The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධෛර්ය කරමින් 2034 ලෝක කුසලාන පාපන්දුවේ සත්කාරකත්වය සෞදියට

T

The Leader Desk

November 2, 2023 • 9:39 AM

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධෛර්ය කරමින් 2034 ලෝක කුසලාන පාපන්දුවේ සත්කාරකත්වය සෞදියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ලෝකයේ අලුත් ම බලවතා බවට පත්වෙමින් පොහොසත් පාපන්දු සංස්කෘතියක් ගොඩනගමින් සිටින සෞදි අරාබිය ට 2034 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ
  •   2021 වර්ෂයේදී සෞදි අරාබිය පුද්ගලයන් 69 දෙනෙක් මරුමුවට පත්කළා.
  •     අමෙරිකාවේ ජීවත් වෙමින් සිටි, සෞදි අරාබි රජය විවේචනය කළ ප්‍රසිද්ධ විවේචකයෙකු වූ ජමාල් කැෂෝගී (Jamal Khashoggi) නමැති සෞදි මාධ්‍යවේදියා 2018 වසරේදී ඝාතනය කිරීම නිසා සෞදි අරාබියේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ට බරපතළ හානියක් සිදුවුනා.
  • දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සෞදි කීර්තිය කෙලසන මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයෙන් ලෝකයාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සෞදි අරාබි රජය ක්‍රීඩාව පාවිච්චි කරන බව ට මානව අයිතීන්‌ වෙනුවෙන් පෙනී සිටින ආයතන චෝදනා කරන්නේ මෙවන් පසුබිමක.
අකුරු ප්‍රමාණය (Font Size):
සත්කාරකත්වය නිශ්චිතවම ලැබෙනු ඇත්තේ මේ තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමේ අනෙක් එක ම තරගකරුවාව සිටි ඔස්ට්‍රේලියාව එම උත්සාහය අත්හැරීම හේතුවෙන්. 

ලබන වසර පසු භාගයේ පැවැත්වෙන ජගත් පාපන්දු සම්මේලන (FIFA) කොන්ග්‍රසයේදී මේ සත්කාරකත්වය ස්ථිර වීමට නියමිතව තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ 2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලිය සහ 2029 ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිකර ගැනීමේ උත්සාහය ට බව ඔස්ට්‍රේලියානු පාපන්දු බලධාරීන් පවසනවා.
 
football 2983
 
2034 ලෝක කුසලාන පාපන්දුවේ සත්කාරකත්වය වෙනුවෙන් ආසියාවේ සහයෝගය සෞදි අරාබිය ට ලැබුනත් එය මතභේදාත්මක සත්කාරක රටක් වශයෙන් බොහෝ අය විසින් සලකනු ලැබීම නොවැළැක්විය හැකි කරුණක් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ විවේචන බොහොමයකට සෞදිය ඉලක්ක වී ඇති නිසා.
 
පසුගිය වසරේ එක් දිනයක් ඇතුළත සෞදි අරාබිය පුද්ගලයන් 81 දෙනෙකු මරා දමනු ලැබූ අතර එය ඊට පෙර අවුරුද්ද පුරා ම ඔවුන් මරමුවට පත්කළ පුද්ගල සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. යේමන් ජාතිකයන් හත් දෙනෙක් සහ සිරියානු ජාතිකයෙකුද ඇතුළත් මේ පිරිස ට මරණ දඬුවම තීන්දු කෙරුනේ සෞදියේ වැදගත් ආර්ථික ඉලක්කවලට පහර දීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් ඝාතනය කිරීම හෝ ඔවුන් ඉලක්ක කර ගැනීම, පැහැර ගැනීම, වද හිංසා පැමිණවීම, දූෂණය කිරීම සහ රටට හොරෙන් අවිආයුධ ගෙන ඒම යන චෝදනාවලට.
 
saudi beheading
 
පුද්ගලයන් වැඩි ම ප්‍රමාණයක් මරුමුවට පත් කිරීම අතින් සෞදි අරාබිය සිටින්නේ ලෝකයේ පස්වැනි ස්ථානයේ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට අනුව මේ ලැයිස්තුවේ සෞදියට ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වන්නේ චීනය, ඉරානය, ඊජිප්තුව හා ඉරාකය.
 
