The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 WC: දකුණු අප්‍රිකාව නිරායාසයෙන් ‘සුපිරි අට’ වටයට

T

The Leader Desk

February 16, 2026 • 3:39 PM

2026 T20 WC: දකුණු අප්‍රිකාව නිරායාසයෙන් ‘සුපිරි අට’ වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාව ක්‍රීඩා නොකර ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට අද (16) පිවිසියා.
  • 2024 තරගාවලියේ අවසන් තරගයට පිවිසි දකුණු අප්‍රිකාව 2026 තරගාවලියේ ‘Super 8’ වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායමයි.
  • නමුත් ඔවුන්ගේ සියලු උත්සාහයන්ගෙන් ඵලක් නොවීමට ඉඩ ඇති අවස්ථාවක් තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com      
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ‘ඩී’ කොටසෙන් ඊළඟ වටයට සුදුසුකම් ලැබීම තහවුරු වීම මීට හේතුවයි.

2024 තරගාවලියේ අවසන් තරගයට පිවිසි දකුණු අප්‍රිකාව 2026 තරගාවලියේ ‘Super 8’ වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායමයි. මීට පෙර, පළමුව බටහිර ඉන්දීය කොදෙව් පිලත්, දෙවැනුව සම සත්කාරක ඉන්දියාවත් ‘සුපිරි අට’ වටයට පිවිසියා.

‘ඩී’ කොටසේ මූලික වටයේ තවත් තරග තුනක් පමණක් ඉතිරිව තිබියදී, කැනඩාව තරග දෙකකින් කිසිම ලකුණක් ලබා ගෙන නැති බැවින් ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිවනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇෆ්ගනිස්තානය ලකුණු දෙක බැගින් ලබා ගෙන සිටින අතර ඔවුන් වෙන් කර තිබෙන්නේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් (NRR) පමණයි. නමුත් ඔවුන්ගේ සියලු උත්සාහයන්ගෙන් ඵලක් නොවීමට ඉඩ ඇති අවස්ථාවක් තිබෙනවා. ඒ, නවසිලන්තය විසින් කැනඩාව පරාජය කිරීමයි.

නවසිලන්තය හෙට (අඟහරුවාදා) චෙන්නායි හිදී කැනඩාව පරාජය කළහොත් ඔවුන් ‘සුපිරි අට’ වටයට පිවිසෙන අතර ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට යනවා.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ පළමු තරග තුනෙන් ලකුණු හයක් ලබා ගෙන සිටිනවා. නවසිලන්තය තරග තුනකින් පසුව ලකුණු හතරක් සමග ‘ඩී’ කොටසේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...