ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට ඉඩ සලසන මෙන් නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා. මේ අනුව ඔවුන් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමේ අවදානමට ලක්ව සිටිනවා.
මේ තීරණය නිවේදනය කර තිබෙන්නේ බංග්ලාදේශයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම්, ප්‍රධාන විධායක නිලධාරී නිසාමුඩීන් සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අතර අද ධකා නුවර පැවති රැස්වීමකින් පසුව බව සඳහන් වනවා.
මේ සාකච්ඡාවට සහභාගි වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ෂමිම් හොසේන්, හසන් මහමුඩ්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, ජකර් අලි, ටන්සිඩ් හසන් හා සයිෆ් හසන් සිටි බව පැවසෙනවා.
ආරක්ෂක හේතුන් මත බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීම බංග්ලාදේශ රජය විසින් ගනු ලැබූ තීරණයක් බව අසිෆ් නස්රුල් අවධාරණය කර තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




