The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට ICCයෙන් ඩොලර් 8,764,615ක වාර්තාගත තෑගි මල්ලක්

T

The Leader Desk

April 16, 2026 • 8:03 AM

2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට ICCයෙන් ඩොලර් 8,764,615ක වාර්තාගත තෑගි මල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තය හා වේල්සයේ පැවැත්වීමට නියමිත 2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් වාර්තාගත ත්‍යාග මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිවේදනය කර තිබෙනවා.
  • මේ මුදල 2024 තරගාවලියේ තරග කළ රටවල් 10 අතරේ බෙදා ගත් ඩොලර් 7,958,077 සල්ලි මල්ල අභිභවා යන්නේ ‌මේ තරගාවලිය එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 12ක් දක්වා ප්‍රසාරණය වීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක.
  •   ජයග්‍රාහිකාවන්ට ඩොලර් 2,340,000ක් හිමි වන අතර අනුශූරියන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 1,170,000ක්.
  • අවසන් පූර්ව වටයේ පරාජිතයින් දෙදෙනා ම ඩොලර් 675,000ක් බැගින් උපයනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමස්ත ත්‍යාග සංචිතය අමෙරිකානු ඩොලර් 8,764,615 දක්වා වැඩිකර තිබෙන අතර මෙය 2024 තරගාවලියෙන් සියයට 10ක වැඩිවීමක්. මේ මුදල 2024 තරගාවලියේ තරග කළ රටවල් 10 අතරේ බෙදා ගත් ඩොලර් 7,958,077 සල්ලි මල්ල අභිභවා යන්නේ ‌මේ තරගාවලිය එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 12ක් දක්වා ප්‍රසාරණය වීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක.

c5y45y4b55tf

 

ජයග්‍රාහිකාවන්ට ඩොලර් 2,340,000ක් හිමි වන අතර අනුශූරියන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 1,170,000ක්. අවසන් පූර්ව වටයේ පරාජිතයින් දෙදෙනා ම ඩොලර් 675,000ක් බැගින් උපයනවා. මූලික වටයේ සෑම ජයග්‍රහණයක් වෙනුවෙන් කණ්ඩායම්වලට ඩොලර් 31,154ක මුදලක් ලැබෙනවා. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 12 ට ම අවම වශයෙන් ඩොලර් 247,500ක ත්‍යාග මුදල් මල්ලක් සහතික කර තිබෙනවා.

තරගාවලියට පෙර යුරෝපය හරහා ගෙන යන ලෝක කුසලානයේ සංචාරය අප්‍රේල් 13 වැනිදා ලන්ඩනයෙන් ආරම්භ වුනේ අවසාන තරගය පැවැත්වෙන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණ චතුරස්‍රය මැද එය ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි.

ne5767unu

 

එතැන් සිට එම කුසලානය තරගාවලියට සුදුසුකම් ලැබූ යුරෝපීය සාමාජික රටවල් වන නෙදර්ලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය හරහා රැගෙන ගොස් ඉන්පසුව තරගාවලියේ එංගලන්ත සත්කාරක නගරවල සංචාරයක යෙදීමට නියමිතයි.

මේ ප්‍රදර්ශනාත්මක ගමනේදී ලීඩ්ස්, මැන්චෙස්ටර්, බර්මිංහැම්, බ්‍රිස්ටල්, සවුත්හැම්ප්ටන් සහ ලන්ඩනයේ ට්‍රෆල්ගා චතුරස්‍රයේදී ක්‍රිකට් ලෝලීන්ට කුසලානය දැක බලා ගැනීමට අවස්ථාව යොදා තිබෙනවා.

2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ජූනි 12 වැනිදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන්නේ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයෙන්.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...