සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිදු ලක්විජය අවුරුදු 20න් ඉහළ මීටර් 110

කඩුලු පැනීම ඉසව්වේ මූලික වටයේදී තැබූ තත්පර 14.07ක නව තරග වාර්තාව දිනකින් පසුව ඔහු විසින් ම බිඳ දැමුවේ තත්පර 13.72ක නව දක්ෂතාවක් සටහන් කරමින්.

මලල ක්‍රීඩා දෙවැනි දිනයේදී නව යෞවන ක්‍රීඩා වාර්තා කිහිපයක් ම බිහිවුනා.

අවුරුදු 20න් ඉහළ පිරිමි උස පැනීමේ තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එස්.පී.ටී.දසුන් මීටර් 2.15ක නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. ඔහු මකා දැමුවේ 2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුනු ඩබ්ලිව්.පී.ඒ.කේ.පතිරණ තබා තිබූ මීටර් 2.12ක වාර්තාව.

අවුරුදු 20න් ඉහළ කාන්තා දුර පැනීම ඉසව්වේ ද නව තරග වාර්තාවක් බිහිවුනා. මීටර් 6.10 නව වාර්තාවේ හිමිකාරිය වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කේ.කේ.ආර්.නිශාදි. ඇය බිඳ දැමුවේ 2018 වසරේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.ඒ.පුල්වංශ ක්‍රීඩිකාව පිහිටුවා තිබූ මීටර් 5.96 වාර්තාව.

මේ අතර සහාය දිවීමේ ඉසව්වක ද නව තරග වාර්තාවක් බිහිවුනු අතර මෙහි විශේෂත්වය වූයේ එය පැවති වාර්තාව දෙවරක් අලුත් වෙමින් පිහිටුවීම. මීටර් 100x4 අවුරුදු 20න් පහළ පිරිමි තරගයේ මූලික තරගයේදී තත්පර 41.99ක නව තරග වාර්තාවක් බිහි කිරීමට අම්පාර දිස්ත්‍රික්කය මුලින් සමත් වුනා. එහෙත් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෝ තත්පර 41.38ක කාලයකින් එම වාර්තාව අලුත් කළා.

සබැඳි පුවත් :
මලල ක්‍රීඩා මූලික වටයේදීම නව තරග වාර්තා

සටහන :
නේෂන්ස් කුසලාන' නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image