The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා ක්‍රීඩකයෙකුට අමතර ආරක්ෂාවක් දීලා

T

The Leader Desk

April 25, 2026 • 9:06 AM

2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා ක්‍රීඩකයෙකුට අමතර ආරක්ෂාවක් දීලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි 20 ලෝක කුසලාන කැනඩා සංචිතයේ ක්‍රීඩකයෙකුට තරගාවලිය අතරතුර අමතර ආරක්ෂාවක් ලබා දී තිබූ බවට වාර්තා වනවා. නම එළිදරව් කර නැති මේ ක්‍රීඩකයා තමාට “පරෙස්සම් රහිත බවක්” දැනුනු බව කියා ඇතැයි පැවසෙනවා.
  • මේ අලුත්ම තත්ත්වය මතුවන්නේ කැනඩාව හා නවසිලන්තය අතර චෙන්නායි හි පැවති T20 ලෝක කුසලාන තරගය පාවා දුන් බවට චෝදනා කරමින් කැනේඩියානු විකාශන සංස්ථාව (CBC) වාර්තා වැඩසටහනක් විකාශය කර දින කිහිපයකට පසුව.
  • එම තරගයේ විශේෂිත අවස්ථාවක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පරීක්ෂණයක් පවත්වන්නේ නවසිලන්තය ඉලක්කය හඹා යමින් සිටි පස් වැනි ඔ්වරයේ පන්දු යැවීමට ඉදිරිපත් වෙමින් කැනඩා විස්සයි20 නායක ඩිල්ප්‍රිට් බජ්වා ලකුණු 15ක් ලබා දීම කේන්ද්‍ර කරගෙනයි.
  • අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් කැනඩා ක්‍රිකට් ආයතනයට රිංගා ගෙන ඇතැයි ද ‘දූෂණය, අපරාධය සහ ක්‍රිකට්’ යනුවෙන් නම් කර ඇති එම වැඩසටහනෙන් චෝදනා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවති තරගාවලිය අවසානයේ යළි සියරට පැමිණීමෙන් පසුව මේ ක්‍රීඩකයා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීමට අකැමැති වූ බව කැනඩාවේ Toronto Sun නමැති දිනපතා පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ අලුත්ම තත්ත්වය මතුවන්නේ කැනඩාව හා නවසිලන්තය අතර චෙන්නායි හි පැවති T20 ලෝක කුසලාන තරගය පාවා දුන් බවට චෝදනා කරමින් කැනේඩියානු විකාශන සංස්ථාව (CBC) වාර්තා වැඩසටහනක් විකාශය කර දින කිහිපයකට පසුව.

dilpreet bajwa

එම තරගයේ විශේෂිත අවස්ථාවක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පරීක්ෂණයක් පවත්වන්නේ නවසිලන්තය ඉලක්කය හඹා යමින් සිටි පස් වැනි ඔ්වරයේ පන්දු යැවීමට ඉදිරිපත් වෙමින් කැනඩා විස්සයි20 නායක ඩිල්ප්‍රිට් බජ්වා ලකුණු 15ක් ලබා දීම කේන්ද්‍ර කරගෙනයි. නීතිවිරෝධී පන්දුවකින් (නෝ-බෝල්) ඇරඹුනු එම ඔ්වරයේ පා පෙදෙසින් යැවුනු තවත් පන්දුවකින් වයිඩ් ලකුණු දෙකක් ද වාර්තා වී තිබුණා.

අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් කැනඩා ක්‍රිකට් ආයතනයට රිංගා ගෙන ඇතැයි ද ‘දූෂණය, අපරාධය සහ ක්‍රිකට්’ යනුවෙන් නම් කර ඇති එම වැඩසටහනෙන් චෝදනා කර තිබෙනවා. එක්තරා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමට තෝරා ගැනීම සඳහා සහාය ලබා නොදුන්නොත් දරුණු විපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තර්ජනය කර ඇති බව ද එම වැඩසටහන අනාවරණය කර තිබෙනවා.

නිකොලස් කර්ටන් කැනඩා නායකත්වයෙන් ඉවත් කර ඩිල්ප්‍රීට් බජ්වා නව නායකයා ලෙස පත් කළේ කැනඩා කණ්ඩායම 2026 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා රටින් පිටව යාමට ඉතාම ආසන්නව තිබියදී බව ද වාර්තා වී තිබෙනවා.

Arvinder Singh Khosa.jpg

කැනඩා ක්‍රිකට් සභාපති අර්වින්දර් ඛෝසා, බජ්වාගේ පත්වීම පිටුපස සිටින බවට එම වාර්තා සටහනෙන් අඟවා ඇතත් ඛෝසා එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.


“වාර්තා වැඩසටහන බජ්වාගේ උසස් වීමට මාව සම්බන්ධ කළා කියා මට අදහා ගන්න බැහැ. ඒ වන විට මම කැනඩා ක්‍රිකට් ආයතනයේ හිටියේත් නැහැ. ඒ නිසා මේ කාරණයට සම්බන්ධ වෙන්න මට හැකියාවක් තිබුනේ නැහැ” යනුවෙන් ඛෝසා පැවසූ බව කැනඩා පුවත්පත වාර්තා කර තිබෙනවා.


ICCයේ දූෂණ විරෝධී අංශය බජ්වාගෙන් ද ප්‍රශ්න කර ඇතැයි වාර්තා වනවා. මේ ප්‍රශ්න කිරීම හේතුවෙන් ඔහුට නවසිලන්තය සමග තරගයෙන් පසුව පැවති කණ්ඩායමේ රැස්වීමට පවා සහභාගි වීමට නොහැකි වූ බව පැවසෙනවා.

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩාව ඔවුන්ගේ කිසිම මූලික වට තරගයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළේ නැහැ. කෙසේ වෙතත්, එම තරගාවලියට සූදානම් වීමක් ලෙස තරගාවලිය‌ ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි කැනඩා කණ්ඩායම එහිදී පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කළා. මීට අමතරව ඔවුන් ඔ්මානය සමග පුහුණු තරගයකට ද ශ්‍රී ලංකාවේදී සහභාගි වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com



සබැඳි පුවත් :

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා?
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා ක්‍රීඩකයෙකුට අමතර ආරක්ෂාවක් දීලා | The Leader