ලැබූ පාකිස්තාන ක්‍රීඩකයින් අතරේ දඟ පන්දු යවන්නන් වන රාසා හසන් හා යසිර් ෂා ද, පිතිකරු අහමඩ් ශෙසාඩ් ද සිටින අතර මේ සියලු දෙනාම පරීක්ෂණවලින් අසමත් වීමෙන් පසුව තරග තහනම් විඳ තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...