The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්: 2026 T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට පිවිසි පළමු කණ්ඩායම

T

The Leader Desk

February 15, 2026 • 3:33 PM

බටහිර ඉන්දීය කොදෙව්: 2026 T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට පිවිසි පළමු කණ්ඩායම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව්
  • ජේසන් හෝල්ඩර්ගේ කැපී පෙනුනු කඩුලු හතරක පන්දු යැවීම මත නේපාලය 133/8කට සීමා කළ කොදෙව්වන් අනතුරුව නායක ෂායි හෝප්ගේ නොදැවුනු අර්ධ ශතකයේ ආධාරයෙන් ඉලක්කය හඹා ගියා.
  • ජේසන් හෝල්ඩර් පන්දු ප්‍රහාරයට පැමිණෙමින් මාරුවෙන් මාරුවට යැවූ ඕවරවලින් ආසිෆ් ෂෙයික් ලකුණු 11කට සහ ආරිෆ් ෂෙයික් ලකුණු 2කට දවාලුවා.
  • ඊට පෙර ලොකේෂ් බාම් පන්දු 15කින් ලකුණු 13ක් රැස් කරගෙන ෂමාර් ජෝසප්ගේ පන්දුවට දැවී ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිල පත්වුණා. ඔවුන් මෙසේ සුදුසුකම් ලැබුවේ වන්ඛඩේ ක්‍රීඩාංගණයේදී නේපාලය තරගාවලියෙන් ඉවතට විසි කරමින්.

ජේසන් හෝල්ඩර්ගේ කැපී පෙනුනු කඩුලු හතරක පන්දු යැවීම මත නේපාලය 133/8කට සීමා කළ කොදෙව්වන් අනතුරුව නායක ෂායි හෝප්ගේ නොදැවුනු අර්ධ ශතකයේ ආධාරයෙන් ඉලක්කය හඹා ගියා.

කාසියේ වාසිය දිනා ගෙන නේපාලය ට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කළ බටහිර ඉන්දීය කොදෙව් පිල කළින් ම සතුටක් ලැබුවේ අකීල් හොසේන් විසින් කුෂල් භර්ටල් ලකුණු දෙකකට දිනයේ පළමු ඕවරයේදීම දවාලූ මොහොතේ. නායක රෝහිත් පවුඩල් ද ඔහුගේ කණ්ඩායම් සගයා පසුපස ගියේ ඔහු මැතිව් ෆෝඩ්ගේ පන්දුවට ලකුණු පහකට දැවී යාම නිසා.

ජේසන් හෝල්ඩර් පන්දු ප්‍රහාරයට පැමිණෙමින් මාරුවෙන් මාරුවට යැවූ ඕවරවලින් ආසිෆ් ෂෙයික් ලකුණු 11කට සහ ආරිෆ් ෂෙයික් ලකුණු 2කට දවාලුවා. ඊට පෙර ලොකේෂ් බාම් පන්දු 15කින් ලකුණු 13ක් රැස් කරගෙන ෂමාර් ජෝසප්ගේ පන්දුවට දැවී ගියා.

දිපෙන්දර සිං ඉවසිලිවන්ත පිතිකරණයක යෙදෙමින් නේපාලය ලජ්ජාවෙන් බේරාගැනීමට උත්සාහ කළ අතර ඔහුට ගුල්ෂාන් ජාගේ සහයෝගය ලැබුණා. එහෙත් එය පැවතුනේ ජා ලකුණු 11කට රොස්ටන් චේස් ට ගොදුරු වනතෙක් පමණයි.

අයිරී ට සහාය පිණිස පැමිණි සොම්පාල් කමි, හෝල්ඩර් විසින් ආපසු හරවා යැවීමට පෙර පන්දු 47කින් ලකුණු 58ක් රැස් කළා. කොදෙව් වේග පන්දු යවන්නා ඉනිමේ අවසන් පන්දුවෙන් කාරන් කේ.සී. දවාලමින් ඔහුගේ කඩුලු හතර සම්පූර්ණ කළ අතර නේපාලය ලකුණු 133කට දැවී ගියා.

කොදෙව්වන් ඉලක්කය හඹා යාම ඇරඹුවේ හෝප් සහ බ්‍රැන්ඩන් කිංගෙන්. මේ දෙදෙන සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කළ අතර පන්දු 17කින් ලකුණු 22ක් ලබාගෙන සිටි කිං,  නන්ධ යාදව් විසින් දවාලීමත් සමග එම සබඳතාව අවසන් වුණා.

ෂිම්රොන් හෙට්මයර් කඩුල්ලට පිවිස දක්ෂ ලෙස තම නායකයාට සහාය වෙමින් පන්දු 32කින් නොදැවී ලකුණු 46ක් රැස් කරද්දී හෝප් පන්දු 44කින් නොදැවී ලකුණු 61ක් වාර්තා කරමින් කොදෙව් පිල කඩුලු 9ක ජයග්‍රහණයක් කරා ගෙන ගියා. ඕවර 15.2ක් ඇතුළත කොදෙව්වන් ඉලක්කය හඹා ගියා.

මේ ජයග්‍රහණත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිල ‘Super 8’ වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කරගත් අතර තරග තුනක් ම පරාජය වූ නේපාලය තරගාවලියෙන් ඉවතට විසිවුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...