මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පැවසුයේ,.දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බවයි.

අහමදාබාද්හිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම විශේෂ අනුමැතිය ලැබුණු බව ද කපුවත්ත වැඩි දුරටත් සඳහන් කළේය.


ලංකාවට 19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි


ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කර තිබේ.

අහමදාබාද්හිදී පැවති අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

කෙසේවෙතත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්