The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20

T

The Leader Desk

October 20, 2025 • 2:58 PM

2026 T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට
  • කණ්ඩායම් 20කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් ස්ථාන තුන පසුගිය සතියේ ස්ථිර වූයේ නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ඔවුන්ගේ ස්ථාන ආසියා/නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියන් ඔස්සේ තහවුරු කර ගනිමින්.
  • නේපාලය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පිට පිට දෙවැනි අවස්ථාව හා සමස්ත වශයෙන් තෙවැනි අවස්ථාවයි මේ.
  • ඕමානය සිවු වැනි වරටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙවැනි වතාවට හා 2022 වසරෙන් පසුව පළමු වරටත් සුදුසුකම් ලබා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20 දැන් ස්ථිර කරගෙන තිබෙනවා.

කණ්ඩායම් 20කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් ස්ථාන තුන පසුගිය සතියේ ස්ථිර වූයේ නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ඔවුන්ගේ ස්ථාන ආසියා/නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියන් ඔස්සේ තහවුරු කර ගනිමින්.

නේපාලය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පිට පිට දෙවැනි අවස්ථාව හා සමස්ත වශයෙන් තෙවැනි අවස්ථාවයි මේ. ඕමානය සිවු වැනි වරටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙවැනි වතාවට හා 2022 වසරෙන් පසුව පළමු වරටත් සුදුසුකම් ලබා සිටිනවා.

fger4534
2026 වසර මුල් කාලයේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා යුරෝපීය කණ්ඩායම වන ඉතාලිය මංගල වතාවට පෙනී සිටින්නේ ඔවුන් නෙදර්ලන්තය සමග යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරග වටය හරහා ඉදිරියට පැමිණෙමින්.

මෙවර තරගාවලිය ද පැවැත්වෙනු ඇත්තේ පසුගිය 2024 තරගාවලියේ සැකැසුම ට ම අනුව කණ්ඩායම් 20 කණ්ඩායම් පහ බැගින් කොටස් හතරකට බෙදෙමින්. අනතුරුව ඒ ඒ කොටසින් ඉහළ ට ම පිවිසෙන කණ්ඩායම් දෙක ‘සුපිරි අට’ වටයේදී  කණ්ඩායම් හතර බැගින් කොටස් දෙකකට බෙදී තරග වැදීමටයි නියමිත.

ඉන්පසුව ඒ ඒ කොටස්වල පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පිළිමළුන් පිටු දැකීමේ අවසන් පූර්ව අදියරට පිවිසෙනවා.

2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් විස්ස:

ඉන්දියාව හා ශ්‍රී ලංකාව (සත්කාරක රටවල්), ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, නවසිලන්තය, පාකිස්තානය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමිබියාව, සිම්බාබ්වේ, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...