The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක 203 සිට අංක 200ට උසස් වීමක්

T

The Leader Desk

November 20, 2024 • 11:40 AM

ශ්‍රී ලංකාවට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක 203 සිට අංක 200ට උසස් වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මෙසේ උසස් වීමක් ලැබුවේ ජගත් පාපන්දු සම්මේලනයේ - FIFA - ජාත්‍යන්තර මිත්‍ර තරගමාලාව යටතේ යේමනය ට එරෙහිව පැවති තරග දෙකකින් සමන්විත තරගමාලාව අවසානයේ.
  • කටාර් දේශයේ පැවති මේ තරගමාලාවේදී ශ්‍රී ලංකාව එක් තරගයක් ද, යේමනය එක් තරගයක් ද ජයග්‍රහණය කළ අතර තමන්ට වඩා ඉහළින් ශ්‍රේණිගතව සිටින කණ්ඩායමක් පරාජය කිරීම වෙනුවෙන් ලකුණු +3.41ක් ලබා ගැනීම මත ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක තුනක් ඉහළට පිවිසීමට සමත් වුනා.
  • මේ අනුව, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 203 වැනි ස්ථානයේ පසුවෙමින් සිට දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආපසු පැමිණෙන්නේ සාර්ථක සංචාරයක් නිමවා අංක 200 ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසුව.
  • යේමනය සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ජයග්‍රහණය කළ ද, දෙවැනි තරගයේදී අත්වූයේ ගෝල් 0-2ක පරාජයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ශ්‍රී ලංකාව මෙසේ උසස් වීමක් ලැබුවේ ජගත් පාපන්දු සම්මේලනයේ - FIFA - ජාත්‍යන්තර මිත්‍ර තරගමාලාව යටතේ යේමනය ට එරෙහිව පැවති තරග දෙකකින් සමන්විත තරගමාලාව අවසානයේ.
 
SL Football ranking
 
කටාර් දේශයේ පැවති මේ තරගමාලාවේදී ශ්‍රී ලංකාව එක් තරගයක් ද, යේමනය එක් තරගයක් ද ජයග්‍රහණය කළ අතර තමන්ට වඩා ඉහළින් ශ්‍රේණිගතව සිටින කණ්ඩායමක් පරාජය කිරීම වෙනුවෙන් ලකුණු +3.41ක් ලබා ගැනීම මත ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක තුනක් ඉහළට පිවිසීමට සමත් වුනා.
 
මේ අනුව, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 203 වැනි ස්ථානයේ පසුවෙමින් සිට දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආපසු පැමිණෙන්නේ සාර්ථක සංචාරයක් නිමවා අංක 200 ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසුව.

යේමනය සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ජයග්‍රහණය කළ ද, දෙවැනි තරගයේදී අත්වූයේ ගෝල් 0-2ක පරාජයක්. මේ නිසා තරගමාලාව 1-1ක් ලෙස සමව අවසන් වුනා.
 
 
පළමු තරගයේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 199 වැනි ස්ථානයට පිවිසියේ ශ්‍රී ලංකා පාපන්දුව මේ වසර තුළ ලොව අංක 199 ට ගෙන ඒමේ ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර්ගේ සිහිනය සැබෑ කරමින්. එහෙත් අවාසනාවට, දෙවැනි තරගයේ ලත් පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව ට අංක 200 ස්ථානයට පසුබැසීමට සිදුවුනා.
දෙවැනි තරගයේ වැඩි කාලයක් සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගෝල් ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ගිලිහී ගියා. 
 
467394890 952943093552849 5245493279490152560 n
තියුණු මුහුණුවරක් ගත් තරගයේ 34 වැනි මිනිත්තුවේදී විදෙස් ක්‍රීඩක ජැක් හින්ගර්ට් එල්ල කළ පහරින් නික්ම ගිය පන්දුව ගෝල් කණුවේ වැදී ඉවතට ගියේ ශ්‍රී ලංකාව ට ගෝලයක් ලබා ගැනීමට තිබූ අනගි අවස්ථාවක් අහිමි වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ලියොන් පෙරේරා හා ක්ලෝඩියෝ ආබාධවලට ලක්වීම හේතුවෙන් මේ තරගයට ක්‍රීඩා නොකිරීම මහත් අඩුපාඩුවක් වුනා.
 
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වර්තමානයේ ලබා ඇති දියුණුව පාපන්දු ලෝලීන් විසින් සාදරයෙන් පිළිගෙන තිබෙන අතර මෙයින් පෙනී යන්නේ මෙරට පාපන්දු පරිපාලනය ජාතික පාපන්දු කණ්ඩායමේ තත්ත්වය ඉහළ මට්ටමක ගෙන ඒම පිණිස නිවැරදි මාවතක ගමන් කරමින් සිටින බව යැයි පාපන්දු විශාරදයෝ ප්‍රකාශ කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...