leader s

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග බිමේ මූලික වටයේදී ම නව තරග වාර්තා බිහිවීම

විශේෂත්වයක්.

මීටර් 110 කඩුලු පැනීම ජාතික වාර්තාලාභී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිදු ලක්විජය එම ඉසව්වේ යෞවන ක්‍රීඩා නව වාර්තාවක් පිහිටුවීම සහ මීටර් 100 සහාය දිවීම අවුරුදු 20න් පහළ ඉසව්වේ තිබුනු  වාර්තාව දෙවරක් අලුත් වීම මලල ක්‍රීඩාවල පළමු දිනයේදී කැපී පෙණුනු සිදුවීම්.

ජනිදු තත්පර 14.07කින් මූලික වට තරගය අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවූයේ ගම්පහ කේ.බී.එච්. නිර්මාල් 2014 වසරේදී හා කොළඹ කේ.ඩබ්ලිව්.එස්.රන්දිව් 2012 වසරේදී තබා තිබූ තත්පර 14.49ක සමවාර්තාව බිඳ දමමින්.

මීටර් 100 සහාය දිවීම අවුරුදු 20න් පහළ පිරිමි පැරණි වාර්තාව අලුත් වුනේ මූලික වටයේ තරග දෙකකදී. පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින් විසින් තබා තිබූ තත්පර 42.53ක පැරණි වාර්තාව පළමුව මකා දැමුවේ තත්පර 41.99ක කාලයක් සටහන් කළ අම්පාර දිස්ත්‍රික් ක්‍රීඩකයන්. දෙවනුව, මාතර දිස්ත්‍රික් ක්‍රීඩකයින් තත්පර 41.38ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව ද අලුත් කිරීමට සමත් වුනා.

යාපනය දිස්ත්‍රික්කයේ ආර්.විනෝජන් මීටර් 1.96ක් උස පනිමින් අවුරුදු 20න් පහළ රන් පදක්කම දිනා ගැනීම හා සුසීන් ටී.කුමාර් මීටර් 14.39ක් දුරට යගුළිය දමමින් අවුරුදු 20න් ඉහළ රන් පදක්කම හිමිකර ගැනීම කැපී පෙණුනු අනෙක් සිදුවීම්.


රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්:


බදුල්ලේ එම්.ගෝබිනාදන් (අවුරුදු 20න් ඉහළ - මීටර් 10,000)
නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ ඔෂිනි කොඩිකාර (20න් පහළ දුර පැනීම)
අම්පාරේ එම්.හසන්ති (20න් ඉහළ හෙල්ල විසිකිරීම)
මොනරාගල ඩබ්ලිව්. එම්.එන්.නිදර්ශනී (20න් ඉහළ මීටර් 5000)
ගම්පහ කේ.එස්.ලක්ෂාන් (20න් ඉහළ මීටර් 800)
හම්බන්තොට බිනදි මල්ෂා (20න් පහළ මීටර් 800)
නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ පනිලු ගිරිදර (20න් පහළ මීටර් 800)
ත්‍රිකුණාමලයේ ආර්.එම්.නිෆ්රාස් (20න් ඉහළ මීටර් 800)
මහනුවර කේ.එච්.ඒ.ඩී.කෞෂල්‍යා (20න් ඉහළ මීටර් 400 කඩුලු පැනීම)
කොළඹ ජේ.වයි.ටී.දිනුෂ්කි (20න් ඉහළ උස පැනීම)
මහනුවර එච්.බී.එම්.යූ.පී.බී.හේරත් (20න් ඉහළ දුර පැනීම)
ත්‍රිකුණාමලයේ කේ.තේවාමතොම්තාන් (20න් පහළ යගුළිය දැමීම)
කළුතර වයි.ටී.හන්සනි (20න් පහළ හෙල්ල විසිකිරීම)
ගම්පහ ජයේෂි උත්තරා (20න් පහළ මීටර් 200)
පුත්තලම කවිඳු තීක්ෂණ (20න් පහළ මීටර් 200)
නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ කාවින්දි සංජනා (20න් ඉහළ මීටර් 200)
ගම්පහ එච්.ඩී.පී.ඩී.ගයාෂාන් (20න් ඉහළ මීටර් 200)

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්