The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානය: බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය එයි

T

The Leader Desk

January 25, 2026 • 2:35 PM

2026 T20 ලෝක කුසලානය: බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.
  • “2026 T20 ලෝක කුසලානයේ තරග සටහනට අනුව ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට BCBය එකඟ වෙන්නේ නැහැ.
  • ඒ නිසා අපි අපේ තීරණයේ ඉදිරියට යමින් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කර ගන්නවා” යනුවෙන් ICCය ප්‍රකාශ කළා.
  • විශ්වාස කළ හැකි හෝ සත්‍යතාව ඔප්පු කළ හැකි ආරක්ෂක තර්ජනයක් ඉන්දියාවේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට, නිලධාරීන්ට හෝ ක්‍රීඩා ලෝලීන්ට නැති බවට ICCය සිදුකළ තක්සේරුවකදී පෙනී‌ ගොස් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ICCය ඊයේ මේ තීරණයට එලඹියේ ආරක්ෂක හේතුන් මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව ට යැවීම ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමග සති තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ සාකච්ඡාවලින් පසුව.

“2026 T20 ලෝක කුසලානයේ තරග සටහනට අනුව ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට BCBය එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ තීරණයේ ඉදිරියට යමින් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කර ගන්නවා” යනුවෙන් ICCය ප්‍රකාශ කළා.

විශ්වාස කළ හැකි හෝ සත්‍යතාව ඔප්පු කළ හැකි ආරක්ෂක තර්ජනයක් ඉන්දියාවේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට, නිලධාරීන්ට හෝ ක්‍රීඩා ලෝලීන්ට නැති බවට ICCය සිදුකළ තක්සේරුවකදී පෙනී‌ ගොස් තිබෙනවා. මේ සොයාගැනීම් හමුවේ දැනට තිබෙන තරග සටහන සංශෝධනය කිරීම කාලෝචිත නොවන බවට ICCය තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියට නියමිත පරිදි සහභාගි වනවා ද යන්න තීරණය කිරීම පිණිස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට පැය 24ක අවසාන කාලයක් බදාදා ලබා දී තිබුණා. එම කාලය තුළ ඔවුන්ගෙන් ස්ථිර කිරීමක් නොලැබුණු නිසා ඊළඟට සුදුසුකම් තිබෙන කණ්ඩායම හඳුනා ගැනීමේ ක්‍රමවේදයට අනුව ක්‍රියා කිරීමට තීරණය කළ බව ICCය ප්‍රකාශ කළා.

ලබන මස ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිරීමට ලැබුනු මේ අනපේක්ෂිත අවස්ථාව ස්කොට්ලන්තය බාර ගත්තේ ඉතාමත් සතුටින්. “මෙය, මිලියන ගණන් ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ගෝලීය වේදිකාවේ තරග කිරීමට ස්කොට්ලන්යේ ක්‍රීඩකයන්ට ලැබුනු ප්‍රබෝධමත් අවස්ථාවක්” යනුවෙන් ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. “මේ අවස්ථාව උදාවී තිබෙන්නේ අභියෝගාත්මක හා අද්විතීය තත්ත්වයකින් බව අපි පිළිගන්නවා.”

“ළඟ එන තරගමාලාවන් වෙනුවෙන් අපේ සංචිතය පුහුණු වෙමින් සිටියා. අපි දැන් සූදානම් වෙන්නේ ඉන්දියාවේ දේශගුණයට හුරුවෙන්න ළඟදීම ඒ රටට යන්නයි.”


එංගලන්තය, ඉතාලිය, නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග ලෝක කුසලාන තරගාවලියේ ‘සී’ කොටසට ඇතුළත්ව සිටි බංග්ලාදේශය ඔවුන්ගේ පළමු තරග තුන කොල්කටා නගරයේත්, සිවු වැනි තරගය මුම්බායි නගරයේත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර දැන්  එම තරග ක්‍රීඩා කරනු ඇත්තේ ස්කොට්ලන්තයයි.
 
බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමේ ICC තීරණය අවසානයේදී පැමිණියේ බදාදා පැවති හදිසි වීඩියෝ රැස්වීමකින් පසුව. එහිදී, බංග්ලාදේශය ඔවුන්ගේ තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට දිගටම අවධාරණය කරමින් ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට එකඟ නොවී සිටියහොත් ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් වැඩි දෙනෙකුගේ ඡන්දය ලැබී තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...