The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අලුත් මුහුණු රැසක් සමඟින් චමරි 2026 T20 ලෝක කුසලාන මෙහෙයුම අරඹයි

T

The Leader Desk

May 30, 2026 • 12:41 PM

   අලුත් මුහුණු රැසක් සමඟින් චමරි 2026 T20 ලෝක කුසලාන මෙහෙයුම අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට පෙර පැවති සියලුම කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන් නවය ට ම ක්‍රීඩා කළ චමරි අතපත්තු 2026 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
  • මීට දෙවසරකට ඉහත පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායමට සාපේක්ෂව මෙවර කණ්ඩායමේ අලුත් මුහුණු ගණනාවක් දක්නට ලැබෙනවා.
  • ඉමේෂා දුලානි, හන්සිමා කරුණාරත්න, කෞශිනි නුත්‍යාන්ගනා, සුගන්දිකා දසනායක, නිමාෂා මදුශානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා සහ මිතාලි අයෝධ්‍යා යන ක්‍රීඩිකාවන්ට  මේ තරගාවලිය ඔවුන්‌ගේ මංගල කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය වී තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තය හා වේල්සයේ පැවැත්වෙන තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනාගේ ශ්‍රී ලංකා සංචිතය තරුණ හා පළපුරුදු ක්‍රීඩිකාවන්ගේ සංයෝගයක් වී තිබෙනවා.

මීට දෙවසරකට ඉහත පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායමට සාපේක්ෂව මෙවර කණ්ඩායමේ අලුත් මුහුණු ගණනාවක් දක්නට ලැබෙනවා.

ඉමේෂා දුලානි, හන්සිමා කරුණාරත්න, කෞශිනි නුත්‍යාන්ගනා, සුගන්දිකා දසනායක, නිමාෂා මදුශානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා සහ මිතාලි අයෝධ්‍යා යන ක්‍රීඩිකාවන්ට  මේ තරගාවලිය ඔවුන්‌ගේ මංගල කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය වී තිබෙනවා.

කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් ද අඩුවක් නැත්තේ අතපත්තු ට අමතරව හසිනි පෙරේරා, හාශිතා සමරවික්‍රම හා නිලක්ශිකා සිල්වා වැනි ක්‍රීඩිකාවන් ද එක්ව සිටින බැවින්.

සත්කාරක එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා වර්තමාන ශූරියන් වන නවසිලන්තය සමග තරගාවලියේ 2 කොටසට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකාව ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරන්නේ එංගලන්තය සමග ජූනි 12 වැනිදා එජ්බැස්ටන් හි පැවැත්වෙන මෙවර තරගාවලියේ සමාරම්භක තරගයෙන්.

කාන්තා T20WC 2026 ශ්‍රී ලංකා පිලේ තරග සටහන

*එංගලන්තය සමග ජූනි 12 - එජ්බැස්ටන් (බර්මිංහැම් නගරය)
*නවසිලන්තය සමග ජූනි 16 - හැම්ෂ බෝල් (සවුත්හැම්ප්ටන්)
*බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ජූනි 21 - බ්‍රිස්ටල් කවුන්ටි ක්‍රීඩාංගණය (බ්‍රිස්ටල්)
*අයර්ලන්තය සමග ජූනි 23 - බ්‍රිස්ටල් කවුන්ටි (බ්‍රිස්ටල්)
*ස්කොට්ලන්තය සමග ජූනි 26 - ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් (මැන්චෙස්ට)


ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හාශිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවීශා ඩිල්හාරි, හන්සිමා කරුණාරත්න, කෞශිනි නුත්‍යාන්ගනා, සුගන්දිකා දසනායක, නිමාෂා මදුශානි, ශාෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා, මිතාලි අයෝධ්‍යා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...