ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගිය ලෝක කුසලානය එතැන් සිට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙන ආවේ එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ජාත්‍යන්තර එක්දින තරගය ආරම්භ වීමට පෙර. කුසලානය රැගත් ගුවන් හමුදා භටයින් අඩි 7000ක් උස ගුවනේ සිට පැරෂුට්වලින් ක්‍රීඩාංගණ පිටියට ගොඩබැස්සේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ.
එංගලන්ත ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් අද තරගය නැරඹීම පිණිස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටීම විශේෂත්වයක්.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




