The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

2034 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සෞදි අරාබියේ ඉදිවන නියාම් අහස් ක්‍රීඩාංගණය

T

The Leader Desk

October 29, 2025 • 11:07 AM

2034 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සෞදි අරාබියේ ඉදිවන නියාම් අහස් ක්‍රීඩාංගණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2034 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි කරගෙන සිටින සෞදි අරාබිය එහි තරග පැවැත්වීම සඳහා ‘නියාම් ක්‍රීඩාංගණය’ (NEOM Stadium) නමැති ලොව ප්‍රථම ‘අහස් ක්‍රීඩාංගණය’ (Sky Stadium) ඉදිකිරීමේ සැලසුම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
  • මේ උස ප්‍රමාණය එංගලන්තයේ උසම ගොඩනැගිල්ල වන Shard ට වඩා මීටර් 40ක් වැඩි බව පැවසෙනවා.
  • නියාම් ක්‍රීඩාංගණයේ පුද්ගලයන් 46,000කට අසුන් ගත හැකි බව වාර්තා වනවා.
  • සමාජ මාධ්‍යයේ සංසරණය වන වාර්තාවලට අනුව, මේ අහස් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කර 2032 වසර වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු ක්‍රීඩාව අලුත් උසස් තලයකට ගෙන එමින් මේ ක්‍රීඩාංගණය NEOM ‘The Line’ නමැති තවමත් ඉදිකර නැති මෙගා නගරයේ ගොඩනැගෙන්නේ බිම් මට්ටමේ සිට අඩි 1,150ක් (මීටර් 350) උසින් වන අතර එය බලගැන්වෙන්නේ සුළඟ හා සෝලා ශක්තියෙන්. මේ උස ප්‍රමාණය එංගලන්තයේ උසම ගොඩනැගිල්ල වන Shard ට වඩා මීටර් 40ක් වැඩි බව පැවසෙනවා.

නියාම් ක්‍රීඩාංගණයේ පුද්ගලයන් 46,000කට අසුන් ගත හැකි බව වාර්තා වනවා. ක්‍රීඩාංගණය වෙනුවෙන් කරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියනයක්. සමාජ මාධ්‍යයේ සංසරණය වන වාර්තාවලට අනුව, මේ අහස් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කර 2032 වසර වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මේ ක්‍රීඩාංගණය 2034 FIFA ලෝක කුසලාන තරගවලට සත්කාරකත්වය දැක්වීමට නියමිතයි. කණ්ඩායම් 48ක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම පිණිස සෞදි අරාබිය ඉදිරිපත් කළ ඉල්ලීම නිල වශයෙන් දැන් පිළිගෙන තිබෙනවා.

 

DU9uSLwt Enough About the Hype The Truth About NEOMs Sky Stadium. Can It Really Be Built 1200x900

ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසුව එය ගුවනේ සිට දිස්වන කෘතිම බුද්ධියෙන් සකස් කෙරුණු දර්ශන ඇතුළත් නිලනොවන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දර්ශන දකින බොහෝ දෙනෙක් විස්මයට පත්ව සිටින්නේ එය කළින් ප්‍රසිද්ධ කළ නියාම් ක්‍රීඩාංගණයේ සැලැස්මට වඩා හාත්පසින්ම වෙනස්ව තිබෙන බැවින්.

ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසුව නියාම් ක්‍රීඩාංගණය 2034 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ආකර්ෂණය බවට පත්වනවා පමණක්‌ නොව එය නියාම් කලාපයේ වෘත්තීය පාපන්දු සමාජයකට නිවහන ද වීමට නියමිතයි. එය අනෙකුත් ක්‍රීඩා, සංගීත ප්‍රසංග හා විවිධ ඉසව් වෙනුවෙන් බහු සේවා රංග භූමියක් ලෙස ද භාවිතා කරමින් වසර පුරාම නියාම් ක්‍රීඩාංගණය ක්‍රියාකාරීව තබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...