2021 වර්ෂයේදී සෞදි අරාබිය පුද්ගලයන් 69 දෙනෙක් මරුමුවට පත්කළා.

මෙසේ මරා දමනු ලබන බොහෝ දෙනෙකු ට සාධාරණ නඩු විභාගයක් සෞදි අරාබියේ නොලැබෙන බව මානව අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන කියා සිටියත් සෞදි රජය එය ප්‍රතික්ෂේප කරනවා. 
 
කාන්තා අයිතීන් නොසලකා හැරීම, සමලිංගිකත්වය අපරාධයක් ලෙස නම් කිරීම, කතා කිරීමේ නිදහස සීමා කිරීම සහ යේමනයේ යුද්ධය සෞදි අරාබිය ට එල්ල වී තිබෙන අනෙකුත් විවේචන වෙනවා.
 
kashogi
 
අමෙරිකාවේ ජීවත් වෙමින් සිටි, සෞදි අරාබි රජය විවේචනය කළ ප්‍රසිද්ධ විවේචකයෙකු වූ ජමාල් කැෂෝගී (Jamal Khashoggi) නමැති සෞදි මාධ්‍යවේදියා 2018 වසරේදී ඝාතනය කිරීම නිසා සෞදි අරාබියේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ට බරපතළ හානියක් සිදුවුනා. 2018 ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්ටන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය ට ඇතුළු වූ එහිදී මරා දමනු ලැබුවා. 
 
ජමාල් ට නැවත සෞදි රාජ්‍යය ට පැමිණෙන ලෙස ට බලකිරීම පිණිස රජයේ අවසරයකින් තොරව යැවුනු ‘හොර’ ඒජන්තවරුන්ගේ කණ්ඩායමක් විසින් මේ මාධ්‍යවේදියා ඝාතනය කළ බව සෞදි නිලධාරීන් ප්‍රකාශ කර සිටියත් තුර්කි නිලධාරීන් අවධාරණය කර සිටියේ මේ ඒජන්තවරු ක්‍රියා කළේ සෞදි අරාබි රජයේ ඉහළ ම තැනකින් ආ නියෝගවලට අනුව බව.
formula 1
දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සෞදි කීර්තිය කෙලසන මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයෙන් ලෝකයාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සෞදි අරාබි රජය ක්‍රීඩාව පාවිච්චි කරන බව ට මානව අයිතීන්‌ වෙනුවෙන් පෙනී සිටින ආයතන චෝදනා කරන්නේ මෙවන් පසුබිමක.
 
සෑම පුද්ගලයෙකුගේ ම මානව අයිතීන් ආරක්ෂා කරන බවටත් කම්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කරන බවටත් පැහැදිලි හා වගකියන ස්ථිර කැපවීමක් සෞදි අරාබියෙන් තහවුරු කර ගන්නා ලෙස ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු මානව අයිතීන් සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් පසුවන ලෝකයේ ආයතන කිහිපයක් ම ජගත් පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා තිබෙනවා.
 
fifa nhyt
 
මේ සම්බන්ධයෙන් වගකීමෙන් යුත් සහතිකයක් ලබා ගැනීම පිණිස FIFA ට හොඳම අවස්ථාව තිබෙන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය අතරතුර මිස සත්කාරක රට කුමක්දැයි තීරණය වී ඒ රට තරගාවලිය ට සූදානම් වීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව නොවන බව සෞදි අරාබිය ට ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වය ලැබීම පිළිබඳව දොම්නසට පත්ව සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

සමලිංගික සම්බන්ධතා පිළිබඳව තිබෙන ආකල්පය, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පෙර හා වර්තමාන වැරදි සහ සංක්‍රමික කම්කරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය ට බොහෝ විවේචන එල්ල වුනා.
 


සටහන :
බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධෛර්ය කරමින් 2034 ලෝක කුසලාන පාපන්දුවේ සත්කාරකත්වය සෞදියට | The Leader