The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව හා පාකිස්තානයේ තරග ටිකට් දෙපිලේ නායකයින්ට පිරිනමයි

T

The Leader Desk

January 8, 2026 • 9:20 AM

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව හා පාකිස්තානයේ තරග ටිකට් දෙපිලේ නායකයින්ට පිරිනමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස මුල ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය සහභාගි වන තරග සඳහා ප්‍රවේශ පත් එම කණ්ඩායම්වල නායකයන්ට නිල වශයෙන් පිරිනැමීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.
  •   පෙබරවාරි 7 වැනිදා කොළඹ එස්.එස්.සී.
  •   ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන්නේ අයර්ලන්තය ට එරෙහිවයි.
  • පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම තරගයේ ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලබා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ඊයේ පළමු තරගය ආරම්භ වීමට පෙර දෙපිලේ නායකයින් මේ ප්‍රවේශ පත් ලබා ගත්තේ ජාත්‍යන්තර තරග විස්තර නිවේදකයන් වන රසල් ආනොල්ඩ් සහ ආමීර් සොහේල් අතින්.

 

Match Ticket Handover to the Captains

පෙබරවාරි 7 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ ආරම්භක තරගය සඳහා වන ප්‍රවේශ පත්‍රය පාකිස්තාන නායක සල්මාන් අඝා ලබා ගත්තා.

 

Match Ticket Handover to the Captains 1

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන්නේ අයර්ලන්තය ට එරෙහිවයි. පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම තරගයේ ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලබා ගත්තා.

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරග ප්‍රවේශ පත් Tickets.CricketWorldCup.com ඔස්සේ මාර්ගගතව ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.

 

cricket

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...